AkzoNobel 2023 වසරේ වර්ණය ‘Wild Wonder’

AkzoNobel (1) (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත හා ආලේපන නිෂ්පාදන සමාගමක් මෙන්ම Dulux තීන්ත නිෂ්පාදනය කරන සමාගම වන AkzoNobel, සිය 2023 ‘වසරේ වර්ණය’ ලෙස ‘Wild Wonder’ තෝරාගෙන තිබේ. ස්වභාව ධර්මයේ නැවුම් බව හා ජීවය සිහිගන්වන මෙම වර්ණය, අලුත නෙළාගත් අස්වනු වල පැහැයෙන් ආභාසය ලබා නිර්මාණය වූවකි.

ලෝකයේ බොහෝ දෙනෙකු සුවය, සහනය, හිතවත්කම් මෙන්ම ජීවිතයේ සමබරතාව සොයමින් සිටින මේ යුගයේ ඔවුන් ස්වභාව ධර්මය වෙත යොමුවන්නේ නිතැතිනි. මෙම ප්‍රවණතාවන් පිළිබඳව AkzoNobel සමාගමේ තීන්ත හා ආලේපන වර්ණ විශේෂඥයින් සහ ජාත්‍යන්තර නිර්මාණ වෘත්තිකයන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද පුළුල් පර්යේෂණයකින් අනතුරුව, ‘Wild Wonder’ වර්ණය AkzoNobel වර්ණ එකතුවට එක් විය.

“Wild Wonder යනු අප සහජයෙන් වටහා ගන්නා සිතිවිලිමය භාෂාවකින් අපට ආමන්ත්‍රණය කරන වර්ණයක්. අප උත්තේජනය කරන්නේත්, අපගේ ජීවිතය හා නිවහන වඩාත් සුන්දර කරන්නේත් ස්වභාව ධර්මයයි. වසර 20 කට පසු පළමු වතාවට, අපගේ සමස්ත වර්ණ එකතුවම ස්වභාව ධර්මයේ ආභාසය ලබා නිර්මාණය වී තිබෙනවා.” AkzoNobel ජාත්‍යන්තර සෞන්දර්ය මධ්‍යස්ථානයේ නිර්මාණ අධ්‍යක්ෂ හෙලීන් වැන් ජෙන්ට් මහත්මිය පැවසුවා ය.

Lush Colors (the forest hues), Buzz Colors (meadow brights), Raw Colors (harvest shades) සහ Flow Colors (seashore tones) යන වර්ණ කාණ්ඩ හතර, Wild Wonder (Winter’s Silence, 50YY 49/191) වර්ණය පදනම් කරගෙන නිර්මාණය වී තිබේ. නවීන ප්‍රවණතාවන්ට අනුකූලව, සදාතනික වර්ණ පෙළකින් තම නිවාස සහ නාගරික වටාපිටාවන් අලංකරණය කරගැනීමට කැමති පාරිභෝගිකයන්ට මෙම වර්ණ තෝරාගත හැක.

“ලොව පුරා කවුරුත් පාහේ මානසික සෞඛ්‍යය කෙරෙහි දැඩි අවධානයක් යොමුකරමින් සිටින පසුබිමක් තුළ, ස්වභාවධර්මයට සමීප ලෙස තම නිවාස අලංකරණය කරගැනීම අතිශයින් කාලෝචිත දෙයක්. දුෂ්කර අවස්ථාවන් වලදී අපට සහනයක් ගෙනෙන, එළිමහනක සැහැල්ලුව සහිත, පරිසරයේ සුන්දරත්වය කැටිකරගත්, සැබැවින්ම අපගේම නිවහනක් මෙන් දැනෙන අවකාශයක් අපට අවශ්‍ය වෙනවා. Wild Wonder සහ ඒ ආශ්‍රිත වර්ණ මගින් පාරිභෝගිකයන්ට ස්වභාවධර්මයේ අරුමය තම නිවහනටත් ජීවිතයටත් සමීප කරගැනීමට අවස්ථාව ලැබේවි.” AkzoNobel Decorative Paints හි අධ්‍යක්ෂ (අග්නිදිග ආසියාව සහ දකුණු ආසියාව) ඔස්කා වෙසන්බීක් මහතා පැවසී ය.

“පාරිභෝගිකයන් තම නිවාස වල සැබෑ වෙනසක් සිදුකිරීමට තීරණය කළ විට, ඔවුන් වර්ණ සම්බන්ධයෙන් අප සතු දැනුම සහ අප ලබාදෙන මගපෙන්වීම කෙරෙහි විශ්වාසය තබනවා. 2023 ‘වසරේ වර්ණය’ එළිදැක්වීමට සමගාමීව අප උත්සාහ කරන්නේ, ක්ෂේත්‍රයේ අනෙකුත් සාමාජිකයන් සමග පවතින සම්බන්ධතා ශක්තිමත් කරගනිමින්, නිර්මාණශීලීත්වය හා පර්යේෂණ ක්‍රියාවලිය පුළුල් කරමින්, නිවාස, කාර්යාල හා ප්‍රජාවන් වෙනුවෙන් ඵලදායී මානව කේන්ද්‍රීය විසඳුම් හඳුන්වා දීමටයි.” AkzoNobel Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂ වසන්ත හීනටිගල මහතා පැවසී ය.

මෙම වසරේදී AkzoNobel හි ගෝලීය සෞන්දර්ය මධ්‍යස්ථානය සුවිශේෂී සන්ධිස්ථාන දෙකක් සනිටුහන් කරයි. එහි ColourFutures ප්‍රවණතා පුරෝකථ වැඩසටහන එහි 20 වන සංවත්සරය මෙම වසරේදී සමරන අතර, AkzoNobel ප්‍රවණතා විශ්ලේෂණ, වර්ණ පර්යේෂණ, වර්ණ නිර්මාණ සහ කලා අධ්‍යක්ෂණ ක්‍රියාවලිය එහි 30 වන සංවත්සරය සමරනු ඇත.

2023 ‘වසරේ වර්ණය’ පිළිබඳ වැඩිදුර තොරතුරු සමාගමේ නිල වෙබ් අඩවියේ දක්වා ඇති අතර, #CF23 ඔස්සේ සමාජ මාධ්‍ය තුළින්ද එම තොරතුරු ලබාගත හැකි වේ.

Wild Wonder video – https://www.youtube.com/watch?v=pARqIVehvH8&t=8s

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව