Asiri Academy of Health Sciences සහ ESOFT Metro Campus සහයෝගීතාවයෙන් ශ්‍රී ලාංකික සෞඛ්‍ය අධ්‍යාපනයේ නව පෙරළියක්

Dignitaries present for the MoU between Asiri Academy of Health Sciences and ESOFT Metro Campus.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කිරීමේ අරමුණ ඇතිව Asiri Academy of Health Sciences (AAHS) සහ ESOFT Metro Campus අවබෝධතා ගිවිසුමකට පසුගිය දා අත්සන් තැබුණු අතර, මෙම සහයෝගීතාව තුළින් ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු කලාපයේ සෞඛ්‍ය අධ්‍යාපනය හදාරන සිසුන්ට, එක්සත් රාජධානියේ ලන්ඩන් මෙට්‍රොපොලිටන් සරසවිය මඟින් පිරිනමන ජාත්‍යන්තරව පිළිගත් හෙද සහ සෞඛ්‍ය පරිපාලන අධ්‍යාපන වැඩසටහන් හැදෑරීම සඳහා අවස්ථාව හිමි වනු ඇත.

AAHS යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික රෝහලක් සහ රෝග විනිශ්චය කිරීමේ පහසුකම් සහිත රෝහලක් වන Asiri Health හි කොටසක් වන අතර, මෙම ඇකඩමිය පිහිටුවනු ලැබුවේ, මෙරට තරුණ ප්‍රජාවට ජාත්‍යන්තර පිළිගැනීමක් සහිතව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුදුසුකම් දැරිය හැකි මුදලකට ලබා දීම අරමුණු පෙරදැරිවය. 



 

අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට, Asiri Hospital නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරි (සමූහ) – වෛද්‍ය මංජුල කරුණාරත්න සහ ESOFT Metro Campus නියෝජනය කරමින් එහි සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ – ආචාර්ය දයාන් රාජපක්ෂ යන මහත්වරුන් සහභාගී වූ අතර, ලන්ඩන් මෙට්‍රොපොලිටන් සරසවිය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය උපකුලපති – මහාචාර්ය ගැරී ඩේවිස්, මාණ්ඩලික ප්‍රධානී ටිජ්ස් බ්‍රෝක් සහ සහකාර මහාචාර්ය වෙන්ඩි බ්ලොයිසි යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Asiri Academy of Health Sciences නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂිකා නදීකා ජයසිංහ සහ Asiri Health නියෝජනය කරමින් Asiri Central රෝහලේ අධ්‍යක්ෂ මෙහෙයුම් නිහාල් රත්නායක, Asiri Surgical රෝහල/ආසිරි මෙඩිකල් රෝහල සහ දක්ෂිණ සමූහයේ අධ්‍යක්ෂ මෙහෙයුම් – වෛද්‍ය මහේෂ් කන්ඩම්බි, මානව සම්පත් අධ්‍යක්ෂ හසන්ති ඩි සේරම්, අලෙවි අධ්‍යක්ෂ රොෂෙල් ද සිල්වා යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

අවබෝධතා ගිවිසුම පිළිබඳ අදහස් දැක්වූ වෛද්‍ය මංජුල කරුණාරත්න මහතා, “මෙම සහයෝගීතාව ශ්‍රී ලාංකේය සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති දැවැන්ත පියවරක් වනු නොඅනුමානයි. ESOFT අධ්‍යාපන ප්‍රවීණයන් සහ Asiri Health හි සුවිශේෂී සායනික පහසුකම් ඒකාබද්ධ වීම තුළ අසමසම අවස්ථාවන් සිසුන්ට සහ සෞඛ්‍ය වෘත්තිකයන්ට හිමි කරදීමට අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පැවසීය.

සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව යුගයක් අරඹමින් දියත් වූ මෙම සහයෝගීතාවේ මූලික අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩි වන ඉල්ලුම සම්පූර්ණ කිරීම සඳහා සිසුන්ට ජාත්‍යන්තර අධ්‍යාපන අවස්ථාවන් සමඟ මෙරට ප්‍රමුඛතම සෞඛ්‍ය පහසුකම් යටතේ ප්‍රායෝගික අත්දැකීම් පිරිනමන මිශ්‍ර අධ්‍යාපන වැඩසටහනක් හඳුන්වා දීමයි.

ESOFT Metro Campus ප්‍රධාන විධායක නිලධාරි නිශාන් සෙම්බකුට්ටිආරච්චි මහතා අදහස්  දක්වමින්, “Asiri Academy සමඟ ඇති කරගත් මේ හවුල්කාරීත්වය තුළින් London Metropolitan සරසවියෙන් පිරිනමන ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන වරමක් ලංකාවේදීම හිමි කරගන්නට සිසුන්ට අවස්ථාව ලැබෙන අතරම, දේශීය හා ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග සඳහා සූදානමක් ඇති කරගැනීමට මෙන්ම වෘත්තීය ගමන්මඟ තුළ වැඩි වශයෙන් අවස්ථාවන් හිමි කරගැනීමටත් මේ නිසා අවකාශ සැලසෙනවා.”

මෙම සහයෝගීතාව තුළින් ලන්ඩන් මෙට්‍රොපොලිටන් සරසවියේ ප්‍රධාන වැඩසටහන් දෙකක් පිරිනැමීමට සැලසුම් කර ඇත. මූලික හෙද උපාධිය, වසරක පාඨමාලාවක් වන අතර මෙමඟින් රජයේ සහ පෞද්ගලික අංශයේ හෙද තනතුරු සඳහා මෙන්ම දේශීය හා විදේශීය රැකියා අවස්ථාව බලාපොරොත්තු වන සිසුන්ට ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සුදුසුකම් පිරිනමන උපාධි පාඨමාලාවකි. එමෙන්ම මෙම පාඨමාලාව දැනට හෙද සේවයේ සිටින වෘත්තිකයන්ගේ උසස්වීම් සහ වෘත්තීය සංවර්ධනයට උපකාරී වන්නකි. වසර 3ක හෙද ගෞරව උපාධිය, නවකයන්ට හෙද ක්ෂේත්‍රයට ප්‍රවේශ වීමට අවස්ථාව සලසන පාඨමාලාවකි.

මීට අමතරව, සෞඛ්‍ය පරිපාලනය පිළිබඳ MBA උපාධි පාඨමාලාව යනු සෞඛ්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ අවසන් අදියර වන අතර මෙය, වෛද්‍යවරුන් සහ හෙද වෘත්තිකයන් යන දෙපාර්ශවයටම තමන්ගේ පරිපාලන කුසලතා සහ සෞඛ්‍ය ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ දැනුම වර්ධනයට ඉවහල් වන පාඨමාලාවකි. මෙම MBA උපාධිය මඟින් ඔවුන්‌ට රෝහල් පරිපාලනය පිළිබඳ ඉහළ වෘත්තීය නිපුණතාවක් මෙන්ම ඔවුන්ගේ කළමනාකරණ භූමිකාවන් වඩාත් ඵලදායී ලෙස සිදු කිරීමට ද අවකාශ සලසා දෙයි.

සමස්තයක් ලෙස, මෙම පාඨමාලා තුළින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් ඉහළ නැංවීමට, සිසුන්ගේ අත්‍යවශ්‍ය සුදුසුකම් වර්ධනයට හා ඔවුන්ගේ වෘත්තීන් තුළ අත්දැකීම් ළඟා කරගැනීමට සහාය වීමට අපේක්ෂා කරයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 − two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව