
ආසියා පැසිෆික් ඩිජිටල් අලෙවිකරණ ආයතනය (APIDM) විසින් ‘ව්‍යාපාර වෘත්තිකයන් සඳහා වන කෘත්‍රිම බුද්ධිය (AI) නිපුණතා වැඩසටහන’, කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී නිල වශයෙන් එලිදක්වන ලදී. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන, මෙම වැඩසටහන ව්‍යාපාරික නායකයින්, විධායක නිලධාරීන් සහ ව්‍යවසායකයින්ට සිය ව්‍යාපාර වර්ධනය, නවෝත්පාදනය සහ නායකත්වය සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගැනීමට දැනුම සහ ප්‍රායෝගික නිපුණතාව ලබා දෙයි.
කෘත්‍රිම බුද්ධිය සහ ව්‍යාපාර තීරණ ගැනීම අතර පවතින ප්‍රායෝගික අභියෝගවලට ආමන්ත්‍රණය කරමින්, වෘත්තිකයන්ට ඔවුන්ගේ උපායමාර්ග, මෙහෙයුම් සහ එදිනෙදා කටයුතු සදහා කෘත්‍රිම බුද්ධිය (AI) ඒකාබද්ධ කිරීමට අවශ්‍ය දැනුම සහ කෘත්‍රිම බුද්ධිය හා සම්බන්ධ AI tool භාවිතය සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම මෙම වැඩසටහන මගින් ලබාදෙයි. එය, AI සංකල්ප පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදෙන අතරම, AI-පාදක දත්ත විශ්ලේෂණයන් හරහා ඵලදායී තීරණ ගැනීම, කෘත්‍රිම බුද්ධිය (AI) මෙවලම් භාවිතයෙන් ව්‍යාපාරවල ඵලදායිතාව ඉහළ නැංවීම, නවෝත්පාදන විසඳුම් ගෙන ඒම සහ වර්තමාන AI යුගයේදී ආයතන මෙහෙයවිය හැකි නායකයින් බිහි කිරීම ඉලක්ක කරයි.
APIDM හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අමිත අමරසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ, “APIDM හි අපගේ මෙහෙවර වන්නේ සෑම විටම වෘත්තිකයන් අනාගත රැකියා සඳහා සූදානම් කිරීමයි. මෙම වැඩසටහන දියත් කිරීමත් සමඟ, අපි (කෘත්‍රිම බුද්ධිය) AI-පාදක ආර්ථිකයක් තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය දියුණු කිරීම සඳහා වන දැවැන්ත පියවරක් තැබීමට බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහන හුදෙක් කෘත්‍රිම බුද්ධිය (AI තාක්ෂණය) හඳුන්වාදීමක් පමණක් නොව, ව්‍යාපාර සහ සමස්ත සමාජය සඳහා අර්ථවත් පරිවර්තනයක් උදාකරදිය හැකි අනාගත නායකයින් බිහි කිරීමක්.” යනුවෙනි.
තවද ව්‍යාපාර වෘත්තිකයන් සඳහා වූ AI නිපුණතා වැඩසටහනේ වැඩසටහන් අධ්යක්ෂ ශානක ප්‍රමෝද් මහතා සඳහන් කරනු ලැබූයේ “AI යනු වර්තමානය මිස තවදුරටත් එය දුරස්ථ අනාගතයක් නොවේ. මෙම වැඩසටහන හරහා අපගේ අරමුණ වන්නේ, ව්‍යාපාරික වෘත්තිකයන් සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය සරල කිරීමයි. එමඟින් තාක්ෂණික පසුබිමක් නොමැතිව වුවද වඩා හොඳ තීරණ ගැනීමට, මෙහෙයුම් කටයුතු ප්රශස්ත කිරීමට සහ නවෝත්පාදන ඉහළ නැංවීමට ඔවුන්ට අවස්ථාව ලැබේ. AI යුගය තුළ ආයතන මෙහෙයවීමට නායකයින් සූදානම් කිරීම මෙමඟින් සිදුකරයි.” යන්නයි.
මාර්ගගත (Online) ඉගෙනුම් ක්‍රමවේදයක් හරහා පැවැත්වෙන මෙම වැඩසටහන, ප්‍රායෝගික සැසි, විශේෂඥ දේශන, සැබෑ ලෝකයේ සිද්ධි අධ්‍යයනයන්, කණ්ඩායම් සාකච්ඡා සහ ප්‍රායෝගික අභ්‍යාස ඒකාබද්ධ කරමින් සිදුකරයි. AI මූලිකාංගයන්හී ව්‍යුහය (Stage 01 – AI Proficiency for Business Professionals), ව්‍යාපාර සඳහා AI යෙදීම් (Stage 02 – Advanced AI Skills for Business Innovators) සහ AI නායකත්ව සහ උපායමාර්ග ආවරණය (Stage 03 – Strategic AI Leadership for Business Executives) මෙහි මූලික අදියර තුන වන අතර, මෙමඟින් සහභාගිවන්නන්ට සංකල්ප අවබෝධ කරගැනීමේ සිට කෘත්‍රිම බුද්ධිය (AI) ක්‍රියාත්මක කිරීම දක්වා ප්‍රගතිය සහතික කරයි.
බැංකු (Banking), රක්ෂණ (Insurance), දේපල (Property), සංචාරක (Tourism), ගිණුම්කරණ (Accounting), මානව සම්පත් කළමනාකරණ (HR), මෙහෙයුම් කළමනාකරණ (Operations), අලෙවිකරණ (Marketing), ව්‍යාපාර (Business) සහ අධ්‍යාපන (Educational) වැනි ක්ෂේත්රවල ව්‍යාපාරික නායකයින්, කළමනාකරුවන්, ව්‍යවසායකයින් සහ වෘත්තිකයන් ඉලක්ක කරමින් නිර්මාණය කර ඇති මෙම වැඩසටහන, AI හි ශීඝ්‍ර දියුණුවට අනුවර්තනය වීමට ආයතනවලට ඇති අවශ්‍යතාව සපුරාලයි. තාක්ෂණික නොවන වෘත්තිකයන්ට AI සදහා පහසුවෙන් ප්‍රවේශ විය හැකි වන පරිදි, ඔවුන්ට ඩිජිටල් පරිවර්තනය විශ්වාසයෙන් මෙහෙයවීමට අවශ්‍ය හැකියාව මෙමඟින් ලබා දෙයි.
මෙය APIDM හි, AI ව්‍යාපාරික ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ පළමු අදියර වන අතර, AI Business Innovator සහ Strategic AI Business Leader මට්ටම් ද ඇතුළත් කරමින් නිර්මාණය කල වැඩසටහනකි. මෙමඟින්, කෘත්‍රිම බුද්ධිය (AI)-පාදකකොටගත් වර්තමාන යුගයේ ව්‍යාපාර සහ සමාජය පරිවර්තනය කළ හැකි ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වූ ශ්‍රම බලකායක් ගොඩනැගීමට APIDM හි කැපවීම තහවුරු වේ.


