
ශ්‍රී ලංකාවේ අංක 1 ළදරු සත්කාර සන්නාමය වන Baby Cheramy, මෙරට දරුවන් වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කරන ලද ප්‍රථම අධ්‍යාපනය සහ විනෝදාස්වාදය මුසු වූ අත්දැකීම වන ‘Cheramy World’ පසුගියදා එළිදක්වනු ලැබුවා. දරුවන්ගේ ක්‍රීඩා හැකියාව, කල්පනා ශක්තිය සහ ඉගෙනුම් ක්‍රියාවලිය වැඩිදියුණු කරන මෙම පියවර, සන්නාමයේ ඉදිරි ගමනේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරයි. Cheramy World හි ආරම්භයට සමගාමීව, Baby Cheramy Funtime Cologne නිෂ්පාදන එකතුව ද නව මුහුණුවරකින් වෙළෙඳපොළට හඳුන්වා දී ඇති අතර, ඒ සමඟ Lucky Ducky, Cuddly Bunny, Angel Fairy, Star Dust Unicorn සහ Magic Mist Dino යන “Funtime Buddies” චරිත සමූහය දරුවන් වෙත ගෙන එනවා.
Cheramy World යනු හුදෙක් නිෂ්පාදන නවීකරණයකට එහා ගිය, විශ්වාසනීය ළමා සත්කාරයෙන් ඔබ්බට ගොස් දරුවන්ට අර්ථවත් අත්දැකීම් තිළිණ කිරීමේ Baby Cheramy හි දැක්මෙහි ප්‍රතිඵලයකි. විනෝදාත්මක කතන්දර, නිර්මාණාත්මක ක්‍රීඩාවන් සහ අමතක නොවන අත්දැකීම් හරහා දරුවන්ට ලෝකය ගවේෂණය කිරීමට, අලුත් දේ සොයා ගැනීමට සහ වැදගත් ජීවන කුසලතා වර්ධනය කර ගැනීමට මින් අවස්ථාව හිමිවන අතර දරුවන්ගේ විවිධ වර්ධන අදියරයන්හිදී දෙමාපියන්ට ද මෙය පහසුකම් සලසනවා.
මෙම “Funtime Buddies” චරිත, Baby Cheramy හි සාම්ප්‍රදායික චරිත ලෝකය, පදනම් කරගනිමින් ළමා වර්ධනයට සහ අධ්‍යාපනය අලුත් කරමින් විශේෂයෙන් නිර්මාණය කර ඇත. මෙහි එන සෑම චරිතයකටම අනන්‍ය වූ ලක්ෂණ තිබෙනවා. එහිදී Lucky Ducky සංගීතය සහ ගායනයට දරුවන් උනන්දු කරවන අතර, Cuddly Bunny යහපත් පුරුදු සහ පිළිවෙළ අගය කිරීමට දරුවන් යොමු කරයි. Angel Fairy අකුරු සහ ඉලක්කම් ඉගෙනීම විනෝදාත්මක අත්දැකීමක් බවට පත් කරන අතර, Magic Mist Dino ක්‍රීඩාශීලිත්වය සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීමට උපකාරී වේ. එමෙන්ම Star Dust Unicorn මඟින් දරුවන්ගේ පරිකල්පන ශක්තිය සහ අලුත්දේ ගවේෂණය කිරීමේ කුසලතාව බලගන්වයි. මෙමඟින් විනෝදය සහ අධ්‍යාපනය එකට මුසු කරමින්, දරුවන් තුළ විශ්වාසය, නිර්මාණශීලිත්වය සහ කුතුහලය දිනපතා වර්ධනය කරන වෙනස් වූ පරිසරයක් Cheramy World තුළ නිර්මාණය වේ.
Cheramy World අත්දැකීම දැනට ඩිජිටල් මාධ්‍ය අන්තර්ගතයන් හරහා දරුවන්ට සමීප වන අතර, ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක වන ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ සක්‍රියකාරක පොත් හරහා ඩිජිටල්කරණයෙන් ඔබ්බට ගොස් දරුවන්ට තම ආදරණීය Funtime Buddies සමඟ සෘජුවම සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙනු ඇත.
මීට සමගාමීව, ක්‍රියාශීලී කුඩා දරුවන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන ලෙස විශේෂඥ සහතික ලත් Funtime Cologne Range ද නවීකරණය කර ඇත. මෙම නිෂ්පාදන පෙළෙහි නවතම සුවඳ පහක් ඇතුළත් කර තිබෙනවා. චර්ම රෝග පිළිබදව විද්‍යාත්මකව පරීක්ෂා කරන ලද මෙම නිෂ්පාදන International Fragrance Association – IFRA හී ප්‍රමිතීන්ට අනුකූලව නිපදවා ඇත්තේ, දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ Baby Cheramy තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කරමිනි. මීට අමතරව, මෙම නවීකරණය හරහා හඳුන්වා දුන් Baby Cheramy හි නව “Joy Booster” සංකල්පය මඟින්, සුවඳක් හරහා දරුවන්ගේ දිනපතා අත්දැකීම්වලට අමතර සතුටක් එකතු කළ හැකි බව අර්ථගන්වයි.
මෙම සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් Baby Cheramy විසින් Cheramy World එළිදැක්වීමේ විශේෂ උත්සවයක් කොළඹ හැව්ලොක් සිටි මොල් Scope Cinemas හිදී පැවැත්වූණි. එයට සමගාමීව ‘PAW Patrol: The Dino Movie’ චිත්‍රපටයේ පෞද්ගලික මංගල දර්ශනයක් පවත්වන ලදී. ලොව පුරා ළමුන්ගේ ආදරය දිනූ සිනමා නාමයක් ශ්‍රී ලංකාවේ අංක 1 ළදරු සත්කාර සන්නාමය සමඟ මෙලෙස අත්වැල් බැඳගැනීම හරහා, පැමිණ සිටි දරුවන්ට සහ දෙමාපියන්ට සුවිශේෂී අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව හිමිවුණි.
මෙහිදී දරුවන්ට PAW Patrol හි නවතම සිනමා අත්දැකීම විඳගැනීමට අවස්ථාව හිමි වූ අතර, Funtime Buddies, නවීකරණය කරන ලද Cologne Range මෙන්ම දරුවන්ට එකට එක්ව සෙල්ලම් කිරීමට, ඉගෙනීමට සහ වර්ධනය වීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීමේ Baby Cheramy හි ඉදිරි දැක්ම පිළිබඳව දෙමාපියන් හා දරුවන් දැනුවත් කිරීමට ද මෙම උත්සවය හරහා අවස්ථාව හිමිවිය.


