AkzoNobel Sri Lanka සමාගමේ ‘පින්තාරු ප්‍රණාම’ තුළින් Dulux පින්තාරු ශිල්පීන්ට උපහාර 

Dulux 3 (LBN)

ලොව ප්‍රමුඛ පෙළේ තීන්ත හා ආලේපන නිෂ්පාදන සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ Dulux තීන්ත නිෂ්පාදකයාද වන AkzoNobel සමාගම, Dulux නිෂ්පාදන භාවිතා කරන පින්තාරු ශිල්පීන්ට උපහාර පිදීම සඳහා ‘පින්තාරු ප්‍රණාම’ නමින් දීපව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කර තිබේ.

මෙම වැඩසටහන යටතේ සැප්තැම්බර් 18 දින Water’s Edge හිදී පැවැත්වුණු උත්සවයට දක්ෂ පින්තාරු ශිල්පීහු රැසක් එක්වූහ. එහිදී  AkzoNobel සමාගමේ උන්නතිය උදෙසා ලබාදෙන දායකත්වය වෙනුවෙන් මෙන්ම Dulux සන්නාමය කෙරෙහි දක්වන ළැදියාව වෙනුවෙන් ඔවුන්ට කෘතඥතාව පළකරමින් ත්‍යාග පිරිනමන ලදි.




මෙම වැඩසටහන සම්බන්ධයෙන් AkzoNobel Paints Lanka (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අමිල ඉන්දික මහතා මෙසේ අදහස් පළකළේය:

“අපගේ පින්තාරු ශිල්පීන්ගේ විශිෂ්ට හැකියාව, දැනුම සහ කැපවීම නොවන්නට Dulux නිෂ්පාදනවල සැබෑ ප්‍රමිතිය හා අලංකාරය සියයට සියයක් මතු කර දැක්වීම දුෂ්කර වන්නට ඉඩ තිබුණා. අප කවදත් අපගේ පින්තාරු ශිල්පීන්ගේ දායකත්වය ඉහළින් අගය කර තිබෙනවා. ‘පින්තාරු ප්‍රණාම’ ඔස්සේ එම මෙහෙවර තවදුරටත් පුළුල් කිරීමට අපගේ අරමුණයි. එමෙන්ම අපගේ පින්තාරු ශිල්පීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට වඩා යහපත් ජීවිත හා දීප්තිමත් අනාගතයක් උරුම කර දීමට අපට අවශ්‍යයි.”

මෙම උත්සවයට සහභාගි වූවන්ට AkzoNobel මඟින් ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත නව නිෂ්පාදන, ප්‍රවර්ධන වැඩසටහන් සහ Dulux Painter ජංගමය යෙදුමේ (App) දෙවැනි අදියරේ යාවත්කාලීන කිරීම් ඇතුළුව මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකළ විශේෂ තොරතුරු රැසක් දැනගැනීමට අවස්ථාව හිමි විය. තමන් සමඟ අත්වැල් බැඳගෙන සිටින පාර්ශ්වකරුවන්ගේ යහපත වෙනුවෙන් සමාගම දක්වන උනන්දුවෙහි තවත් පියවරක් වශයෙන් එදින ප්‍රධාන පෙළේ  පින්තාරු ශිල්පීන් 50 දෙනෙකුට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ට රක්ෂණ ආවරණ පිරිනැමීමටද සමාගම කටයුතු කළේය. එම රක්ෂණ ප්‍රදානයෙන් අනතුරුව උත්සවය අවසන් විය.

අතීතයේ සිටම AkzoNobel සමාගම පින්තාරු ශිල්පීන් ඇතුළුව තමන් සමඟ එක්ව කටයුතු කරන සියලුම දෙනාගේ යහපත වෙනුවෙන් පියවර රැසක් ගෙන තිබේ. ඉමහත් කැපවීමකින් යුතුව තම ජීවනෝපාය මාර්ගයන්හි නිරත වන මෙම පුද්ගලයන්ගේ වෘත්තීය ජීවිත මෙන්ම පෞද්ගලික ජීවිතද වඩාත් යහපත් කිරීම එහි අරමුණ විය.

සමාගමේ දියුණුව වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන පුද්ගලයන් අගයන අතරම, සිය ඉදිරි ගමනට සමගාමීව ඔවුන්ටද දියුණුව කරා යාමට අවස්ථාව සලසා දීම සඳහා සමාගම දක්වන උනන්දුව හා කැපවීම මෙම වැඩසටහන් මඟින් මැනැවින් පිළිබිඹු වේ. ‘පින්තාරු ප්‍රණාම’ යනු එම දීර්ඝකාලීන මෙහෙවරෙහි නවතම පියවරයි.

ඉදිරියටත් ‘පින්තාරු ප්‍රණාම’ වැනි වැඩසටහන් ඔස්සේ තම හවුල්කරුවන් අගයන අතරම, ඔවුන්ගේ යහපත වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කිරීම AkzoNobel සමාගමේ අරමුණ වී තිබේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − 12 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව