Amazon College & Campus නව ශිෂ්‍යත්ව 500ක් පිරිනමයි

Amazon Campus (LBN)

ඇමසන්  උසස් අධ්‍යාපන ආයතනය නව ශිෂ්‍යත්ව 500ක් පිරිනමන ව්‍යාපෘතියක් පසුගියදා දියත් කළේය. Amazon College & Campus හි (www.amazoncollege.lk) උසස් අධ්‍යාපන හැදෑරීමට අපේක්ෂා කරන සිසුන්ට උපකාර කිරීම සඳහා මෙලෙස නව ශිෂ්‍යත්ව 500ක් පිරිනැමීමේ වැඩසටහන හඳුන්වා දෙන ලදී. බොහෝ සිසුන් මුහුණ දෙන මුල්‍ය අභියෝග හඳුනා ගනිමින් ඔවුන්‌ට සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා පහසුවෙන් ප්‍රවේශ වි හැකි පසුබිමක් සැකසීම මෙම ශිෂ්‍යත්ව වැඩසටහනේ මූලික අරමුණකි.

මෙම ශිෂ්‍යත්ව හිමි වන සිසුන්ට දේශපාලන විද්‍යාව උපාධිය සහ අධ්‍යාපනවේදී උපාධිය හැදෑරිය හැකිය. Amazon උසස් අධ්‍යාපන ආයතනය විසින් පවත්වනු ලබන ප්‍රවේශ විභාගයේදී ලබන ලකුණු මට්ටම අනුව ශිෂ්‍යත්ව පිරිනමනු ලබයි. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම සිසුන්ට දේශන සඳහා සහභාගී විය හැකිය. වැඩි විස්තර සඳහා 0773208023 අංකයට අමතන්න.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 14 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව