Beliatta Exim Holdings විශිෂ්ටම නැගී එන ආහාර නිෂ්පාදකයා ලෙස BWIO සම්මාන දිනයි

MAIN IMAGE (LBN)

මෙරට ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් වන Beliatta Exim Holdings පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නැගී එන ආහාර නිෂ්පාදකයා ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization සංවිධානය කළ එම සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී පැවැත්විණි. එහිදී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ රසික පේදුරුආරච්චි මහතා වෙත සම්මානය පිරිනමන ලදී.
 



 

ශ්‍රී ලාංකික ඉවුම් පිහුම් උරුමය සුරකිමින් ලොව පුරා සිටින පාරිභෝගිකයන්ට සැබෑ ශ්‍රී ලාංකික රසයෙන් යුතු උසස් තත්ත්වයේ ආහාර පිළිගැන්වීමේ අරමුණෙන් 2017දී Beliatta Exim Holdings සමාගම අරඹන ලදී. එම සමාගම කුළුබඩු වර්ග, අච්චාරු, චට්නි, සෝයා මීට්, බෝතල් කළ සම්බෝල සහ ව්‍යාංජන වර්ග, ජෑම්, රස කැවිලි, කරවල සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු බොහෝ දෑ නිපදවයි. සෑම විටම අපනයන, නිෂ්පාදන සහ අනෙකුත් ප්‍රමිතිවලට මුල් තැන දීම තුළින් සියලුම නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ සුරක්ෂිතභාවය තහවුරු කෙරේ. එම සමාගම උසස් තත්ත්වයෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ආහාර වර්ග අපනයනය කරන සමාගමක් ලෙස ජාත්‍යන්තර වෙළෙඳපොළේද විශේෂයෙන් ජපානයේද විශාල කීර්තියක් දිනා ඇත. ඔවුන්ගේ ශාඛාවක් ජපානයේ පිහිටා තිබේ. මෙම නිෂ්පාදන Delta සන්නාමයෙන් ජපානයේ බෙදා හැරෙන අතර ජපන් ජාතිකයන්ගෙන් මෙන්ම ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඊට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. එකිනෙකට වෙනස් සංස්කෘතිවලට අයත් ප්‍රජාව ප්‍රිය කරන රස හොඳින් හඳුනා ගෙන ඇති Beliatta Exim Holdings ඉදිරියේදී දේශීය සහ විදේශීය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන ලෙස සිය නිෂ්පාදන පුළුල් කිරීමට සැළසුම් කර ඇත. පසුගිය කාලය පුරා අඛණ්ඩ වර්ධනයක් ලබා ඇති එම සමාගම වඩාත් ශක්තිමත් බෙදා හැරීමේ සහ ව්‍යාපාර සහකාර ජාලයක් නිර්මාණය කිරීම තුළින් ගෝලීය වශයෙන් සිය ව්‍යාපාර කටයුතු තව දුරටත් ව්‍යාප්ත කිරීමට වැඩි අවධානයක් යොමු කරයි. ලොව පුරා සිටින ශ්‍රී ලාංකික ආහාර ප්‍රිය කරන්නන්ට සිය නිෂ්පාදන පිරිනැමීමේ අරමුණෙන් නව ව්‍යාපාර හවුල්කාරිත්ව ඇති කර ගැනීමටද සමාගම සූදානමින් සිටී. දේශීය සහ ජාත්‍යන්තර තත්ත්ව සහතික රැසක් ලබා ඇති එම සමාගම සම්මාන රැසක්ද දිනා තිබේ.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව