AMW එළිදක්වන AMW-EPIC ටයරය : දේශීය ඉල්ලු‍ම සපුරාලන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත හොඳම ටයර් සන්නාමය

AMW - EPIC PR Image #5 (LBN)

 



 

 

ශ්‍රී ලාංකේය මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන AMW සිය වැඩිදියුණු කළ ටයර් සන්නාමය වන, ”AMW-EPIC” එළිදක්වන බව නිවේදනය කරයි. කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ නිර්මාතෘ සහ ඇසෝසියේටඩ් මෝටර්වේස් (ප්‍රයිවට්) ලිමිටඩ් (AMW) නිර්මාතෘ දිවංගත ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ මූලිකත්වයෙන්, 1949 දී සිය කර්මාන්ත ශාලාව ආරම්භයේ සිටම රබර් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් සුවිශේෂී උරුමයක් ඇති AMW, මෙම නවතම හඳුන්වාදීමත් සමග ටයර් සඳහා වේගයෙන් ඉහළ යන දේශීය ඉල්ලුම සපුරාලීමට අපේක්ෂා කරයි.

එසේම, AMW හි මෙම නව හඳුන්වාදීම හරහා පාරිභෝගික සහ වාණිජ යන කාණ්ඩ දෙකෙහිම මෝටර් රථ හිමියන්ට, විශේෂයෙන්ම මිල සහ ගුණාත්මකභාවය යන අංශ දෙකෙන්ම ඉහළ ප්‍රතිලාභයක් හිමිකර දෙනු ඇති බව AMW හි විශ්වාසයයි. මේ සියලු කාරණා සමග, ˜AMW-EPIC, හදවතින්ම ශ්‍රී ලාංකේය ටයරයක් ලෙස දේශීය ටයර් වෙළඳපොළෙහි කාලීන අවශ්‍යතාවක් සපුරාලනු ඇතැයි ්ඵඋ බලාපොරොත්තු වේ.

ඒ අනුව, පුළුල් පරාසයක පාරිභෝගික සහ කාර්මික අවශ්‍යතා සපුරාලමින්, AMW සිය නවීන නිෂ්පාදන ක්‍රමවේද සහ කළමනාකරණ ශිල්පීය ක්‍රම උපයෝගී කර ගනිමින් Yamaha Ray ZR, Honda Dio, TVS ScootyPep සහ Ntorq වැනි ස්කූටර් ටයර් එකතුවක්, Yamaha FZ, Suzuki GN125, Bajaj Discovery, CT100 Pulsar වැනි යතුරුපැදි ටයර් එකතුවක්, Bajaj, TVS, Mahindra සහ Piaggio වැනි ත්‍රීවීලර් ටයර් එකතුවක් සහ Tata Dimo Batta සහ Mahindra Maxximo වැනි අනෙකුත් සැහැල්ලු වාහන සඳහාද ටයර් එකතුවක් නිෂ්පාදනය කරයි.

මේ අතර, AMW-EPIC සෙසු තරගකාරී ටයර්වලින් වෙනස්වන සුවිශේෂී කට්ට රාටාව නිසාම, එම ටයර් භාවිත කරන්නන්ට ලීටරයකට උපරිම සැතපුම් ප්‍රමාණයක් ලබාදෙන්නේ, වර්තමාන පසුබිම තුළ පාරිභෝගිකයාට වැඩි මුදල් ඉතිරියක් සහ ප්‍රයෝජනයක් සලසමිනි. එසේම, මෙම ටයර් කම්පනයට සහ දෙදරීමට එරෙහිව 100%ක්ම පරීක්ෂා කර ඇති අතර, වංගු ගැනීමේදී සහ තිරිංග යෙදීමේදී වැඩිදියුණු කළ ග්‍රහණයක් සමග උපරිම ආරක්ෂාවක් සහතික කර ඇත. මේ නිසාම, සියලුම AMW-EPIC ටයර් අනුපාතික පදනම මත (Pro-Rate Warranty) වසර 3ක වගකීමක්ද ලබාදෙයි.

AMW Manufacturing නියෝජනය කරමින් මේ නවතම හඳුන්වාදීම සම්බන්ධයෙන් විරාන් ද සොයිසා මහතා අදහස් පළ කරමින් කියා සිටියේ, ”ශ්‍රී ලංකාවේ ටයර් වෙළෙඳපොළ ආනයන මත දැඩි ලෙස රඳා පැවතීම හේතුවෙන් පසුගිය වසර දෙක තුළ වෙළෙඳපොළෙහි ටයර් හිඟයක් සමග ඇතිවූ ඉහළ යන ඉල්ලුම සපුරාලීම සඳහා දේශීය ව්‍යවසායයක් ලෙස ඉදිරියට යාමට හැකිවීම ගැන AMW ලෙස අප සතුටු වෙනවා. අපගේ නව්‍ය නිෂ්පාදනය දැරිය හැකි මිලකට මෙන්ම, උසස් තත්ත්වයේ ගුණාත්මකභාවයකින් යුතු නිෂ්පාදනයක් ලෙස අවිවාදයෙන් හඳුන්වාදිය හැකියි. එය දේශීය මෝටර් රථ ප්‍රජාවට අත්‍යවශ්‍ය සහනයක් වනු ඇතැයි කියා අපට විශ්වාසයි.” යනුවෙනි.

AMW සියලුම කාර්මික අරමුණු වෙනුවෙන් දැනටමත් ටයර් නිෂ්පාදනයේ නිරත වන අතර, ඔවුන්ගේ අනෙකුත් රබර් නිෂ්පාදන අතරට මෝටර් වාහන සඳහා අවශ්‍ය බුෂ්, හෝස්, රබර් සීල් සහ රබර් කාපට් ඇතුළත් වෙයි. මෙවැනි පසුබිමක, දශක ගණනාවක් පුරා AMW සමාගම ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය සහ පාරිභෝගික දිශානතිය සඳහා අසමසම කීර්තියක් වර්ධනය කරගෙන ඇත. මේ නිසාම, AMW දේශීය පාරිභෝගිකයන්ගෙන් නොනැවතී, බොහෝ ලෝක මට්ටමේ ගනුදෙනුකරුවන් සඳහා වඩාත් සුවිශේෂී වෙළඳ නාමයක් බවට දැනටමත් පත්ව සිටියි.

දැඩි තත්ත්ව පාලන ක්‍රමවේද යටතේ ක්‍රියාත්මක වෙමින්, අති නවීන නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා සැලකිය යුතු ආයෝජනයක් සිදුකර ඇති AMW Manufacturing, ශ්‍රී ලංකාවේ කළුතර නාගොඩ ප්‍රදේශයේ අක්කර 23ක භූමි ප්‍රදේශයක් පුරා පැතිර පවතී. එය ISO9001: 2015 තත්ත්ව කළමනාකරණ පද්ධති තත්ත්ව සහතිකයෙන්, ISO14001:2015 පාරිසරික කළමනාකරණ පද්ධති තත්ත්ව සහතිකයෙන්ද AMW පිදුම් ලබා ඇත.

එසේම, CoVid-19 විසින් රැගෙන ආ අභියෝගවලට ක්‍රියාකාරීව ප්‍රතිචාර දැක්වීම හේතුවෙන්, AMW හි නිෂ්පාදන පහසුකම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් CoVid-19 හි ආරක්ෂිත වැඩ කරන පරිසරයක් ලෙසද සහතික කර ඇත. මේ ආකාරයෙන්, ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම නිසාම, AMW නිෂ්පාදන තවදුරටත් සිය විශ්වසනීයත්වය සහතික කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + fifteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව