Assidua Technologies වසරේ විශිෂ්ටම ව්‍යවසාය ලෙස BWIO සම්මාන දිනයි

Assidua Technologies (LBN)

මෙරට බල ශක්ති විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Assidua Technologies පෞද්ගලික සමාගම BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ව්‍යවසාය ලෙස ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. ප්‍රධාන විධායක නිලධාරී ප්‍රදීප් බෝගහවත්ත සහ අලෙවි ප්‍රධානි විකුම් පෙරේරා වෙත එම සම්මානය පිරිනමන ලදී. 2012දී ඇරැඹුණු Assidua Technologies හි නිෂ්පාදන හා සේවා අතර UPS පද්ධති, Inverter, Battery, Stabilizer, Isolation Transformer ආදී බොහෝ දෑ වේ. පුළුල් සේවා වපසරියක් සහිත එම සමාගම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක වාර්ෂික නඩත්තු සේවා සැපයුම්කරු බවට පත් වී ඇත.

 



 

Assidua Technologies සේවා සපයන පාරිභෝගිකයන් අතර ආයෝජන කළාප, බැංකු, රෝහල්, වෛද්‍ය රසායනාගාර, සන්නිවේදන සේවා ආයතන, මාධ්‍ය ආයතන, Data Centers, රජයේ ආයතන, අධ්‍යාපන ආයතන, මුද්‍රණ හා ඇසුරුම් ආයතන ප්‍රධාන වේ. කාර්මික, ව්‍යාපාරික හා වාණිජ අවශ්‍යතා සඳහා වන UPS ස්ථාපනය පිළිබඳව ඔවුන් සතුව ඇත්තේ සුවිශේෂ විශේෂඥතාවකි. පළපුරුදු සහතික ලත් වෘත්තිකයෝ ඒ ඒ පාරිභෝගික අවශ්‍යතාවලට ගැළපෙන ලෙස විශ්වාසනීයව සේවා සපයති. 2021දී Vertiv (Emerson) විශිෂ්ටතා සහතිකය ලබා ඩයමන්ඩ් සහකරුවෙකු බවට පත් වීම Assidua Technologies ලැබූ සුවිශේෂ ජයග්‍රහණයකි. Techfine සන්නාමය සඳහා බලය ලත් ශ්‍රී ලංකාවේ එකම UPS පද්ධති ආනයනකරු සහ බෙදා හරින්නාද වන එම සමාගම Vertiv, Fuji Electric, Hossoni සහ Magnetic & Controls වැනි ගෝලීය සන්නාම සමඟ හවුල්කාරිත්ව ඇති කර ගෙන තිබේ. ඒ තුළින් උසස් තත්ත්වයේ, බල ශක්ති කාර්යක්ෂමතාව ඉහළ සහ ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූල සේවා සැපයීමට හැකියාව ලැබේ. Assidua Technologies B2B (Business to Business) වෙළෙඳපොළේ සිට B2C (Business to Customer) වෙළෙඳපොළ දක්වා මේ වසරේදී හා ඉදිරි වසරේදී ව්‍යාපාර සහ නිෂ්පාදන වපසරිය පුළුල් කිරීමට සැළැසුම් කර ඇත. ව්‍යාපාරික සහ කාර්මික අංශය වෙනුවෙන් සේවා සැපැයීමට සමාගමේ පාරිභෝගික සේවා අංශය සතියේ දින හතේම පැය 24 පුරා ක්‍රියාත්මක වේ.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව