Ansell Lanka ආයතනය, සේවය කිරීම සඳහා සුදුසුම රැකියා ස්ථානයක් ලෙස නිල වශයෙන් නම් කෙරෙයි

1- Ansell Lanka employees (LBN Fill)

 



 

 

 

උසස්ම සෞඛ්‍ය සහ ආරක්ෂණ විසඳුම් සම්පාදනයේ ගෝලීය ප්‍රමුඛයෙකු හා සබැඳි Ansell Lanka සමාගමේ සේවකයින් කේන්ද්‍ර කරගත් සේවා සංස්කෘතිය අගයමින්, එය සේවය කිරීම සඳහා සුදුසුම රැකියා ස්ථානයක් (Great Place to Work Certification™) ලෙස පසුගියදා නම් කෙරුණි.

Great Place to Work ආයතනය මගින් හඳුන්වාදී ඇති Trust Index හි සියයට 85ක ධනාත්මක ප්‍රතිචාර ප්‍රමාණයක් සමඟින් මෙම ජයග්‍රහණය ලබාගැනීමට Ansell Lanka සමාගම සමත්විය. සවිමත් සේවක සබැඳියාවක් කෙරෙහි Ansell Lanka සමාගම සතු උනන්දුව මෙම ජයග්‍රහණය හරහා මනාව පිළිබිඹු වේ.

Ansell Lanka සතු ගෝලීය වටිනාකම්වන ඒකාබද්ධතාව, කඩිසරබව, උද්‍යෝගය, කණ්ඩායම් හැඟීම, විශ්වාසනීයත්වය, නිර්මාණශීලිත්වය, සහභාගීත්වය සහ විශිෂ්ටත්වය පෙරටු කරගනිමින් එහි කාර්යමණ්ඩලය කටයුතු කරන බැවින් එම ගුණාංග ආයතනයේ සේවා සංස්කෘතිය තුළ මුල් බැසගෙන තිබේ. තව ද ආයතනයට අලුතින් සේවකයින් පැමිණීමේදී පවා එම ගුණාංග ඔවුන්ට හඳුන්වා දීම වෙනුවෙන් විවිධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් සංවිධානය කිරීමට සමාගම කටයුතු කරයි.

සිය සේවකයින්ට සක්‍රීයව සවන්දීමේ වැදගත්කම මෙන්ම සෑමවිටම ඔවුන්ගේ පාර්ශ්වයේ සිටගැනීම පිළිබඳව Ansell Lanka සමාගම දැඩි අවධානයක් යොමුකරයි. එහි ප්‍රතිඵලයක් ලෙස, සේවකයින් අතර, කිසිදු අසාධාරණ සැළකීමකට හෝ හිංසනයකට අවස්ථාව නොතැබීම වෙනුවෙන් ‘Ansell අපේ ’ නමින් කමිටුවක් පිහිටුවීමටත්, ඒ හරහා සේවකයින්ට නොපැකිළව සිය අදහස් සහ ගැටලු ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසාදීමටත් ආයතන පාලනාධිකාරිය කටයුතු කර තිබීම කැපීපෙනේ. ඊට අමතරව, විවිධත්වය, සමානාත්මතාවය සහ ඒකීයත්වය පිළිබඳ අවබෝධය දියුණු කිරීම වෙනුවෙන් විවිධ පියවර ගැනීමට ද Ansell Lanka සමාගම ක්‍රියා කර තිබේ. එනම්, විවිධ චින්තන රටා, ස්ත්‍රී පුරුෂ විවිධත්වය, සේවා ස්ථානය තුළ පවතින ජ්‍යෙෂ්ඨතා මට්ටම්, වාර්ගිකත්වය, ඇවිදීමේ අපහසුතා ඇති සේවකයින් සහ කාන්තා නායකත්වය වැනි අංශ පිළිබඳ සේවකයින්ගේ අවබෝධය පුළුල් කිරීමට පියවර ගැනුණි.

මේ අතර, නවෝත්පාදනය, දැනුම හුවමාරු කරගැනීම සහ නවමු චින්තනය ද Ansell Lanka සමාගම තුළ නිරන්තරයෙන් දක්නට ලැබෙන තත්ත්වයකි. Ansell Lanka හි නවෝත්පාදන වෙනුවෙන් අවස්ථා රැසකදී සම්මාන රැසක් දිනාගැනීමට සමත්වීම එය මනාව පිළිබිඹු කරයි. තව ද, කයිසන් දර්ශනය අනුව යමින් සියලුදෙනාම නව අදහස් සංවර්ධනයට සහ ගැටලු නිරාකරණය කිරීමේ විසඳුම් සැපයීමට මැදිහත්වීම ද කැපීපෙනේ. අඛණ්ඩ වර්ධනය, කසළ අවමකරණය සහ කර්මාන්තශාලා මට්ටමේදී lean discipline පවත්වාගැනීම වෙනුවෙන් ද සමාගම සම්මානයට පාත්‍ර වී තිබේ.

සැබෑ ගෝලීය සමාගමකින් හිමිවන වෘත්තීය වර්ධන සහ ඉගෙනුම් අවස්ථා, නිෂ්පාදන දිරිදීමනා, නව අදහස් වෙනුවෙන් ක්ෂණිකව හිමිවන මූල්‍ය ත්‍යාග, විපත් අරමුදල, පුස්තකාල පහසුකම්, ක්‍රීඩා ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම, විශාල ව්‍යායාම් පහසුකම් මධ්‍යස්ථානය යනාදිය Ansell Lanka හිදී ලබාගත හැකි ප්‍රතිලාභ අතර වේ. තව ද, ආයතන පරිශ්‍රය තුළ සතිය පුරා පැය 24ම (24/7) විවෘත වෛද්‍ය මධ්‍යස්ථානයෙන්, වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව ද සේවකයින්ට හිමිවන අතර, හොඳින් පුහුණුවලත් හෙද කාර්යමණ්ඩලයක් සහ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් මෙම වෛද්‍ය මධ්‍යස්ථානයට අනුයුක්තව සිටිති.

සෑම වසරකදීම සේවක දිනයක් සංවිධානය කෙරෙන අතර එහිදී සේවකයින් සමාගමට ලබාදෙන දායකත්වය ඇගයීමට ලක්කෙරේ. ඊට සමගාමීව සෑම දෙවසරකට වරක්ම පවුලේ දිනයක් ද සංවිධානය කෙරේ. එහිදී සේවකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට ද සේවා ස්ථානයට පැමිණ විනෝදයෙන් කාලය ගත කිරීමේ අවස්ථාව උදා වේ. Ansell Lanka සමාගම දිවයින පුරා සිටින දේශීය ප්‍රජාව සමඟ ද ඉතා සමීපයෙන් කටයුතු කරන අතර, සේවකයින්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ද (විශ්ව විද්‍යාල වරම් ලැබූ දරුවන් සහ පහ වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් වෙනුවෙන්) වාර්ෂිකව ශිෂ්‍යාධාර පිරිනමයි. එසේම, සෑම මාස 9කට වරක්ම ගර්භණී තත්ත්වයේ පසුවන සේවිකාවන් වෙනුවෙන් ද විශේෂ දැනුවත්කිරීමේ වැඩසටහනක් සංවිධානය කෙරේ.

කොවිඩ්-19 මර්දනය කිරීම Ansell Lanka සමාගමේ සෞඛ්‍යාරක්ෂණ ප්‍රමුඛතාවකි. එමෙන්ම, ‘Back to Better’ යනුවෙන් හඳුන්වාදී ඇති විශේෂ අන්තර්ජාල වැඩසටහන මගින්, මානසිකව විඩාවට පත්වීම කළමනාකරණය කරගැනීම, දුරස්ථව සේවා සිදුකිරීමේදී තමාගේ යහපැවැත්ම කෙරෙහි අවධානය යොමුකිරීම, මානසික ශක්තිය පවත්වාගැනීම, ශාරීරික සහ මානසික සෞඛ්‍ය සඳහා උපදෙස්,  සේවක මානසික සෞඛ්‍ය පිළිබඳ යාවත්කාලීන කිරීම් සහ සම්පත් සැපයීම ආදිය පිළිබඳ දැනුවත් කෙරේ. ආයතනයේ කළමනාකරුවන්ට පවා මානසික සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ විවෘත සංවාදයක නිරත වීමට දිරිමත් කෙරේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + eight =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව