Belluna සමාගම, Granbell Hotels & Resorts ජාලයේ 20 වැනි වසර සනිටුහන් කරයි

Image 03 (LBN)

ටෝකියෝ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ජපානයේ Belluna Co. Ltd. සමාගම, සිය කලාපීය කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කරන Belluna Lanka සමාගම හරහා දකුණු ආසියාව පුරා සිය ආගන්තුක සත්කාරක සහ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ කටයුතු අඛණ්ඩව ව්‍යාප්ත කරමින් සිටියි. 2026 වසරේදී Granbell Hotels & Resorts සන්නාමයට වසර 20ක් පිරීම, Belluna සමාගමේ ජාත්‍යන්තර ආගන්තුක සත්කාරක ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, එය ජපන් සංස්කෘතික සත්කාරක මූලධර්මයන් මත පදනම් වූ ඔවුන්ගේ ජාත්‍යන්තර ව්‍යාපාරික එකතුවෙහි අඛණ්ඩ වර්ධනය මනාව පිළිබිඹු කරන්නකි.



මෙම සන්නාමය යටතේ ආරම්භ කළ ප්‍රථම හෝටලය වන කාමර 105කින් සමන්විත Shibuya Granbell Hotel ටෝකියෝ නුවරදී විවෘත වූ අතර, එය විවිධ සංචාරක ගමනාන්ත රැසක් කරා විහිදුණු වත්මන් හෝටල් ජාලයේ ශක්තිමත් පදනම බවට පත් විය. ගෙවුණු වසර කිහිපය පුරා, මිනිස් ජීවිත සාරවත් කිරීම, ආකර්ෂණීය සැලසුම්වලින් යුත් අවකාශයන් නිර්මාණය කිරීම සහ දිගුකාලීන මෙහෙයුම් ස්ථාවරත්වය යන උදාර සංකල්ප පෙරදැරිව මෙම සන්නාමය සිය ව්‍යාප්තිය තහවුරු කර ඇත. අද වන විට Belluna සමාගම ජපානය පුරා හෝටල් පරිශ්‍ර 32ක් සාර්ථකව පවත්වාගෙන යන අතර, Hokkaido කලාපය පුරා කාමර 2,600කට අධික සංඛ්‍යාවක් සමඟින් එරට විශාලතම ආගන්තුක සත්කාරක ධාරිතාවයකට හිමිකම් කියන ප්‍රධානතම සමාගමක් බවට ද පත්ව සිටියි.

Granbell Hotel Colombo සහ ගාලු පුරවරයේ පිහිටි Le Grand Galle හෝටලය හරහා Belluna සමාගම ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රය තුළ නොමැකෙන සලකුණක් සනිටුහන් කර ඇත. විශේෂයෙන්ම Granbell Hotel Colombo, ජපන් වාස්තු විද්‍යාත්මක මූලධර්මයන්ට අනුකූලව අවම අලංකරණ ශෛලියකින් යුතුව නිර්මාණය කරන ලද, ජපානයෙන් බැහැරව ලොව විවෘත වූ පළමු Granbell හෝටලය වීම සුවිශේෂී වේ. මීට අමතරව, ඉදිරියේදී ඇල්ල ප්‍රදේශයේ  ඉදිකිරීමට නියමිත නව Granbell හෝටල් ව්‍යාපෘතිය හරහා සමාගම ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තුළ සිය ආයෝජනයන් තවදුරටත් පුළුල් කරමින් සිටියි.

ශ්‍රී ලංකාව තුළ සිදුකරන මෙවැනි ආයෝජන මඟින් Belluna  සමාගම රටේ සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට අඛණ්ඩව විශාල දායකත්වයක් සපයයි. ආගන්තුක සත්කාරක, දේපළ වෙළඳාම් සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළ සංවර්ධන කටයුතු රැසක් ඔස්සේ ක්‍රියාත්මක වන මෙම සමූහ ව්‍යාපාරය, මෙරටට පැමිණෙන සංචාරකයන්ට, ප්‍රාදේශීය ප්‍රජාවන්ට මෙන්ම සමස්ත ආර්ථිකයටම වටිනාකමක් එකතු කරමින් ශ්‍රී ලංකාව සමඟ පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික ව්‍යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් කරයි.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය සැමරීම වෙනුවෙන්, Belluna සමාගම ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා විසිරී ඇති සිය හෝටල් පරිශ්‍රයන්හිදී, අමුත්තන් උදෙසා විශේෂ වැඩසටහන් මාලාවක් දියත් කිරීමට සැලසුම් කර ඇත. මෙමඟින් සුවිශේෂී ආහාර පාන අත්දැකීම්, උසස් ආගන්තුක සත්කාරයන් සහ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ පාරිභෝගිකයන් සමඟ සම්බන්ධ වීමේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවෙන අතර, එමඟින් සිය ව්‍යාපාරික සහකරුවන්, ආගන්තුකයන් සහ ප්‍රාදේශීය ප්‍රජාවන් සමඟ පවතින සබඳතා තවදුරටත් තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.

වැඩිදුර විස්තර සඳහා www.bellunalanka.lk යන නිල වෙබ් අඩවියට පිවිසිය හැකිය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව