AMW හි නවතම ප්‍රදර්ශනාගාරය මාතර දිස්ත්‍රික්කයේ දී විවෘත කරයි.

Sinhala - AMW Strengthens Southern Presence with the Opening of a New Showroom in Matara (LBN)

ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ විශ්වාසදායක සන්නාමයක් වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (ප්‍රයිවට්) ලිමිටඩ් (AMW), තම නවතම ප්‍රදර්ශනාගාරය මාතර දී විවෘත කරමින් සිය ගමන්මගෙහි තවත් සන්ධිස්ථානයක් සාඩම්බරයෙන් සනිටුහන් කළේය. අංක 537, අනගාරික ධර්මපාල මාවත, වල්ගම, මාතර හි දී මෙම විවෘත කිරීමේ උත්සවය  පැවැත්විණි.

දිවයින පුරා පාරිභෝගිකයින් වෙත ජාත්‍යන්තර මට්ටමේ මෝටර් රථ අත්දැකීම් ලබා දීම සහ AMW හි ව්‍යාප්තිය පුළුල් කිරීම සඳහා වන අඛණ්ඩ කැපවීම මාතර නව ප්‍රදර්ශනාගාරය  විවෘත කිරීම තුළින් තහවුරු කරයි. මෙම ප්‍රදර්ශනාගාරය, AMW හි සුප්‍රසිද්ධ මෝටර් රථ නිෂ්පාදන සහ සේවා සැපයීම සඳහා නිර්මාණය කර ඇති අතර, මෙමඟින් දකුණු පළාතේ පාරිභෝගිකයින්ට ඒ වෙත ඉක්මනින් ප්‍රවේශ වීමටත්, සේවා ලබා ගැනීමට ඇති පහසුවත් සපයයි.
 



 

AMW හි වඩාත් ජනප්‍රිය සහ විශ්වාසදායක සන්නාම දෙකක් වන Nissan සහ Suzuki වාහන නව ප්‍රදර්ශනාගාරයේ ප්‍රදර්ශනය කර තිබුණි.  සෑම වාහනයක් සඳහාම ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය සහ නවෝත්පාදනය ලබා දීම සඳහා වන AMW හි කැපවීම ඉස්මතු කරමින්, Nissan සහ Suzuki හි ආකර්ෂණීය නවතම මාදිලි නැරඹීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට ලැබුණි.

විවෘත කිරීමේ උත්සවයේ සාර්ථකත්වය තවදුරටත් සනිටුහන් කරමින්, උත්සවය අතරතුර දී පළමු Nissan Magnite සහ Suzuki Fronx වාහන නිල වශයෙන් පාරිභෝගිකයින් වෙත භාර දෙන ලද අතර, අලුත්ම පාරිභෝගිකයන් විසින් වාහන  කිහිපයක්  වෙන්කරවා ගැනීම (bookings)  ද සිදු කරන ලදී.

මෙම අවස්ථාව අමතමින් AMW හි කළමනාකාර අධ්‍යක්ෂ ජවහර් ගනේෂ් මහතා, “මාතර හි අපගේ නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම, ගුණාත්මකභාවය, විශ්වාසය සහ පහසුව අපගේ පාරිභෝගිකයින්ට සමීප කිරීමේ AMW හි මෙහෙවරෙහි තවත් වැදගත් පියවරක් සනිටුහන් කරනවා. දශක හතකට වැඩි කාලයක් පුරා, විශ්වාසදායක ගමනාගමන විසඳුම් හරහා ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත පොහොසත් කිරීමට AMW කැප වී සිටින අතර, මෙම නව ශාඛාව රට පුරා සෑම කලාපයකම අවශ්‍යතා සපුරාලීම තහවුරු කිරීම  සඳහා අපගේ අඛණ්ඩ උත්සාහය පිළිබිඹු  කරනවා” යනුවෙන් අදහස් දැක්වීය.

උත්සවයට AMW කළමනාකරණ කණ්ඩායමේ සාමාජිකයින්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ ප්‍රදේශයේ සුබ පැතුම්කරුවන් සහභාගී වූ අතර ඔවුන්ට නව පහසුකම් පිළිබඳ දැනුම සපයන ලදී. මෙහි දී පාරිභෝගික සේවාව සහ මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ AMW හි කැපවීම සජීවීව අත්විඳගත හැකි විය.

Al-Futtaim සමූහයේ සාඩම්බර සාමාජිකයෙකු ලෙස, වසර 75කට වැඩි කාලයක්, AMW විසින් ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය තුළ ප්‍රමිතීන් ස්ථාපිත කරමින් සිටියි. මාතර නව ප්‍රදර්ශනාගාරය සමාගමේ දිවයින පුරා ව්‍යාප්තිය පුළුල් කරන අතර රටේ වඩාත්ම විශ්වාසදායක සහ පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් මෝටර් රථ සන්නාමයක් ලෙස එහි ස්ථානය තවදුරටත් තහවුරු කරයි.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − ten =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව