‘Arpico Mattress 2024 Top Dealer Awards’ සම්මාන උළෙල නව මෙට්ට වර්ග 3ක් වෙළඳපොළට හඳුන්වා දෙමින්, පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි

Image 01 - Arpico Mattress hosts the 2024 Top Dealer Awards, unveiling three new mattresses to herald future achievements (LBN)

ශ්‍රී ලංකාවේ මෙට්ට කර්මාන්තයේ පුරෝගාමියෙකු වන Arpico, Mattress කර්මාන්ත අංශයේ විශිෂ්ට වෙළඳ නියෝජිතයින් 150 දෙනෙකු ඇගයීම සඳහා ‘Arpico Mattress Top Dealer Awards 2024’ පසුගියදා Colombo Monarch Imperial හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

Mattress කර්මාන්ත අංශයේ  තෝරාගන්නා විශිෂ්ට වෙළඳ නියෝජිතයින් 150 දෙනෙකු මෙම උත්සවය සඳහා සුදුසුකම් ලැබීය. මෙම Top Dealer Awards සම්මාන උළෙල රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයෙහි දේශීය නිෂ්පාදන හා බෙදාහැරීම් අංශය වාර්ෂිකව සංවිධානය කරන ප්‍රධානතම උත්සව අතරින් එකකි.
 



 

මෙම සම්මාන උළෙලේදී ප්ලැටිනම්, රන් සහ රිදී කාණ්ඩ යටතේ සම්මාන හා ත්‍යාග පිරිනමන ලද අතර, මෙම ත්‍යාග අතරට විදේශ සංචාරද ඇතුළත් විය. ප්ලැටිනම් කාණ්ඩයේ ජයග්‍රාහකයන්ට පිලිපීන සහ වියට්නාම සංචාරද, රන් කාණ්ඩයේ ජයග්‍රාහකයන්ට බැංකොක්, පතායා සහ ඩුබායි සංචාරද, රිදී කාණ්ඩයේ ජයග්‍රාහකයන්ට මැලේසියා සහ බැංකොක් සංචාරද හිමි විය. මීට අමතරව ජයග්‍රාහකයන් වෙත සහතිකපත් හා සමරු ඵලකද පිරිනමන ලදී.

මෙම සම්මාන උළෙලේදී නව Arpico මෙට්ට වර්ග තුනක් හඳුන්වා දීමද සිදු විය. මේ අතරින් Arpico Activa මෙට්ට කාර්‍යබහුල ජීවන රටාවකට හුරු වී සිටින පුද්ගලයින්ට සිය වෙහෙස දුරු කරමින් ක්‍රියාශීලීව දවස ඇරඹීමට අවස්තාවක් ලබා දෙන අතර, Arpico Duke මෙට්ට මිනිස් ශරීරයට වැඩි පහසුවක් හිමි වන පරිද්දෙන් නිමවා ඇත. මෙහිදී හඳුන්වා දුන් අනෙක් මෙට්ට වර්ගය වූ Arpico Green Comfort, 100% ක් ස්වාභාවික latex top layer එකක් සහිතව නිෂ්පාදනය කර ඇති අතර, එය නින්දේදී ශරීරයට වැඩි සිසිලසක් හා පහසුවක් ගෙන දෙයි.

“මෙම සම්මාන උළෙල අපට අතිශයින් වැදගත් සම්මාන උළෙලක්.  එය රට පුරා විසිරී සිටින පාරිභෝගිකයන් වෙත අපගේ නිෂ්පාදන සමීප කරවීම සඳහා අපගේ Mattress කර්මාන්ත අංශයේ විශිෂ්ටයින් ඉටුකරන මෙහෙවර ඇගයීම සඳහා අපට ලැබෙන අගනා අවස්ථාවක් ලෙස හැඳින්වීමට පුළුවන්. අඛණ්ඩව අපගේ අලෙවි නියෝජිත ජාලය පුළුල් කරගනිමින් සහ ඔවුන් සමග පවත්වාගෙන යන සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරගනිමින් අප යන මේ ගමනේ සුවිශේෂී සන්ධිස්ථාන වාර්ෂිකව සමරන අවස්ථාව මෙයයි. එමෙන්ම මෙම සම්මාන උළෙල, අපගේ පාරිභෝගිකයන්ට වඩාත් සුවපහසු  නින්දක් තිළිණ කිරීම සඳහා තාක්ෂණික නවෝත්පාදනයේ විශිෂ්ටතම ප්‍රතිඵල භාවිතා කිරීමට අප දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් නිරූපණය කරයි”  යනුවෙන් රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයෙහි දේශීය නිෂ්පාදන හා බෙදාහැරීම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් විජේසිංහ මහතා පැවසී ය.

Arpitech (පුද්.) සමාගම යනු පොලියුරතීන් ෆෝම් මෙට්ට සහ ස්ප්‍රින් මෙට්ට, කුෂන් සහ සිලිකනයිස්ඩ් ෆයිබර් කොට්ට වැනි නිෂ්පාදන සම්බන්ධ පුරෝගාමියෙකු වන, දශක ගණනාවක  ඉතිහාසයක් හිමි සමාගමකි. Arpico නිෂ්පාදන සඳහා ISO 9001-2015 සහතිකය හිමි අතර එහි ජනප්‍රියතම නිෂ්පාදනයක් වන Arpifoam මෙට්ට නිපදවීමේදී SLS ප්‍රමිති නිර්ණායකවලට අනුකූලව කටයුතු කරයි. Arpitech (පුද්.) සමාගම පන්නරය ලබනුයේ, එහි මවු සමාගම වන රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයෙහි දශක 9 කට අධික ඉතිහාසය තුළිනි. 1932 වසරේදී එක් ඉන්ධන පිරවුම් හලකින් ආරම්භ වූ රිචඩ් පීරිස් සහ සමාගම, ඉන් පසුව දැවැන්ත සාර්ථකත්වයක් අත්කරගනිමින් මෙරට ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයක් බවට පත් විය. මේ වනවිට එම සමූහය පාරිභෝගික වෙළඳාම්, වැවිලි කර්මාන්ත, රබර්, ගෘහ භාණ්ඩ, ටයර්, ප්ලාස්ටික්, රක්ෂණ සේවා, කොටස් තැරැව්කරණය, මුල්‍ය සේවා ඇතුළු ක්ෂේත්‍ර රාශියක් ආවරණය කරයි. කොළඹ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි විශාලතම සමාගම් අතරින් එකක් වන එය,ඉතා ඉහළ වාර්ෂික පිරිවැටුමක් සහිත සමූහ ව්‍යාපාරයක්ද වේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව