Amy’s Haven බණ්ඩාරගම සුරතල් සත්කාරක නිවාසයක් පවත්වා ගෙන යාම සඳහා එහි සියලු ලාභ භාවිත කරයි

B (LBN)

වාද්දුවේ පිහිටි  බුටික් වර්ගයේ වෙරළ නිවාඩු නිකේතනයක් වන ඒමීස් හෙවන් (Amy’s Haven) බණ්ඩාරගම සුරතල් සත්කාරක නිවාසයක් පවත්වාගෙන යාම සඳහා එහි සියලු ලාභ භාවිතා කරන එකම දකුණු ආසියානු හෝටලය බවට පත්ව ඇත. මෙම සත්කාරක නිවාසය අක්කර පහක ඉඩමක පැතිරී ඇති අතර එහි දැන් බළලුන් සහ බල්ලන් 400 කට අධික සංඛ්‍යාවක් සිටී. මෙම සංකල්පය එහි නිර්මාතෘ, වෙනිසියුලාවේ හෙක්ටර් රොන්ඩන් ෆුවෙන්ටස් සහ ඔහුගේ බිරිඳ වන  ශ්‍රී ලාංකික කාන්තාවක් වන  ක්‍රිෂාන්ති මහත්මිය විසින් නිර්මාණය කරන ලදී.
 



 

“අපි මුලින්ම මෙම පහසුකම කොළඹ 5 ස්කෙල්ටන් පාරේ විවෘත කළ අතර, ඉඩකඩ සීමා සහ වෙනත් ගැටළු හේතුවෙන් එය බණ්ඩාරගමට මාරු කළෙමු. මෙම ඒමීස් හෙවන් සඳහා, අපි රුපියල් මිලියන 10 ක් පමණ ආයෝජනය කර මෑතකදී විවෘත කරන ලදී. අපගේ අමුත්තන්ට වැඩි සුඛෝපභෝගීත්වයක් ලබා දීම සඳහා, අපි හෝටලයට තවත් බොහෝ සුඛෝපභෝගී අංග සහ පිහිනුම් තටාකයක් ද එක් කළ අතර, අපි ඉක්මනින්ම සාම්ප්‍රදායික ආයුර්වේද ස්පා එකක් සහ BBQ ස්ථානයක් ද හඳුන්වා දෙන්නෙමු. මෙම අද්විතීය CSR සංකල්පය නිසා, ඉන්දියානු සාගරයට මුහුණලා පිහිටි ඒමීස් හෙවන්,විදේශීය සහ දේශීය වශයෙන් සුරතල් සතුන්ට හිතකර ගනුදෙනුකරුවන් පිරිසක් බිහි කර ඇත. අපගේ සුරතල් සතුන්ට හිතකර පරිසරය නිර්මාණය කර ඇත්තේ අමුත්තන්ට සහ ඔබේ සුරතල් සතුන්ට නිවසේ සිටින බවක් හා හැගීමක් දැනෙන පරිදි වන අතර, පැමිණෙන දේශීය විදේශීය අමුත්තන් විසින් එය හොඳින් පිළිගනු ලබනවා,” සභාපති ෆුවෙන්ටෙස් පැවසීය. “අපි අපගේ හෝටලය යුරෝපයේ, එක්සත් රාජධානියේ සහ ඉන්දියාවේ අලෙවිකරණ කර ඇති අතර, Tourism Seasons තුළදී අපට දිගු කාලීන නවාතැන් ගන්නන් සහ නැවත නැවත පැමිණෙන අමුත්තන් ද සිටිති. බණ්ඩාරගම මෙම සත්කාරක නිවාසය නඩත්තු කිරීමට අමතරව, අපගේ කණ්ඩායම් නොමිලේ සුනඛ විෂබීජහරණ වැඩසටහන් මෙන්ම බළලුන් සහ බල්ලන් සඳහා වෙනත් සුභසාධන වැඩසටහන් වලද නිරත වේ,” එක්සත් රාජධානියේ ස්වේච්ඡා සේවක ජැස්මින් මහත්මිය පවසයි. “අපට විශාල වෙරළ තීරයක් සහ උද්‍යාන ඉඩක් ඇති බැවින්, ඒමීස් හෙවන් හෝටලය,Day Outings සඳහා ප්රවර්ධනය කිරීම සඳහා අපි Coporate Sector සඳහා විවෘත කරනවා,” අලෙවිකරණ ප්‍රධානී අසේල නානායක්කාර මහතා පවසයි. ඒමීස් හෙවන්හි තනි සහ ද්විත්ව නිදන කාමර 5 ක් සහිත අලංකාර ලෙස නිර්මාණය කරන ලද විලා තුනක් ඇති අතර, නවීන පහසුකම් සහිතව කාමර හෝ විලාව වෙන්කරවා ගත හැකියි.”

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − 6 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව