
දශක තුනක් පුරා මෙරට සිසුන්ට ඇමෙරිකානු ප්‍රමිතිගත අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව සළසන American College of Higher Education (ACHE), London Business Consultancy සංවිධානය කළ Global Business Excellence 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටම ඇමරිකන් ප්‍රමිතිගත අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. 1995දී ඇරැඹුණු ACHE ආයතනය දේශීයව සහ විදේශීයව උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන්ට නිවැරැදි මඟ පෙන්වන අධ්‍යාපන ආයතනයක් ලෙස විශ්වාසය දිනා ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාහි Keiser විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වන මෙම ආයතනය American Associate Degree පිරිනැමීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ Southern Association of Colleges and Schools Commission on Colleges (SACSCOC) ආයතනයේ අනුමැතිය සහිත මෙරට එකම ඇමරිකානු අධ්‍යාපන සේවා සපයන්නාද වේ.
ACHE ආයතනය හා සම්බන්ධ වන සිසුන්ට සිය උපාධියේ පළමු වසර දෙක මෙරටදී සම්පූර්ණ කර අනතුරුව ඇමරිකා එක්සත් ජනපදයේ හෝ වෙනත් රටක විශ්ව විද්‍යාලයක උපාධියේ ඉතිරි වසර දෙක සම්පූර්ණ කළ හැකිය. මේ වන විට 5,000කට අධික සිසු පිරිසක් එම ආයතනයේ එක්සත් ජනපද උපාධි හුවමාරු වැඩසටහන හරහා ඇමරිකානු එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය වැනි රටවල විශ්ව විද්‍යාලවලට ඇතුළත් වී ඇත. ව්‍යාපාර අධ්‍යයනය, මනෝ විද්‍යාව, තොරතුරු තාක්ෂණය, ඉංජිනේරුකරණය, කෘත්‍රිම බුද්ධිය, විශ්ලේෂණ, ජීව විද්‍යාව ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ අධ්‍යාපන වැඩසටහන් ACHE ආයතනයේදී හැදෑරිය හැකිය. සහතික පත්‍ර, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, ප්‍රථම උපාධි, ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි දක්වා වන සුදුසුකම් දේශීය වශයෙන් සපුරා ගැනීමටද සිසුන්ට අවස්ථාව තිබේ. ACHE ආයතනයේ ප්‍රධාන ශාඛාව දෙහිවල පිහිටා ඇති අතර අනෙකුත් ශාඛා මහනුවර, මීගමුව, කුරුණෑගල සහ ගාල්ලේ පිහිටා ඇත. ගෝලීය වශයෙන් පිළිගත් අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව සැපැයීමෙන් ඔවුන්ගේ පෞද්ගලික සහ වෘත්තීය සංවර්ධනයට සහාය දීම සිය ප්රමුඛ අරමුණ කර ගත් එම ආයතනය පසුගිය දශක තුනක කාලය පුරා දෙස් විදෙස් සම්මාන රැසක් ලබා තිබේ.