
David Pieris Holdings හි මූල්‍ය සේවා අංශයේ ප්‍රධානතම සමාගම වන Assetline Finance Limited (AFL) ණය ශ්‍රේණිය, A- with a Stable Outlook හි සිට A with a Positive Outlook දක්වා උසස් කිරීමට Lanka Rating Agency (LRA) පසුගියදා කටයුතු කළේය. AFL සමාගමේ මූල්‍යමය ස්ථාවරත්වය හා තිරසාර වර්ධනය මෙන්ම, එහි දීර්ඝකාලීන ස්ථාවරත්වය හා කාර්යසාධනය සම්බන්ධයෙන් වෙළඳපොළ තුළ පවතින විශ්වාසය මෙමගින් මැනැවින් පිළිබිඹු වේ.
එමෙන්ම මෙය සමාගමේ විශිෂ්ට මූල්‍ය හා අවදානම් කළමනාකරණ ක්‍රමවේදයන් මෙන්ම සිය පාර්ශ්වකරුවන්ට උපරිම ප්‍රතිලාභ පිරිනැමීම සඳහා දක්වන උනන්දුව හා කැපවීම නිරූපණය කරන ජයග්‍රහණයක් ලෙසද හැඳින්විය හැකි වේ. පසුගිය වසර තුළ සිය වත්කම් ක්‍රමානුකූලව වර්ධනය කරගනිමින් රු. බිලියන 50 සීමාව පසුකිරීමට සමාගම සමත් විය. මෙම වර්ධනයට ක්‍රමෝපායික ආයෝජන සහ විශිෂ්ට ප්‍රාග්ධන කළමනාකරණය ප්‍රධාන වශයෙන් හේතු වූ අතර එමගින් සමාගමේ ද්‍රවශීලතාව සහ මූල්‍ය තත්ත්වය බෙහෙවින් ශක්තිමත් වී ඇත. මෙය සමාගමේ විශිෂ්ට මෙහෙයුම් කාර්යක්ෂමතාවට මෙන්ම, තම කොටස් හිමියන් වෙනුවෙන් දීර්ඝකාලීන වටිනාකම් ලඟාකරවීමට සමාගම සතු හැකියාවට මනා සාක්ෂියකි.
“නව ශ්‍රේණිගත කිරීම මගින් අපට අදාල පාර්ශවයන්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරගනිමින්, වර්ධනය සඳහා අවස්ථා වැඩි වැඩියෙන් උදා කරගැනීමට හැකි වේවි. එය අද අප සිටින ස්ථානයේ පිළිබිඹුවක් පමණක් නොව, ශක්තිමත් අනාගතයක් කරා අප යන ගමන සංකේතවත් කරන ජයග්‍රහණයක් ලෙසද හැඳින්වීමට පුළුවන්.” Assetline Finance Limited හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී අශාන් නිස්සංක මහතා පැවසීය.
මැනැවින් කළමනාකරණය කරන ලද ශක්තිමත් ප්‍රාග්ධන ව්‍යුහයක් පවත්වා ගනිමින්, අවම නියාමන සීමාවන්ට පැහැදිලි ලෙසම ඉහළින් පැවති ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio) වාර්තා කරගැනීමට AFL සමාගමට හැකියාව ලැබී තිබේ. එමෙන්ම ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි ආයෝජන කළමනාකරණ සමාගමක් වන BlueOrchard Finance Ltd විසින් කළමනාකරණය කරනු ලබන ජපානයේ ASEAN Women Empowerment Fund (JAWEF) වෙතින් අරමුදල් පහසුකම් හිමිකර ගැනීමටද සමාගම සමත් විය. මෙමගින් සමාගමේ මූල්‍ය තත්වය තවදුරටත් ශක්තිමත් වී ඇති අතර, මෙරට ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම සඳහා සමාගම දරන උත්සාහය තවදුරටත් පුළුල් කිරීමටද හැකි වී තිබේ. විශේෂයෙන්ම ‘ලියදිරිය’ වැඩසටහන යටතේ ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන්ට මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව උදාකර දෙමින් AFL සමාගම අන්තර්කරණය වූ ආර්ථික වර්ධනයක් සඳහා සුවිශාල දායකත්වයක් ලබාදෙමින් සිටී.
එමෙන්ම පසුගිය කාලය තුළ නව ශාඛා 4 ක් විවෘත කිරීමටද සමාගම කටයුතු කළේය. ඒ අනුව දැන් සමාගමේ දීපව්‍යාප්ත ශාඛා ජාලය ශාඛා 59 ක් බවට පත් වී ඇත. දිවයිනේ වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවාවන් පිරිනමන අතරම තම පාරිභෝගික පදනම තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින්, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශ ඉලක්ක කරගෙන මෙම නව ශාඛා විවෘත කරන ලදි. මෙය කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා සමාගම දරන උත්සාහය තවදුරටත් ශක්තිමත් කිරීමට මනා පිටිවහලක් වනු ඇත. මීට අමතරව රටේ ප්‍රමුඛතාවන්ට සමගාමීව, විශේෂයෙන්ම දීර්ඝකාලීන වර්ධනයක් සඳහා මහෝපකාරී වන ක්ෂේත්‍ර ලෙස සැලකෙන පුනර්ජනනීය බලශක්තිය සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙත ණය පහසුකම් ලබාදීම සඳහා සමාගම ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර තිබේ.