Bally’s Colombo සිය VIP අමුත්තන් සඳහා වෙන් වූ “Paiza” විවෘත කරයි

IMAGE-1 (LBN)

කොළඹ නගරය කේන්ද්‍ර කර ගත් රාත්‍රී විනෝදාස්වාදය සඳහා ලොව ප්‍රකට ආයතනයක් වන Bally’s Colombo සිය ගෞරවණීය සහ වැදගත් පාරිභෝගිකයන් (VIP) සඳහා වෙන් වූ නවතම සුඛෝපභෝගී ඒකකය වන “Paiza” පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කළේය. ‘Diamond’ සහ ‘Infinity’ යන ඛාණ්ඩ දෙකට අයත් අමුත්තන් සඳහා වෙන් වූ අති සුඛෝපභෝගී ඒකකයක් වන මෙහිදී සියලුම VIP පහසුකම් සමග අමතක නොවන කැසිනෝ අත්දැකීමක් විඳීමට හැකියාව ලැබේ. “Paiza” වෙත පැමිණෙන අමුත්තන්ට සුඛෝපභෝගී වටපිටාවක් තුළ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබේ. ‘Diamond’ සහ ‘Infinity’ ඛාණ්ඩවලට අයත් අමුත්තන්ට මෙරටට පැමිණීමට සහ නැවත යාමට ව්‍යාපාර පන්තියේ ගුවන් ප්‍රවේශ පත්‍ර, ගුවන් තොටුපොළේ සිට නවාතැන් ගන්නා හෝටලය දක්වා සුඛෝපභෝගී ප්‍රවාහන පහසුකම් සහ කොළඹ පිහිටි තරු පන්තියේ හෝටලයක සියලු පහසුකම් සහිත නවාතැන් ඇතුළු අවශ්‍ය සියලුම සේවා සහ පහසුකම් රැසක් ලැබේ. ඔවුන් සඳහාම වෙන් වූ බාර් එකක් සහ ස්ටුවඩ් සේවාවක්ද ක්‍රියාත්මක වේ. ඔවුන්ගේ සියලු අවශ්‍යතා  කිසිදු අඩුවකින් තොරව ඉහළම ප්‍රමිතියෙන් සැපිරීම Bally’s Colombo හි අරමුණ වේ.

 




 

අංක 34, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 ලිපිනයේ පිහිටි Bally’s Colombo සියලු තරු පහේ හෝටල්, සුඛෝපභෝගී අවන්හල් හා වෙළෙඳ සංකීර්ණ සහ ප්‍රකට රාත්‍රී සමාජශාලාවලට ඉතා ආසන්නයෙන් පිහිටා තිබේ. 1995 වසරේදී ආරම්භ වූ Bally’s Colombo වර්තමානයේදී අන්තර්ජාතික මට්ටමේ කැසිනෝ ශාලාවක් බවට වර්ධනය වී ඇති අතර මේ වසරේ සිය 29 වැනි සංවත්සරය සමරයි. ශ්‍රී ලාංකික සමාගමක් වන Bally’s Colombo 1,200කට ආසන්න පිරිසකට රැකියා අවස්ථා සපයමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට සුවිශාල මෙහෙවරක් සිදු කරයි. වසරක් පාසා දහස් ගණන් විදෙස් අමුත්තෝ එහි පැමිණෙති. “Bally’s Casino, It’s all about you, our guest.” යන තේමාව යටතේ Bally’s Colombo සෑම විටම අමුත්තන්ගේ අවශ්‍යතාවලට ප්‍රමුඛතාව දෙමින් කටයුතු කරයි. අවංක බව, විශ්වාසනීය බව, අමුත්තන් සහ සේවකයන් යන දෙපාර්ශ්වයටම ගරු කිරීම වැනි ගුණාංග මත පදනම් වූ Bally’s Colombo දිනෙන් දින සාර්ථකත්වය කරා ගමන් කරයි. බොලිවුඩ් තරු නිරන්තරයෙන් එහි පැමිණ විවිධ ඉදිරිපත් කිරීම් සිදු කරන අතර අමුත්තන්ට විනෝදාස්වාදය සැපයීම සඳහා Bally’s Colombo සතුව අති දක්ෂ නර්තන, ගායන සහ සංගීත ශිල්පීන් කණ්ඩායමක් සිටී.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව