ATL රක්ෂණ සමාගම රක්ෂණාවරණයක් ලබා ගැනීම ඉතා පහසු කටයුත්තක් බවට පත් කරයි

Image-1

රක්ෂණාවරණයක් ලබා ගැනීම ජීවිතයේ ඉතා වැදගත් කටයුත්තක් වුවත් රක්ෂණාවරණ වර්ගය තීරණය කිරීමේදී ආකෘති පත‍්‍රවල විස්තර රැුසක් පිරවීමේ සහ අවසානයේ වාරිකය සම්බන්ධයෙන් එකඟතාවට පැමිණීම සියලූ කටයුතු සම්පූර්ණ කර ගැනීම වැනි ක‍්‍රියාවලීන්හී තිබෙන වෙහෙසකර කටයුතු නිසා රක්ෂණාවරණයක් මිල දී ගැනීමට බෝහෝදෙනා මැලි වේ.

(ATL) රක්ෂණ සමාගම මේ සියල්ල වෙනස් කර ඇත. මේ අන්දමින් ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රථම වතාවට රක්ෂණ සමාගමක් රක්ෂණාවරණයක් ලබා ගැනීම අතිශයින් ම පහසු හා සරල ක‍්‍රියාවලියක් බවට පත් කර ඇත. කලින් සාමාන්‍යයෙන් දින 10ක් පමණ ගත වූ එම ක‍්‍රියාවලිය දැන් විනාඩි කිහිපයකින් සම්පූර්ණ කර ගත හැකි ය. එය කිසිදු ලියකියවිල්ලකින් තොර ක‍්‍රියාවලියක් ද වේ. සිය All In One රක්ෂණාවරණය හඳුන්වා දීමෙන් පසුව 2019 පළමු මාස හය තුළ දී සිය රක්ෂණ සේවාවන් ප‍්‍රයෝජනයට ගැනීමෙහි විස්මිත වර්ධනයක් සිදු වූ ආකාරය ATL  සමාගම අත්දුටුවේ ය. මෙම සාර්ථකත්වයට ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ පහසුවයි. ඒ ඒ ගනුදෙනුකරුවාට ගැළපෙන පරිදි සේවාවන් සැපයීම හා ඩිජිටල්කරණය කෙරෙහි ප‍්‍රබල අවධානයක් යොමු කිරීමට පටන් ගැනීම නිසා නව සේවාලාභීන් බඳවා ගැනීමේ ක‍්‍රියාවලිය ශීඝ‍්‍රයෙන්  වර්ධනය වියx

ATL  සමාගමේ All In One රක්ෂණාවරණය ප‍්‍රධාන වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් ඉලක්ක කර ගත්තක් බව ද සඳහන් කළ යුතු ය. විවිධ ව්‍යාපාරවලට සරිලන  එක් සරල රක්ෂණ විසඳුමක් සම්පාදනය කිරීමේ පරමාර්ථය ඇතිව සැලසුම් කරන ලද එම රක්ෂණාවරණය බොහෝ ව්‍යාපාර මුහුණ දෙන ප‍්‍රධාන ගැටලූවලට වේගවත් හා කාර්යක්ෂම විසඳුමක් ලබා දෙයි.

All In One රක්ෂණාවරණය ලබා ගැනීමට අදාළ කරුණු කාරණා සම්පූර්ණයෙන් ම ඩිජිටල් මාධ්‍ය ඔස්සේ  පහසුවෙන් කරගැනීමට හැක . අලෙවි නියෝජිතයන් සිය ජංගම මෘදුකාංගයකින් රක්ෂණ පැකේජයේ විස්තර ඒ ඒ ගනුදෙනුකරුවාට ගැළපෙන පරිදි සීරුමාරු කරමින් ඒ අනුව රක්ෂණ වාරික ගණනය කිරීමේ පෙර නොවූ විරූ හැකියාවක් එම මෘදුකාංගය සතු ය. ඇත්ත වශයෙන් ම මීට පෙර අලෙවි නියෝජිතයෙකු සමග සාකච්ඡුා කිරීමේ දී සාමාන්‍යයෙන් සේවාලාභියෙකුට තමන් ලබා ගැනීමට යන රක්ෂණ පැකේජයෙහි සිදු කරන වෙනස්කම් හා විකල්ප සමස්ත වාරිකයට බලපාන ආකාරය පිළිබඳව එවේලේ ම විසදුමක් ලබා ගැනීමට නොහැකි ය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස බොහෝ විට සිදු වන්නේ රක්ෂණ පැකේජයේ විකල්ප පිළිබඳව සිතා බලන විට තම පෞද්ගලික අයවැයේ සීමාව ඉක්මවා ගිය වාරිකයක් ගෙවීමට සිදු වේ දැයි ගනුදෙනුකරුවන් අපමණ බියකින් හා දෙගිඩියාවකින් පසු වීම යි.

රක්ෂණ සැලැස්මක් තක්සේරු කිරීමට හා ඒ පිළිබඳව තීරණයක් ගැනීමට ගත වන කාලය ද බොහෝ ගනුදෙනුකරුවන්ට හිරිහැරයකි. එහි ප‍්‍රතිඵලය වන්නේ ඔවුන් තම රක්ෂණාවරණය මිල දී ගැනීමෙන් තොරව

ක‍්‍රියාවලිය නිමාවට පත් වීම යි. විකල්ප සාකච්ඡුා කර ගැනීම සඳහා, යාවත්කාලීන කරන ලද වාරිකය දැනුම් දීම සඳහා සහ තීරණය කර ගත් රක්ෂණාවරණය ගනුදෙනුකරුවාට ලබා දීම සඳහා යනාදි වශයෙන් අලෙවිකරුවා අනාගත ගනුදෙනුකරුවා හමු වීමට කිහිප වතාවක් යාම සාමාන්‍ය තත්ත්වයක් වන අතර ඒ සඳහා අවම වශයෙන් සතියක් වත් ගත විය හැකි ය. සේවාලාභියා පැකේජයෙහි වෙනස්කම් සිදු කිරීමට උත්සාහ කරන්නේ නම් හෝ පවත්නා විකල්ප පිළිබඳව ප‍්‍රමාණවත් දැනුවත්කමනික් තොර නම් මෙම ක‍්‍රියාවලිය තවත් දීර්ඝ වනු ඇත.

දැන් ATL  සමාගම ගනුදෙනුකරුවන් සිය වාරිකයෙහි සිදු කිරීමට අපේක්ෂා කරන  ඕනෑ ම වෙනසකට අදාළව සිය මෘදුකාංගය මගින් විනාඩි ගණනක් ඇතුළත ගණනය කිරීම් සිදු කර ප‍්‍රතිපෝෂණයක් ලබා දෙමින් මෙම ගැටලූ මග හැර ගනියි. මේ නිසා ක‍්‍රියාවලිය සඳහා දින ගණනක් ගත නොකර තමන්ට අවශ්‍ය විවිධ වෙනස්කම් සිදු කර ගැනීමට සහ තමන් අපේක්ෂා කරන රක්ෂණාවරණය ලබා ගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලැබේ. ප‍්‍රතිපෝෂණය ක්ෂණිකව ම වාගේ ලැබෙන නිසා දැන් ගනුදෙනුකරුවන්ට තමන් තෘප්තියට පත් වහා ම තමන්ගේ නව රක්ෂණ පැකේජය අත්සන් කිරීමට හැකියාව ලැබේ.

ආදායමේ අඛණ්ඩතාව

පසුබැසීමකින් පසුව, විශේෂයෙන් ම ස්වාභාවික ආපදාවකින්, ගින්නකින් හෝ ගංවතුරකින් පීඩාවට පත් වීමෙන් පසුව, යථා තත්ත්වයට පත් වීම දුෂ්කර විය හැකි ය. බොහෝ රක්ෂණ සමාගම් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ආවරණය කරන නමුත් වන්දිය ලෙස සාමාන්‍යයෙන් එක වරක් පමණක් ගෙවීමක් කරන අතර එම ගෙවීමේ විශාලත්වය ආවරණ වර්ගය හා වාරිකයේ විශාලත්වය අනුව වෙනස් විය හැකි ය. කෙසේ වුව ද තමන්ගේ ව්‍යාපාරය සම්පූර්ණයෙන් ම විනාශයට පත් පුද්ගලයෙකුට අහිමි වන ආදායම සැලකිල්ලට ගැනීමට මෙවැනි රක්ෂණාවරණ අසමත් වේ.

ආදායමේ අඛණ්ඩතාව පිළිබඳ පහසුකම ATL  ගනුදෙනුකරුවන්ට මාස හයක් දක්වා මාසික දීමනාවක් සම්පාදනය කරමින් පෙර කී තත්ත්වය දුරු කිරීමට උත්සාහ කරයි. එපමණක් නොව All In One රක්ෂණාවරණය රක්ෂණ හිමිකම් පෑමක් වලංගු යැයි සැලකෙන මාස හය දක්වා කාලය තුළ ව්‍යාපාරික ණය ආපසු ගෙවීම සහ ආපදාවකින් පසුව ව්‍යාපාරය වෙනත් ස්ථානයකට ගෙන යාමේ පිරිවැය ද ආවරණය කරයි. මේ සියල්ල ම ව්‍යාපාරයක් දුර්වල කරන ආපදාවකින් පසුව යළි දෙපයින් නැගී සිටීමට සේවාලාභීන්ට උපරිම අවස්ථාව ලැබෙන බව සහතික කරයි.

පැකේජයෙන් ආවරණය වන ක්ෂේත‍්‍ර යටතේ විවිධ ව්‍යාපාරික ක්ෂේත‍්‍ර ගණනාවකට පොදු ගැටලූ ආවරණය වන අතර විශේෂිත ව්‍යාපාර වර්ග අටක් (ත්‍යාග අලෙවි සල්, රෙදිපිළි අලෙවි සල්, අවන් හල්, හාඞ්වෙයාර් අලෙවි සල්, සිල්ලර වෙළඳ සල්, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, පිඟන් ගඩොල් හා නාන කාමර උපකරණ සහ ඖෂධ අලෙවි සල්) ඉලක්ක කර ගත් සුවිශේෂ පැකේජ ද ඇත. උදාහරණයක් ලෙස ඖෂධ අලෙවි සලකට සේවකයන්ගේ නොසැලකිල්ලක් හෝ ප‍්‍රවාහනය කරන විට මුදල් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සහ ඊට අමතරව ීඍක්‍ක්‍ (වැඩ වර්ජන, කැරලි කෝලාහල හා සිවිල් නොසන්සුන්තා), තුන් වන පාර්ශ්වීය, වැද්දුම් හා සවි කිරීම් සහ තොග ආවරණය යනාදි අපේක්ෂිත සියලූ ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් රක්ෂණාවරණය ලබා ගත හැකි ය.

All In One රක්ෂණාවරණය සංකල්පගත කරන විට ATL  සමාගමේ අරමුණ වූයේ ගනුදෙනුකරුවාගේ ප‍්‍රධාන අවශ්‍යතා සැපිරෙන බව සහතික කිරීම සහ එමගින් යම් පාඩුවක බලපෑම හැකි තාක් අඩුවෙන් ව්‍යාපාරයට දැනෙන බව සහතික කිරීම යි.

එම නිසා රක්ෂණාවරණය ‘අමතර අවශ්‍යතාවක’ සිට ‘අත්‍යවශ්‍යතාවක්’ දක්වා මාරු වෙමින් පසු ගිය වසරේ ATL  රක්ෂණ සමාගම මහජනතාව රක්ෂණය වටහා ගන්නා ආකාරය වෙනස් කිරීමට උත්සාහ දරා ඇත. All In One රක්ෂණාවරණය හඳුන්වා දෙමින් ව්‍යාපාරික සේවාලාභීන්ට ඔවුන්ගේ රක්ෂණ සැලැස්ම සම්බන්ධයෙන් වැඩි තේරීමක් හා සහතිකයක් ලබා දෙමින් ඉහත අරමුණ සාක්ෂාත් කර ගැනීමෙහි ලා බෙහෙවින් උදව් වී ඇත. මේ සියලූ ම සේවාවන් සම්පාදනය කරනු ලබන්නේ සම්පූර්ණයෙන් ම සරල, ඩිජිටල්කරණය කරන ලද, පහසු හා පහසුවෙන් භාවිත කළ හැකි වේදිකාවක් හරහා ය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව