Asian Hardware (පුද්.) සමාගම නවතම විද්‍යුත්-වාණිජ විසඳුම් සඳහා SLT Digital Services (පුද්.) සමාගම සමග අත්වැල් බැඳගනී

Image 01 (2) (LBN)

 


 

 

Asian Hardware (පුද්.) සමාගම නවතම විද්‍යුත්-වාණිජ විසඳුම් භාවිතයට ගැනීම සඳහා SLT Digital Services (පුද්.) සමාගම සමග පසුගියදා විශේෂ හවුල්කාරීත්වයකට අත්සන් තැබීය. SLT Digital Services (පුද්.) සමාගම යනු Sri Lanka Telecom PLC (SLT-MOBITEL සමූහය) හි පූර්ණ අයිතිය යටතේ පවතින අලෙවිකරණ සහ ඩිජිටල් විසඳුම් සපයන සමාගමකි.

ශ්‍රී ලංකාව තුළ විද්‍යුත්-වාණිජ විසඳුම් වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබෙන බව හඳුනාගෙන, එම වෙළඳපොළට අනුගතවීමේ පියවරක් වශයෙන් මෙම හවුල්කාරීත්වයට එළඹීමට Asian Hardware (පුද්.) සමාගම තීරණය කළේ ය. මෙමගින් මාර්ගගත (Online) ක්‍රමයට Asian Hardware (පුද්.) සමාගම වෙතින් භාණ්ඩ මිලදීගන්නා පාරිභෝගිකයන්ට සුවිශේෂී අත්දැකීමක් හිමි වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Asian Hardware (පුද්.) සමාගමේ සභාපති ආචාර්ය එම්. එච්. ඒ. රසාක් මහතා පැවසුවේ SLT Digital Services (පුද්.) සමාගම සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටට පත්වන බවයි. තාක්ෂණය විසින් ව්‍යාපාරකරණය පරිවර්තනයකට ලක්කරමින් පවතින මෙවන් යුගයක, මෙම හවුල්කාරීත්වය මගින් තමන්ට වඩාත් හොඳින් පාරිභෝගිකයන්ට සේවා සැපයීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාසකරන බව එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඒ. ආර්. එම්. යශීර් මහතා පැවසී ය.

ව්‍යාපාරවල වර්ධනයට වැදගත්වන ඩිජිටල් විසඳුම් නිර්මාණයකර ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් SLT Digital Services සමාගමට විශිෂ්ට පළපුරුද්දක් ඇත. එම පළපුරුද්ද හා විශේෂඥ දැනුම තුළින් Asian Hardware (පුද්.) සමාගමේ සාර්ථකත්වයට තුඩුදෙන විසඳුම් නිර්මාණය කර හඳුන්වා දීම SLT Digital Services හි අරමුණයි.

“Asian Hardware (පුද්.) සමාගමේ විද්‍යුත් වාණිජ සේවා වැඩිදියුණු කිරීම සඳහා මේ ආකාරයට එම සමාගම සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් ව්‍යාපාරික ක්‍රියාවලි පෙරළියකට ලක්කිරීම අපගේ ඉලක්කයයි. මෙම හවුල්කාරීත්වය Asian Hardware (පුද්.) සමාගමේ පාරිභෝගිකයන්ට නවතම අත්දැකීමක් තිළිණ කරනු ඇති බවට සැකයක් නැහැ.” SLT Digital Services සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී උපුල් මංචනායක මහතා පැවසී ය.

මෙම හවුල්කාරීත්වය දෙපාර්ශ්වයේම ඉදිරි ගමනේ වැදගත් සන්ධිස්ථානයක්වන අතර, එය දෙපාර්ශ්වයේම පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ සැලසෙන පියවරක් වනු නිසැක ය.

Asian Hardware (පුද්.) සමාගම පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා: www.asianhardware.com

SLT Digital Services සමාගම පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා: www.sltds.lk

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + nine =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව