AkzoNobel සහ වෘත්තීය පුහුණු අධිකාරිය එක් වී මෙරට පින්තාරු ශිල්පීන් වෙනුවෙන් තවත් සුවිශේෂී මෙහෙවරකට මුලපුරයි

AkzoNobel 1 (LBN)

 



 

 

ශ්‍රී ලංකාව තුළ Dulux තීන්ත නිෂ්පාදනය කරන AkzoNobel Paints Lanka (පුද්.) සමාගම 2023 ඔක්තෝබර් 04 දින වෘත්තීය පුහුණු අධිකාරිය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. ඩියුලක්ස් පින්තාරු ශිල්පීන්ට වෘත්තීය පින්තාරුකරණය සම්බන්ධ NVQ Level 3 මට්ටමේ ජාතික වෘත්තීය සුදුසුකම් සපුරාලීමට අවස්ථාව සලසා දීම මෙහි අරමුණයි. මෙය මෙරට පින්තාරු ශිල්පීන්ගේ යහපත වෙනුවෙන් AkzoNobel දියත් කළ ‘MHP –Mind, Heart and Pocket’ වැඩසටහනේ එක් අදියරකි.

NVQ 3 වන මට්ටම යනු දේශීය හා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සුදුසුකමක් වන අතර, එය හිමිකරගැනීම සඳහා පින්තාරු ශිල්පීන් පුළුල් මට්ටමේ වෘත්තීය හා තාක්ෂණික පාඨමාලාවක් සාර්ථක ලෙස සම්පූර්ණ කළ යුතු ය. එම සුදුසුකම් සපුරාලීමෙන් අනතුරුව පින්තාරු ශිල්පීන්ට අවශ්‍ය නම් විදේශ රැකියා සඳහා වුවද අයදුම් කළ හැකි වේ.

තීන්ත හා ආලේපන වර්ග සම්බන්ධ ලොව ප්‍රධාන සමාගමක් වශයෙන් AkzoNobel දීර්ඝ කාලයක පටන් පින්තාරු ශිල්පීන්ගේ කුසලතා වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා තිබේ. මෙම නව හවුල්කාරීත්වයද එම මෙහෙවරේ තවත් වැදගත් ඉදිරි පියවරකි. මෙරට පින්තාරු ශිල්පීන් වෙනුවෙන් මීට ඉහත හඳුන්වා දුන් “Dulux Painter Loyalty” වැඩසටහන සමග සම්බන්ධ වී සිටින ශිල්පීන් අතරින් මෙම නව වැඩසටහන සඳහා ශිල්පීන් තෝරාගැනෙනු ඇත.

“වෘත්තීය පුහුණු අධිකාරිය සමග එක්ව ක්‍රියාවට නංවනු ලබන මෙම වැඩසටහන මගින් ලැබෙන පුහුණුව නිසා, මෙරට පින්තාරු ශිල්පීන්ට මෙරට තුළ මෙන්ම විදේශ රටවලද රැකියා අවස්ථාව උදාවනවා. මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා මෙන්ම, ඊට සහභාගී වන පින්තාරු ශිල්පීන්ට තම හැකියාවන් උපරිම මට්ටමකට දියුණු කරගැනීම සඳහා අවශ්‍ය මගපෙන්වීම හා තාක්ෂණික සහයෝගය වෘත්තීය පුහුණු අධිකාරිය වෙතින් අපට ලැබේවි.” AkzoNobel Lanka වාණිජ ප්‍රධානී අමිල ඉන්දික මහතා පැවසී ය.

මෙම පාඨමාලාවට අදාළ පුහුණුව අවසන් වන තෙක්, ඊට සහභාගී වන පින්තාරු ශිල්පීන්ට අවශ්‍ය පින්තාරුකරණ ද්‍රව්‍ය සැපයීමට Dulux ආයතනය කටයුතු කරනු ඇත. මෙයට ජාත්‍යන්තර Dulux Academy ආයතනයේ දායකත්වයද හිමි වේ.

Woodcare water-based තාක්ෂණය සම්බන්ධයෙන් වෘත්තීය පුහුණු අධිකාරියේ උපදේශකවරුන් දැනුවත් කිරීම සඳහා රට පුරා එක්දින පුහුණු සැසි මාලාවක් පැවැත්වීමටද AkzoNobel මෑතකදී කටයුතු කළේ ය. එහිදී Water-based නිෂ්පාදන, ඒවා භාවිතා කරන ආකාරය සහ එමගින් ලැබෙන වාසි ආදිය සම්බන්ධයෙන් එම උපදේශකවරුන් දැනුවත් කරන ලදි.

“මෙරට පින්තාරු ශිල්පීන්ට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සුදුසුකම් හිමිකර ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා AkzoNobel Lanka සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය වේගයෙන් දියුණු වන ක්ෂේත්‍රයක් තුළ නවීනතම දැනුම හා පුහුණුව ලබාගනිමින් වඩාත් හොඳ රැකියා අවස්ථා හිමිකර ගැනීමට ඔවුන්ට ලැබෙන මහඟු අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි.” වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) ප්‍රසන්න රණසිංහ මහතා පැවසී ය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව