Arpico වෙළෙඳසැල් ජාලයේ 55 ශාඛාව සීදූවට

Image 1 (LBN)

 



 

 

නවතම සුපිරි වෙළඳසැල් අත්දැකීම් සමඟින්, Arpico ජාලයේ 55 වැනි සුපර්මාකට් වෙළඳසැල සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ දී, රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතා අතින් නොවැම්බර් මස විවෘත විය.

සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් රිචඩ් පීරිස් ඩිස්ට්‍රිබියුටර්ස් හි සාමාන්‍යාධිකාරී කේ.ඒ.එස්. ලසන්ත මහතා “වර්ග අඩි 25,000ක ඉඩකින් සමන්විත අපගේ  නව Arpico සූපර්සෙන්ටර් වෙළෙඳසැල  අද්විතීය සහ Arpico ජාලයට ආවේණික වූ සුවිශේෂී පහසුකම් රැසකින් සමන්විතයි. Arpico ජාලයේ සෑම සූපර්සෙන්ටර් වෙළඳසැලක් මෙන් එකම වහලක් යට සියලු දේ මිලදී ගැනීමේ පහසුකම රැගත් මෙම සුපිරි වෙළඳසැල, එක වර වාහන 60 කට වැඩි ප්‍රමාණයක් නවතා තැබීමේ පහසුකමින් ද සමන්විතයි. පාරිභෝගිකයන් හට තම සියලුම අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා Arpico සේවා මඩුල්ල විසින් විශිෂ්ට පාරිභෝගික සේවාවක් සමඟින් – ෆාමසියක්, බිල්පත් ගෙවීමේ පහසුකම් සහ කැෆේ පහසුකම් වැනි අවශ්‍යතා මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ, එළවලු හා පලතුරු නිෂ්පාදන, ගේ දොර උපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ, සහ ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ඇති මෙය Arpico ජාලයේ හයිපර්මාර්කට් වෙළඳසැල් ගණයේ 30වන වෙළඳසැලයි.”

සීදුව නගරයේ සහ අවට පදිංචි ජනතාවට මෙන්ම නගරය වෙත එනයන දහස් ගණන් ජනතාවට එකම වහලක් යට භාණ්ඩ 40,000කට වඩා තෝරාගැනීමට පහසු වන පරිදි Arpico සුපර්සෙන්ටර් සීදූව, මනාව තෝරාගත් ස්ථානයක පිහිටා ඇති බැවින්, ජනතාවට ඉතාමත් පහසුවෙන් අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ඇත. දිවයින පුරා පිහිටි සුපර්සෙන්ටර් 21ක්, සුපර්ස්ටෝර් 09ක් සහ Arpico ඩේලි සුපිරි වෙළඳසැල් 25 කින් සමන්විත වන Arpico සූපර්සෙන්ටර් වෙළඳසැල් ජාලය යනු සමාගමේ ප්‍රමුඛතම අලෙවිසැල් ජාලය වන අතර, පුළුල් රථගාල, බිල්පත් ගෙවීම්, බැංකු පහසුකම් හා කාර්යක්ෂම ජීවන රටා අවශ්‍යතා සපුරන ගමනාන්තයක් බවට පත්වී තිබේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව