AMW සිය Yamaha අලෙවි නියෝජිතයින් අගයමින් “The Journey Begins 2025” සාර්ථකව අවසන් කරයි

Image - AMW Yamaha Dealer Event (LBN)

ශ්‍රී ලංකාව තුළ Yamaha යතුරුපැදි සහ Outboard Motors බෙදාහැරීමේ බලයලත් එකම අලෙවි නියෝජිතයා වන Associated Motorways (Private) Limited (AMW) සිය අලෙවි නියෝජිතයින් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද අලෙවි නියෝජිත උළෙල, කොළඹ Marino Beach Hotel හිදී අති උත්කර්ෂවත් අන්දමින් පසුගියදා පවත්වන ලදී. එහිදී Yamaha යතුරුපැදි සහ OBM ව්‍යාපාරවල විකුණුම්, අමතර කොටස් සහ සේවා මෙහෙයුම්වල නිරත වූ විශිෂ්ට කාර්යසාධනයක් සහිත අලෙවි නියෝජිතයින් ගෞරවයට පාත්‍ර වූ අතර අමතර කොටස් අලෙවිය, Yamalube අලෙවිය, Yamaha Outboard Motor Unit අලෙවිය සහ වඩාත්ම විශ්වාසවන්ත 3S අලෙවි නියෝජිතයා වැනි විවිධ කාණ්ඩ කිහිපයක් යටතේ ඔවුන්ගේ දක්ෂතා ඇගයීමට ලක්විය.
 



 

2025 වසරේ අලෙවිකරණ උපායමාර්ග පිළිබඳව අවධානය යොමු කෙරුණු OBM ඒකක අලෙවි සමුළුවෙන් උත්සවය ආරම්භ වූ අතර 2024 වසරේ යතුරුපැදි අමතර කොටස් ව්‍යාපාරයේ ප්‍රගතිය පිළිබඳවත් 2025 වසර සඳහා වන උපායමාර්ග පිළිබඳවත් ඉන් අනතුරුව සාකච්ඡා කෙරිණි. පසුව 2024 වසරේ Yamaha සේවා පිළිබඳ සරල මතක් කිරීමක් ද සමඟින් 2025 වසර සඳහා වන සේවා උපාය මාර්ග මෙහිදී හඳුන්වා දෙන ලදී.

ඉන් පසු සාකච්ඡා කෙරුණු 2025 වසර සඳහා වූ Yamaha Unit sales ව්‍යාපාරික උපායමාර්ගය, අලෙවිකරුවන්ගේ සිත් දිනාගත් මාතෘකාව විය. වසර 5ක් පුරාවට රජය විසින් පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීම හේතුවෙන් නැවත වරක් Yamaha යතුරුපැදි සහ ස්කූටර් වෙළෙඳපොළට ලබාදිය හැකි බවත් ඒවායේ මාදිලි පෙළ, මිල සහ වර්ණ ආදී තොරතුරු පිළිබඳවත් මෙහි දී අලෙවිකරුවන් දැනුවත් කෙරිණි. ඉන් අනතුරුව එක් එක් කාණ්ඩයේ ජයග්‍රාහකයින් සඳහා සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කරමින් අලෙවි නියෝජිතයින් ඇගයීම සිදුවිය.

නවමු ගමනක ආරම්භය සනිටුහන් කිරීම උදෙසා මෙවර උළෙලේ තේමාව “The Journey Begins 2025″යනුවෙන් නම් කර තිබේ. අසීමිත අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ශ්‍රී ලාංකේය වෙළඳපොළට උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ සේවා සැපයීමට AMW සහ Yamaha Motor Corporation අඛණ්ඩව කැප වී සිටී. “KANDO” සංකල්පය පෙරදැරි කරගත් Yamaha Motor Corporation නිර්මාණශීලීත්වයේ රසවින්දනය මෙන්ම උසස් තත්ත්වයේ නිෂ්පාදන භාවිතයෙන් පාරිභෝගිකයින් තුළ ඇතිවන හැඟීම් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි.

AMW, ඉහළ නිපුණතා සහිත කාර්මික ශිල්පීන් කණ්ඩායමක සහය ද ඇතිව ශක්තිමත් අලෙවි නියෝජිත ජාලයක් ස්ථාපිත කිරීමට අඛණ්ඩව කැපවී සිටියි. එම කැපවීම ශ්‍රී ලංකාව තුළ Yamaha හි සාර්ථකත්වය සඳහා පදනම වී ඇති අතර එමඟින් පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීමටත්, සමාගමේ කීර්තිනාමය ශක්තිමත් කිරීමටත් ඔවුන්ට හැකිවී තිබේ. AMW සහ Yamaha, සිය පාරිභෝගිකයින්ට සහ පාර්ශවකරුවන්ට අවශ්‍ය ගෝලීය මට්ටමේ විශේෂඥ දැනුම සහ සේවා සපයමින් සිය දැක්ම අඛණ්ඩව ශක්තිමත් කරනු ඇත.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව