Ants Creation ජාතික ව්‍යාපාර විශිෂ්ටතා රන් සම්මාන දිනයි

ANTS (LBN)

 



 

 

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී  (NBEA 2023)  ක්ෂුද්‍ර පරිමාණ (Micro Category)  අංශයේ විශිෂ්ටම ව්‍යාපාරය ලෙස  Ants Creation  රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා උත්කර්ෂවත් ලෙස කොළඹ ෂැංග්‍රි ලා හෝටලයේදී පැවැත්විණි. වසර 12ක් පුරා මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට දැරිය හැකි මිලකට, තත්ත්වයෙන් උසස් සේවා සපයන Ants Creation (Pvt) Ltd. ISO 9001:2015  ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන්ද පිදුම් ලබා ඇත.

Web Designing, Web Based System Development, Search Engine Optimizing, Branding, Designing, Digital Marketing, Printing  යන තොරතුරු තාක්ෂණයට අදාළ සේවා ඔවුන් විසින් සපයනු ලබයි. Ants Creation 2019දී දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී හොඳම ව්‍යාපාර විසඳුම් සැපැයුම්කරුවා සහ හොඳම නැගී එන තොරතුරු තාක්ෂණ ව්‍යාපාරය ලෙස සම්මාන ද්විත්වයක් හිමි කර ගත් අතර 2022දී බංගලාදේශයේ ඩකා නුවරදී පැවති දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී විශිෂ්ටම තොරතුරු තාක්ෂණ ආයතනයට හිමි සම්මානයද දිනා ඇත. “අපි මේ ව්‍යාපාරය ඇරඹුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට පහසු මිලකට තත්ත්වයෙන් උසස් සේවා සපයන ආයතන අඩු යුගයක, 2011 වසරේදී. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙකුට ව්‍යාපාරය ආරම්භයේ පටන් අවශ්‍ය සියලුම ඩිජිටල් සේවා හා මුද්‍රණ සේවා විශිෂ්ට තත්වයෙන් දැරිය හැකි මිලකට සැපයීම අපේ අරමුණයි. විශ්ව විද්‍යාලවල හා තාක්ෂණ අධ්‍යාපන ආයතනවල සිසුන්ට පුහුණුව සහ රුකියා සපයමින් විවිධ සමාජ සේවා ව්‍යාපෘති ඔස්සේ රටේ ආර්ථිකයට මෙන්ම සමාජයටද සේවය කරමින්, අපගේ සේවාදායකයන්ට තත්ත්වයෙන් උසස් සපයා ඉදිරියට යාමට අපි නිරතුරුව වෙහෙසෙනවා. ඉදිරියේදී අපගේ සේවා දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද ව්‍යාප්ත කිරීම අපේ අපේක්ෂාවයි. සුළුවෙන් ඇරැඹූ ව්‍යාපාරය අද සම්මානනීය ව්‍යාපාරයක් බවට පත් කරන්න කැප වූ Ants Creation සම අධ්‍යක්ෂිකා ලෙස කටයුතු කරන මගේ බිරිඳ බුද්ධි සමරනායක ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා.” Ants Creation  කළමනාකාර අධ්‍යක්ෂ සචින්තන වික්‍රමසිංහ මහතා පැවසීය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + 10 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව