Baraka 25 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේ ශාකසාර සහ ආයුර්වේද නිෂ්පාදන අංශයේ හොඳම අපනයනකරු ලෙස සම්මාන ලබයි

Image 2-min (LBN)

කළුදුරු තෙල් සහ වෙනත් ශාකසාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම පසු වන Baraka, ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය 25 වැනි වරට පැවැත්වූ ජනාධිපති අපනයන සම්මාන උළෙලේ ශාකසාර සහ ආයුර්වේද නිෂ්පාදන අංශයේ හොඳම අපනයනකරු සඳහා වන සම්මානය දිනා ගත්තේය. ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු ශාකසාර සහ ආයුර්වේද නිෂ්පාදන අපනයනය කිරීම සඳහා Baraka සතු කැපවීම පිළිබිඹු කරන මෙම ජයග්‍රහණය හිමි වූයේ Baraka නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරන Bio Extracts සමාගම සිය 30 වන සංවත්සරය සමරන මොහොතේ වීම සුවිශේෂී වේ.

 



 

1993 වසරේ දී ආරම්භ කළ Bio Extracts සමාගම මේ වන විට රටවල් 54කට වැඩි ප්‍රමාණයකට සිය නිෂ්පාදන අපනයනය කරයි. මෙම සම්මානය පිරිනැමුණේ අභියෝග ජය ගනිමින් ජාත්‍යන්තර වශයෙන් වන සාර්ථකත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා එම සමාගම දරන ප්‍රයත්නයන් අගයමිනි. ජනාධිපති අපනයන සම්මාන උළෙල, ජාතික අපනයන මණ්ඩල (NCE) සම්මාන උළෙල සහ CNCI කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල වැනි සම්මාන උළෙල ගණනාවකදී මීට පෙර ද Baraka හි විශිෂ්ටත්වය ඇගයීමට ලක්ව ඇත.

ඔවුන්ගේ නිෂ්පාදනවල මූලික අමුද්‍රව්‍ය වන කළුදුරුවල වැදගත්කම සහ ශාකසාර නිෂ්පාදන පිළිබඳව අවධාරණය කරමින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සත්තාර් කාසිම්  Bio Extracts මෙතෙක් ආ දුර පිළිබඳව සිහිපත් කරන්නේ ඉමහත් අභිමානයෙනි. නිෂ්පාදනවල ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා Baraka සතු කැපවීම ඔවුන්ගේ නිෂ්පාදන පිළිබඳව ගෝලීය වශයෙන් පාරිභෝගිකයන් තුළ විශ්වාසය තහවුරු කර ඇත.

Baraka නිෂ්පාදන සෞඛ්‍යමය වාසි ගණනාවක් සහිත කළුදුරු මූලික කරගත් ඒවා වේ. රත්මලාන ප්‍රදේශයේ පිහිටි නවීන තාක්ෂණයෙන් පිරි කර්මාන්තශාලාවකට හිමිකම් කියන Baraka සාම්ප්‍රදායික ආයුර්වේද දැනුම නවීන තාක්ෂණය සමඟ ඒකාබද්ධ කරයි.

Baraka, කර්මාන්ත 11ක් පුරා විහිදී ඇති සමාගම්වලට හිමිකම් කියන Aberdeen Holdings හි කොටසක් ලෙස ක්‍රියාත්මක වීමෙන් වාසි රැසක් ලබයි. සිය 30 වැනි සංවත්සරය සමරන මොහොතේ පලදායි ශාකසාර නිෂ්පාදන ගෝලීය වශයෙන් වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා වන දැක්ම අනුව යමින්, නව්‍යකරණය ප්‍රවර්ධනය කිරීමට සහ සිය නිෂ්පාදන වපසරිය වඩාත් පුළුල් කිරීමට කටයුතු කරන Baraka පර්යේෂණ සහ සංවර්ධන අංශයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරයි.

සාම්ප්‍රදායික ශාකසාර ප්‍රතිකාර සමකාලීන තාක්ෂණය සමඟ ඒකාබද්ධ කරන සමාගමක් ලෙස Bio Extracts ඉදිරියෙන්ම පසු වේ. මූලික අමුද්‍රව්‍යයක් ලෙස කළුදුරු භාවිත කරන Baraka නිෂ්පාදන දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචිය සහ අනුමැතිය ලබා ඇත. ඊට අමතරව එම නිෂ්පාදන GMP, HACCP, ISO 22000, ISO 14001, Fair Choice, Halal, Kosher, USDA, EU, සහ Organic JAS වැනි ප්‍රමිති සහතික ද ලබා ඇත.

දේශීය සහ ආයුර්වේද වෛද්‍ය නිෂ්පාදන සැපයුම්කරුවන් අතර ඉහළින්ම පසු වන Bio Extracts රටවල් 54කට වැඩි සංඛ්‍යාවකට සිය නිෂ්පාදන අපනයනය කරයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව