සමාජයට තම වගකීම් ඉටුකරමින්, විශේෂයෙන් දරුවන්ට අනාගතය පැහැබර කරගැනීමට අවශ්‍ය උපකාර ලබාදීම ALT ආයතනයේ මූලික අපේක්ෂා අතර ඉහළින්ම තිබෙන අපේක්ෂාවයි. ALT Adhyapana Plus රක්ෂණාවරණ හිමියන්ගේ දරුවන් සතු නිර්මාණාත්මක හැකියාවන් ඔපවත් කිරීමේ අරමුණ පෙරදැඩිව ඔක්තෝබර් 01 වැනිදාට යෙදුණු 2019 ලෝක ළමා දිනය සැමරීමට සමඟාමීව ALT ආයතනය විසින් මෙම චිත්‍ර තරඟාවලිය සංවිධානය කරන්නට යෙදුණි. රක්ෂණාවරණ හිමියන්ගේ දරුවන් 3000ක් පමණ මෙම තරඟාවලියේ දී තම දක්ෂතාවන් හා නිර්මාණාත්ම හැකියාව ප්‍රදර්ශනය කිරීමට උදෙසා චිත්‍ර ලබා දී තිබිණි.
ALT Adhyapana Plus යනු භාරකාරු/දෙමාපියන් සහ දරුවන් වන දෙපාර්ශවයටම අමතර රක්ෂණාවරණයක් හිමිවන ළමා අධ්‍යාපනික සැලස්මකි. දරුවාගේ උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙමින් දිගු කාලීන ආරක්ෂාවක්, ඉතිරියක් සහ ආයෝජනයක් මේ හරහා හිමිවේ. දරුවාගේ ඉදිරි අනාගතයට බාධාවක් ඇති නොවන ආයෝජන සැලස්මක් ලෙස සහතිකයක් ලබාදීම ALT Adhyapana Plus වල ඇති ප්‍රධාන ලක්ෂණයකි. අවාසනාවන්ත තත්ත්වයක දී රක්ෂකයා අහිමි වු අවස්ථාවකදී ALT විසින් මෙම ආයෝජන සැලසුම දරුවාට වයස අවුරුදු 18 පිරෙන තෙක්ම ALT දායකත්වයෙන් පවත්වාගෙන යනු ලබයි. මෙමඟින් දරුවාගේ අනාගතයට අවශ්‍ය ආයෝජනය කිසි ලෙසකින් ම`ග නතරවීමක් හෝ නැතිවී යාමක් සිදුනොවන බව සහතිකව කිවහැකි වේ.
සෑම කාණ්ඩායමකටම වෙනස් මාතෘකා ලබාදෙමින් කාණ්ඩ 03ක් යටතේ දිවයින පුරා විසිරී සිටින ALT රක්ෂණාවරණ හිමියන්ගේ දරුවන්ට සහභාගී වීමේ අවස්ථාව උදා කරමින් මෙම චිත්‍ර තරඟය සංවිධානය කර තිබුණි. වයස අවුරුදු 3x-6 කාණ්ඩයටිමගේ පවුල’ල වයස අවුරුදු 7x-12 කාණ්ඩයටිමගේ අනාගත සිහිනය’ල වයස අවුරුදු 13-x15 කාණ්ඩයටිඅපි සැම ශ්‍රී ලාංකිකයන්’ ආදී වූ මාතෘකා 03ක් ලබා දුන්නේය. ඕනෑම පාට මාධ්‍යක් යොදාගනිමින් තමන්ගේ නිර්මාණාත්මක අදහස ්4 ප්‍රමාණයේ කොළයක් මත තැවරීමට දරුවන් සියලූ දෙනාටම නිදහස ලබාදී තිබිණි.
තම දරුවන්ගේ නිර්මාණාත්ම හැකියාවන් තරඟයට ඇතුළත් කිරීමට උනන්දුවෙන් සිටි දෙමාපියන්ගේ දැඩි ඉල්ලීම මත චිත්‍ර එකතු කරගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමට ආයතනයට සිදුවිය. චිත්‍ර මාධ්‍ය යොදාගෙන තමන්ගේ නිර්මාණාත්මක හැකියාවන් එළිදැක්වීමට අවස්ථාවක් උදාවීම හේතුවෙන් දරුවන් ඉතාමත් උනන්දුවෙන් තම අවස්ථාව ලබාගැනීමට ඇපකැප වූ බවක් පෙනෙන්නට තිබුණු අතර එවන් අවශ්‍යතාවයක් ඇති දරුවන් වෙනුවෙන් ALT ලබාදුන් මෙම සුවිශේෂී අවස්ථාව පිළිබ`දව සියලූදෙනා අතර ඉතා යහපත් ප්‍රතිචාරයක් ඇතිවිය. චිත්‍ර ගුරුවරුන් සහ ක්ෂේත්රයේ ඉහළ වෘත්තීයවේදීන් විසින් මෙම චිත්‍ර ඇඟයීම් කාර්යයන් සිදුකරන ලදි.
සෑම කාණ්ඩයක් යටතේම චිත්‍ර නිර්මාණ එවූ දරුවන්ගේ සහ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් ඔක්තෝබර් 01 වැනි දින මැන්ඩරීනා හෝටලයේදී වඩාත්ම නිර්මාණාත්මක චිත්‍ර ඇ`දි දක්ෂයන් ඇඟයීම ස`දහා ත්‍යාග ප්‍රධානෝත්සවයක් පැවැත්විය. වයස අවුරුදු 3ත් -6ත් අතර කාණ්ඩයේ ජයග්‍රාහකයින් ලෙස ඒම්. ලිතේක්ෂන්, ටී කවීෂාන් සහ පී. හෂ්නිකා තෝරාපත් විය. වයස අවුරුදු 7ත්- 12ත් කාණ්ඩයේ කෙනොලි තිසංසා, ඒෆ්. ශාෂා සහ කේ. ජස්වින්ත් ජයග්‍රාහකයක් ලෙස සම්මාන ලැබීය. ජේ ශාර්මුදා, ආර්. හරිනි සහ ඒ.එස්. සමීනා වයස අවුරුදු 13ත්- 15ත් කාණ්ඩඩයේ ජයග්‍රාහකයන් විය. මීට අමතරව පා්රදේශීය වශයෙන් එෆ්.එෆ් ෆාහද්, රිස්්නි රුසායින්, එෆ්. සාහුදා සහ ලැවිනියා රාජේන්ද්‍රන් යන ජයගා්රහක ජයගා්රහිකාවන් තෝරාගත් අතර ජයග්‍රහණය ලැබුවන් සඳහා බයිසිකල් සහ තවත් වටිනා ත්‍යාග රාශියක් පිරිනමමින් සියලූ කාණ්ඩවලින් තෝරාගත් විශේෂ චිත්‍ර නිර්මාණ 100ක් රාමුකර එම චිත්‍ර නිර්මාණ එවූ දරුවන් වෙතටම ලබාදීමත් සිදුවිය. නැවත වාරයකදී තමන්ගේ නිර්මාණාත්ම හැකියාවන් ඉදිරිපත් කිරීමට ඒ දරුවන්ට දිරිගැන්වීමක් ලබාදීම මෙම ව්‍යායාමයේ අපේක්ෂාවයි.
දරුවාට රුපියල් 100,000ක් දක්වා විශේෂ රෝහල් රැුකවරණයක්, දරුණු රෝගාබාධ 23 කට විශේෂ ආවරණයක්, ඊට අමතරව පවුලටම රැුකවරණයක් සහ පුද්ගලික හදිසි අනතුරු ආවරණයක් (මූලික රක්ෂණාවරණයේ අගය මෙන් පස් ගුණයක්), සහකරුවාට හෝ සහකාරියට ජීවිත රැුකවරණයක් සහ තවත් විශේෂ වාසි රැුසක් ALT Adhyapana Plus රක්ෂණාවරණය ම`ගින් හිමිවේ. 5 වසර ශිෂ්‍යත්වය, අ.පො.ස සා/පෙළ සහ අ.පො.ස උ/පෙළ සිට විශ්ව විද්‍යාල ඇතුළත්වීම දක්වා දරුවාගේ අධ්‍යාපනයේ එන විශේෂ කඩයිම්වලදී ඔවුන් ළ`ගාකර ගන්නා ප්‍රතිඵල පදනම් කරගනිමින් ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩපිළිවෙලක් ද ALT Adhyapana Plus රක්ෂණාවරණයේ අන්තර්ගත වේ.
අමතර ආරක්ෂාවක් ද සහිතව ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් ඥාණාන්විතව ආයෝජනය කිරීම සහ ඔවුන්ට ආලෝකමත් අනාගතයක් තහවුරු කරන නිවැරදි මාවත පෙන්වාදීම උදෙසා ඔබ, ඔබේ අවධානය යොමුකරන්නේ නම් දැන්ම ALT ක්ෂණික ඇමතුම් අංකය :11 7 501 000) අමතා හෝ අපගේ වෙබ් අඩවියට www.takaful.lk පිවිස ඔබට සහ ඔබේ පවුලේ අයට Adhyapana Plus රැුකවරණය හරහා සහයක්වන්නේ කෙසේ දැයි දැනගැනීමට හැකිය.