Asia Gaming Awards 2025 සම්මාන උළෙලේදී Bally’s Colombo “Best Gaming Property of the Year” සම්මානයෙන් පිදුම් ලබයි

MAIN IMAGE (LBN)

මෙරට කැසිනෝ ක්‍රීඩා සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Bally’s Colombo පිලිපීනයේ මැනිලා නුවරදී පැවති Asia Gaming Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම කැසිනෝ ක්‍රීඩා මධ්‍යස්ථානය (Best Gaming Property of the Year) සම්මානයෙන් පිදුම් ලැබුවේය. දශක ගණනාවක් පුරා මෙරට කැසිනෝ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින එම ආයතනය මෙම සුවිශේෂ ජයග්‍රහණයත් සමඟ ගෝලීය කැසිනෝ ක්‍රීඩා ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවෙකු බවට පත් වී තිබේ. සුඛෝපභෝගී කැසිනෝ ක්‍රීඩා, විනෝදාස්වාදය සහ ගෝලීය ප්‍රමිති අනුව සපයන සේවා පිළිබඳව උනන්දුවක් දක්වන්නන් අතර ශ්‍රී ලංකාව ජනප්‍රිය ගමනාන්තයක් බවට පත් වීමට මෙය හේතු වනු ඇත.

ක්ෂේත්‍රයේ වඩාත් කතා බහට ලක් වන කීර්තිමත් සම්මාන උළෙලක් වන Asia Gaming Awards සම්මාන උළෙලේදී නව්‍යකරණය, පාරිභෝගික සේවා සහ මෙහෙයුම් සාර්ථකත්වය වැනි අංශ රැසක් යටතේ සමාගම් ඇගැයීමට ලක් කෙරේ. එවැනි සම්මාන උළෙලකදී විශිෂ්ටම කැසිනෝ ක්‍රීඩා මධ්‍යස්ථානය ලෙස සම්මානයට පාත්‍ර වීම තුළින් මෙරට කැසිනෝ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ නව මානයන් සනිටුහන් කිරීමටත්, කළාපීය වශයෙන් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බවට පත් වීමටත් Bally’s Colombo සතු හැකියාව යළි තහවුරු වී ඇත. කැසිනෝ ක්‍රීඩා ක්ෂේත්‍රය ගෝලීය වශයෙන් අතිශයින් තරගකාරී ක්ෂේත්‍රයක් බවට පත් වෙමින් ඇති පසුබිමක මෙවැනි සම්මානයක් දිනා ගැනීමට ලැබීම සුවිශේෂ සිදුවීමකි. ආරම්භයේ පටන් මෙරට කැසිනෝ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනස්කම් රැසක් කර ඇති Bally’s Colombo සෑම විටම නව්‍යකරණය, ක්‍රීඩාවේ සාධාරණත්වය සහ විශිෂ්ට පාරිභෝගික සේවය යන අංශවලට ප්‍රමුඛතාව දී තිබේ. ප්‍රමාණවත් ඉඩ පහසුකම්, උසස් තත්ත්වයේ පෝකර් කාමර, ගෝලීය ප්‍රමිතිවලට අනුකූල විනෝදාස්වාද පහසුකම් වැනි සියලු පහසුකම්වලින් සමන්විත වන සිය ආයතනය තුළදී සෑම අමුත්තෙකුම ඉතා වැදගත් පුද්ගලයන් (VIP) ලෙස සළකා සත්කාර කිරීම එම ආයතනයේ ප්‍රමුඛ අරමුණයි. ඒ ඒ පාරිභෝගිකයාගේ අවශ්‍යතා මැනවින් හඳුනා ගනිමින් ඔවුන්ට අවශ්‍ය සේවා සැපයීම තවත් සුවිශේෂ ලක්ෂණයකි. ආයතනය තුළට පිවිසෙන මොහොතේ පටන් සෑම අමුත්තෙකුම ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා Bally’s Colombo ලෝකයේ ඉහළ පෙළේ කැසිනෝ ක්‍රීඩා මධ්‍යස්ථානයකදී ලැබිය හැකි අත්දැකීමට නොදෙවැනි අත්දැකීමක් ඔවුන්ට සැපැයීමට වග බලා ගනී.




Bally’s Colombo සමාගමේ සභාපති අනුරාධ පෙරේරා, ප්‍රධාන මානව සම්පත් නිලධාරී රාහුල් අත්තනායක, ප්‍රධාන විධායක නිලධාරී ටෝනි මැක්මිලන්, නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරුන් වන කමල් ජයරත්න සහ තුෂාර කුලතුංග ඇතුළු ඉහළ කළමනාකාරිත්වය සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් සුවිශේෂ දායකත්වයක් දක්වා තිබේ. ඔවුන්ගේ නායකත්වය යටතේ එම සමාගම අඛණ්ඩව සිය ව්‍යාපාර සහ සේවා වපසරිය පුළුල් කර ඇත. රාහුල් අත්තනායක අනෙකුත් ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන්ගේද සහාය ඇතිව විශිෂ්ටත්වයෙන් සහ වෘත්තීයභාවයෙන් සපිරි ආයතනික සංස්කෘතියක් නිර්මාණය කර තිබේ. Bally’s Colombo සමාගමේ කාර්ය මණ්ඩලයද මෙම ජයග්‍රහණය ඇතුළු ආයතනයේ සාර්ථකත්වය උදෙසා විශාල දායකත්වයක් දක්වා ඇත. ක්‍රීඩා මේස තැරැව්කරුවන්ගේ පටන් මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කරන කළමනාකරුවන් දක්වා සෑම මට්ටමකම කාර්ය මණ්ඩල සාමාජිකයෝ අමුත්තන්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් ගෙන දෙති. විශිෂ්ටම කැසිනෝ ක්‍රීඩා මධ්‍යස්ථානය ලෙස සම්මානයට පාත්‍ර වීම වෙනුවෙන් පැවැත්වුණු සැමරුම් උත්සවයේදී ඔවුන්ගේ කැපවීමද අගය කරන ලදී. සිය සේවා තව දුරටත් පුළුල් කරමින් ගෝලීය කැසිනෝ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් ඇති කිරීම එම ආයතනයේ අපේක්ෂාවයි. මෙම ජයග්‍රහණය රටක් වශයෙන් ශ්‍රී ලංකාවටද සුවිශේෂ සන්ධිස්ථානයකි. සුඛෝපභෝගී කැසිනෝ ක්‍රීඩා අත්දැකීමක් අපේක්ෂාවෙන් මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් ඇති පසුබිමක මෙම ජයග්‍රහණය සමඟ ආසියානු කළාපය තුළ මෙන්ම ඉන් ඔබ්බටත් Bally’s Colombo සන්නාමය ප්‍රචලිත වනු ඇත. එය මෙරට සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Home  Facebook

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව