
ශ්‍රී ලංකාවේ පානීය ජල ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු මෙන්ම වසර 30 කට අධික පළපුරුද්දක් සමඟින් එම ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින සමාගමක් වන American Premium Water පසුගියදා විශේෂ පාරිභොගික ළැදියා වැඩසටහනක් (Loyalty Programme) සහ ජංගම යෙදුමක් (Mobile application) හඳුන්වා දීමට කටයුතු කළේය. ඒ වෙනුවෙන් සංවිධානය කළ උත්සවය 2026 පෙබරවාරි 16 දින කොළඹ Cinnamon Lakeside හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ බෝතල් කළ පානීය ජලය ක්ෂේත්‍රය තුළ මෙවැනි පාරිභෝගික ළැදියා වැඩසටහනක් ක්‍රියාවට නංවනු ලබන ප්‍රථම අවස්ථාව මෙයයි. මෙය එහි පාරිභෝගිකයන්ට ඉහළම ප්‍රමිතියෙන් යුත් ප්‍රමුඛම සේවාවන් හඳුන්වා දෙන අතරම පාරිභෝගිකයන්ට සුවිශේෂී ප්‍රතිලාභ පිරිනැමීම සඳහා American Premium Water සමාගම දක්වන උනන්දුවට මනා සාක්ෂියකි.
නිරෝගී ජීවන රටාවන් ප්‍රවර්ධනය කිරීම සඳහාම නිර්මාණය කර ඇති American Premium Water පාරිභෝගික ළැදියා වැඩසටහන, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් වෙනුවෙන් නිතිපතා ජලය පානය කිරීමට ජනතාව දිරිගන්වන අතරම ඔවුන්ට විවිධ ප්‍රතිලාභ හිමිකර ගැනීමට අවස්ථාව සලසා දෙයි. මේ යටතේ ගෘහස්ථ පාරිභෝගිකයන්ට මෙන්ම සමාගම්, ආයතන සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර යන කාණ්ඩවලටද මාස 3 කට වරක් විවිධ ප්‍රතිලාභ හිමි වනු ඇත.
මෙම පාරිභෝගික ළැදියා වැඩසටහනට සමගාමීව දියත් කළ American Premium Water ජංගම යෙදුම, ජනතාවට තම දෛනික ජල පරිභෝජනය සහ එහි වැදගත්භාවය මෙන්ම ගුණාත්මක ජල පරිභෝජන රටාවන් පිළිබඳ තොරතුරු පවත්වා ගැනීමට උපකාරී වේ. එමෙන්ම එය ඇණවුම් කළ භාණ්ඩ ගෙනැවිත් භාරදීම පිළිබඳ සජීවී තොරතුරු ලබාදෙන අතර, ගෙවීම් කටයුතු වඩාත් පහසුවෙන් කළමනාකරණය කරගැනීමටද අවස්ථාව සලසයි. ඊට අමතරව නිරෝගී ජීවන රටාවන් ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, මෙම ජංගම යෙදුම බාගත කරගෙන මාස 2 කට වැඩි කාලයක් එය භාවිතා කරන පාරිභෝගිකයන්ගේ අතරින් තෝරාගත් පාරිභෝගිකයන්ගේ මාසික ගාස්තු කපාහැරීමටද American Premium Water සමාගම සැලසුම් කර තිබේ.

“ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස කවදත් අපගේ ප්‍රධාන ඉලක්කය වුණේ ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම තුළින් නිරෝගිමත් ජීවිතයක් සඳහා අපගේ පාරිභෝගිකයන් දිරිගැන්වීමයි. නිසි පරිදි ගුණාත්මක බවෙන් ඉහළ ජලය පානය කිරීම යනු කායික හා මානසික යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය දෙයක්. අපගේ නව පාරිභෝගික ළැදියා වැඩසටහන සහ ජංගම යෙදුම සැලසුම් කර ඇත්තේ නිතිපතා ජලය පානය කිරීම ඉතාමත් පහසුවෙන් තම දෛනික ජීවිතයේ අංගයක් බවට පත්කර ගැනීමට හැකි වන ආකාරයටයි. මෙය හුදෙක් ජලය පානය කිරීමට පෙළඹවීමෙන් ඔබ්බට ගොස්, ශක්තිය, ජීවය සහ නිරෝගී සුවය වැඩිදියුණු කරන යහපත් පුරුදු නිර්මාණය කරගැනීමට අපගේ පාරිභෝගිකයන්ට අත්වැලක් වන වැඩසටහනක් ලෙස හැඳින්වීමට පුළුවන්.” American Premium Water සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ෆයාස් ෆසාල් මහතා පැවසීය.
American Premium Water සමාගම සෑම විටම යහපත් සමාජ, පාරිසරික හා ආර්ථික බලපෑමක් ඇතිකිරීම සඳහා කැප වී සිටින සමාගමකි. මෙම නව පාරිභෝගික ළැදියා වැඩසටහන සහ ජංගම යෙදුම දියත් කිරීමද එම කැපවීමට සමගාමී පියවරක් ලෙස හැඳින්විය හැක. OrphanCare වැඩසටහන හරහා සමාගම සෑම මිලදී ගැනීමකදීම රැකවරණය අහිමි තරුණයන් වෙනුවෙන් මුදල් බැර වන පරිදි මෙරට ළමා සුරැකුම් නිවාස 90 කට වැඩි සංඛ්‍යාවකට අත්වැලක් වී තිබේ. එමෙන්ම පසුගිය දශකයක කාලය තුළ සමාගම රටේ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ප්‍රජාවන් වෙනුවෙන් පිරිසිදු පානීය ජලය ලීටර් 800,000 කට වැඩියෙන් පරිත්‍යාග කර ඇති අතර, ඒ ඔස්සේ ක්‍රියාශීලී ජීවන රටාවන් පවත්වාගෙන යාම සඳහා පුද්ගලයන් මිලියන 1.6 කට අධික සංඛ්‍යාවක් දිරිගන්වා තිබේ. සමාගමේ කාර්ය මණ්ඩලයෙන් 45% කට අධික ප්‍රතිශතයක් කාන්තාවන් වන අතර, සමාගම ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 360 කට අධික ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කරයි. මීට අමතරව සමාගම විසින් පරිසර හිතකාමී වීදුරු බෝතල්ද වෙළඳපොළට හඳුන්වා දී ඇති අතර, එලෙස වීදුරු බෝතල් හඳුන්වා දුන් මෙරට ප්‍රථම පානීය ජල සමාගම American Premium Water සමාගමයි. දිවයින පුරා බෙදාහරිනු ලබන American Premium Water නිෂ්පාදන සඳහා ස්වාභාවික ඛණිජලවණ වලින් අනූන ජලය සපයාගනු ලබන්නේ අඩි 200 කට වැඩි ගැඹුරකින් යුත් නළ ළිඳක් භාවිතයෙනි.
වසර 30 කට අධික පළපුරුද්දක් හිමි American Premium Water සමාගම මේ වන විට ISO, HACCP, SLS, ABWA සහ HAC ඇතුළු සහතිකකරණයන් රැසක් හිමි කරගෙන ඇති අතර, ඒ ඔස්සේ පානීය ජල විසඳුම් සම්බන්ධයෙන් මෙරට වෙළඳපොළේ නොසැලෙන විශ්වාසය දිනාගැනීමට සමත් වී ඇත. ඉදිරියේදී කලාපයේ තවත් රටවල් වෙතටද තම ව්‍යාපරික මෙහෙයුම් ව්‍යාප්ත කරමින්, නවෝත්පාදනය, තිරසාරත්වය සහ ප්‍රජාවන් සවිබල ගැන්වීම ඔස්සේ ජනතාවට වඩාත් නිරෝගී හා තෘප්තිමත් ජීවිතයකට මංපෙත් විවර කර දීම සමාගමේ අරමුණ වී තිබේ.


