Amazon College & Campus වාර්ෂික උපාධි ප්රදානෝත්සවය පසුගියදා BMICHහිදී සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ වැඩ බලන උපකුලපති ආචාර්ය යූ. එල්. අබ්දුල් මජීඩ් මහතාය. මාලදිවයින් ජනරජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජපානයේ, ඩුබායිහි සහ ශ්‍රී ලංකාවේ හිටපු තානාපතිවරයෙකු වන හුසේන් ෂරීෆ් මහතා ගෞරවණීය ආරාධිතයා ලෙස මෙම උත්සවයට සහභාගී විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර, කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එස්. ජේ. යෝගරාජා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ. මාලදිවයින, ඩුබායි, කටාර් සහ සෞදි අරාබිය ආදී රටවල සිසුහු උපාධි ප්‍රදානෝත්සවයට පැමිණ සිටියහ. මෙම 16 වැනි වාර්ෂික උපාධි ප්රදානෝත්සවය Amazon College & Campus හි අධ්යක්ෂ ඉල්හාම් මරික්කාර් මහතාගේ නායකත්වය යටතේ සංවිධානය කරන ලදී.
2024 වසරේ විශිෂ්ටම කථිකාචාර්යවරිය ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ෂෆ්රා ලරීෆ් මහත්මිය සම්මාන දිනා ගත්තාය. මාලදිවයිනේ උසස් අධ්‍යාපන ආයතනයක් සමඟ අනුබද්ධ වීම, ආයතනයේ ජාත්‍යන්තර සහයෝගීතාව සහ සිසුන් සඳහා ඇති අවස්ථා පුළුල් කිරීම, ABE-UK අනුමත පාඨමාලා හඳුන්වා දීම, ගෝලීය වශයෙන් පිළිගත් සුදුසුකම් පිරිනමමින් ජත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූල උපාධි පිරිනැමීම Amazon ආයතනයේ විශිෂ්ටත්වය තව දුරටත් තහවුරු කරයි. Amazon College & Campus (www.amazoncollege.lk) මනෝ විද්‍යාව හා උපදේශනය, තොරතුරු තාක්ෂණය, ගුරු පුහුණුව, ව්‍යාපාර කළමනාකරණය, AMI සහ පූර්ව ළමා විය සංවර්ධනය, ඉංග්‍රීසි, දේශපාලන විද්‍යාව, අධ්යාපනවේදය, සමාජ විද්‍යාව ආදී විෂය ක්ෂේත්රවලට අදාළව ඩිප්ලෝමා, උසස් ජාතික ඩිප්ලෝමා (HND), උපාධි පාඨමාලා හඳුන්වා දී ඇති අතර O/L හෝ A/L අවසන් කළ දරුවන්ට තමන්ට සුදුසු උසස් අධ්‍යන මාවතක් තෝරා ගැනීමට අවකාශ සළසා ඇත.