Amazon College විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස BWIO ඇමරිකානු සම්මාන දිනයි

Amazon College MAIN IMAGE (LBN)

Business World International Organization (BWIO) සංවිධානය කළ අධ්‍යාපන ආයතන  සේවා සම්මාන උළෙල ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. එහිදී අධ්‍යාපන ආයතන සේවා යටතේ මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Amazon College (www.amazoncollege.lk) සම්මානයට පාත්‍ර විය. දැරිය හැකි මිලකට නව්‍ය සහ කාලීන උසස් අධ්‍යාපනයෙන් දරුවන් සන්නද්ධ කිරීම අරමුණු කර ගත් Amazon College ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උසස් අධ්‍යාපන වැඩසටහන් රැසක් හඳුන්වා දී ඇත. ගුරු පුහුණුව,  මනෝ විද්‍යාව, ඉංග්‍රීසි, ව්‍යාපාර පරිපාලනය හා පරිගණක තාක්ෂණය වැනි පුළුල් විෂය පරාසයක් ආවරණය කරන ඩිප්ලෝමා, උසස් ජාතික ඩිප්ලෝමා, top up වැඩසටහන්,  සාමාන්‍ය උපාධි, ශාස්ත්‍රපති උපාධි සහ ආචාර්ය උපාධි වැනි පාඨමාලා රැසක් ඒ අතර වේ. මෙම සෑම වැඩසටහනක්ම සිද්ධාන්ත දැනුමට අමතරව ප්‍රායෝගික දැනුමද ලැබෙන ආකාරයෙන් සැළසුම් කර ඇත.

 



 

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය සහිත විශ්ව විද්‍යාල සමඟ අනුබද්ධව Amazon College උසස් අධ්‍යාපන ආයතනය කටයුතු කරයි. ඔවුන් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති වෘත්තීය පුහුණු කොමිෂන් සභාවේ ලියාපදිංචි වී ඇති අතර දේශීය හා විදේශීය පිළිගැනීමට ලක් වී ඇත. Amazon College හා සම්බන්ධ වී උසස් අධ්‍යාපන  හදාරන සිසු සිසුවියන්ට  දැරිය හැකි පාඨමාලා ගාස්තු යටතේ නම්‍යශීලී ගෙවීමේ ක්‍රම, ප්‍රායෝගික පුහුණු වැඩසටහන්, රැකියා ස්ථානගත කිරීම්, වෘත්තීය හා අධ්‍යාපන මාර්ගෝපදේශන වැනි වාසි රැසක් ලැබේ. Amazon College වෙතින් ඩිප්ලෝමා පාඨමාලා හදාරන සිසු සිසුවියන්ට විදේශ විශ්ව විද්‍යාලවලට අයදුම් කර අදාළ උපාධි පාඨමාලාවල දෙවැනි හෝ තෙවැනි වසරට ඇතුළත් වීමටද අවස්ථාව ඇත. ඇතැම් පාඨමාලා ලකුණු විදේශ විශ්ව විද්‍යාලවල අධ්‍යාපන වැඩසටහන් සඳහා අයදුම් කිරීමේදී හුවමාරු කර ගත හැකිය. ඉහළ සුදුසුකම් සහ දීර්ඝ කාලීන පළපුරුද්ද සහිත ආචාර්ය මණ්ඩලයක් Amazon College සතු අතර එක් එක් සිසුවා පිළිබඳව වෙන් වෙන් වශයෙන් අවධානය යොමු කරමින් සිසුන් සාර්ථකත්වය කරා රැගෙන යාමට ඔවුහු කටයුතු කරති. වැඩි විස්තර සදහා 0765204604 අංකයට අමතන්න.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + nine =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව