ANIK ගැලරි සහ ප්‍රොඩක්ෂන් හවුස් කොළඹ දී විවෘත කරයි

1. Team ANIK 2 (LBN)

ANIK ගැලරි සහ ප්‍රොඩක්ෂන් හවුස් පසුගිය දිනක දී කොළඹ හීදී නවීන හා සම්පූර්ණ පහසුකම ඇතිව ආරම්භ කර ඇත.

නවින පහසුකම් ඇතිව, ඉහළ තාක්ෂණික ක්‍රමවේද යොදාගෙන සකස් කළ ශබ්ද නිරෝධිත මැදිරිය,ඡායාරූපකරණ සහ වීඩියෝකරණ පහසුකම් සහ ශ්‍රී ලංකා උරුමය සහ නිර්මාණකරණය පිළිබිඹු කරලන මෙම මැදිරිය තුළ කලා නිර්මාණ, ඡායාරූප ,සංගීත ,පසුතල නිර්මාණ ආදී ලෙස කලා ලෝලීන්ට වෘත්තිමය අවකාශයක අත්දැකීම් හා සේවාවන් ලබා ගත හැකිය.සැබවින්ම මෙය නව මාධ්‍ය පරිශීලකයින්ට මෙන්ම නිර්මාණශීලී අදහස් එලි දැක්වීමට හැකියාව ඇති,අද්විතීය ස්ථානයකි.නව්‍යකරණ ඩිජිටල් අත්දැකිමක් ලබා දීම ANIK හී අරමුණයි.
 



 

“අපගේ අරමුණ සරලයි. එය නිර්මාණකරුවන්ට නව අත්දැකීමක් ලබාදීම මෙන්ම නිර්මාණශීලීත්වයෙන් යුක්ත අදහස් ප්‍රකාශ කිරීමේ අවකාශයක් සඳහා ඔවුන්ට අවශ්‍ය දැනුම සහ පරිසරය ලබාදීමයි.” ANIK හී ප්‍රධානී රුචිර ජයවික්‍රම මහතා පැවසීය.

ANIK ඉදිරියේදී ප්‍රායෝගික මාධ්‍ය සහ සන්නිවේදන විෂය දැනුම, ශබ්දකරණය,ඡායාරූපකරණය, වීඩියෝකරණය, පසුතල පසුබිම් නිර්මාණය, ඩිජිටල් නිර්මාණකරණය සහ කතාංගනය වැනි විෂයන් පිළිබඳ පුහුණු වැඩසටහන්ද ඇරඹීමට සැලසුම් කරමින් සිටි.ඒ හරහා ශ්‍රී ලාංකික සංස්කෘතිය සහ උරුමය නව පරම්පරාවට හඳුන්වා දීමත් මෙහි එක් අරමුණකි.

සමාගමට අනුව, ඉදිරියේ දී  දේශීය කලාකරුවන් සහ මාධ්‍ය පුරෝගාමීන් මෙන්ම  සංස්කෘතික ආයතන සමඟ සම්බන්ධ වී ශ්‍රී ලාංකික අනන්‍යතාව ගෝලීය වශයෙන් ඉහළ නන් වන, සහයෝගීතා ප්‍රදර්ශන සහ වැඩසටහන් පෝෂණය කරන අතරම නිර්මාණකරුවන්ට ආර්ථික අවස්ථා ඉදිරියේ දී නිර්මාණය කරනු ඇත.

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 8 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව