AIA ඉන්ෂුවරන්ස්, ISO 14064-1:2018 හරිතාගාර වායු විමෝචන සහතික ලබයි.

PR Image (LBN)

 


 

 

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගතකිරීමට සහය වීමේ සිය කැපවීම තවදුරටත් විදහාපාමින්, ISO 14064-1:2018 හරිතාගාර වායු විමෝචන සහතික ලත් බව මහත් අභිමානයෙන් ප්‍රකාශ කර සිටියි.  මෙම ඇගයීම ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ සහතිකයක් වන අතර මෙමඟින් තිරසාර පැවැත්මක් සඳහා සමාගමේ කැපවීම සහ කාබන් පියසටහන් සහ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට සිදු කරන්නා වූ ප්‍රයත්නයන් ඇගයුමට ලක්කරයි.  උසස්ම තත්ත්වයේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව දැඩි සුදුසුකම් ක්‍රියාවලියක් අනුගමනය කරමින් සිදුකරන්නා වූ මෙම සහතිකත්ව වැඩසටහන ඔස්සේ හරිතාගාර වායු විමෝචනය මැනීමට සහ අඩු කිරීමට ඇති හැකියාව පෙන්නුම් කරන සහ සමස්ත සමාගම පුරාවට එම කර්තව්‍ය සඳහා සහභාගීත්වයක් ඇතිබව තහවුරු කරන්නා වූ  සමාගම් ඇගයේ.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මෙම ISO 14064-1:2018 හරිතාගාර වායු විමෝචන සහතිකය අත්කර ගැනීම සඳහා ඉතා දැඩි නිර්ණායකයන්ට යටත් වූ ක්‍රියාවලියක් අනුගමනය කරන ලදී. සමාගම තුල හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා මුලපිරීම් කිහිපයක් ක්‍රියාත්මක කර ඇති අතර, කඩදාසි වලින් තොර සේවා පරිසරයක් ඇති කිරීම, කාර්යක්ෂම ලෙස බලශක්තිය භාවිතාවන ආලෝකකරණය සහ විවිධ උපාංග භාවිතය මෙන්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතය යන කරුණු සඳහන් කල හැකිය.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුනවීර සිය අදහස් දක්වමින් කියා සිටියේ ” ISO 14064-1:2018 හරිතාගාර වායු විමෝචන සහතිකය අත්කර ගැනීම අපට මහත් අභිමානයක්.  එමගින් කාබන් විමෝචනය අවම කිරීම ඔස්සේ තිරසාර පැවැත්මක් සඳහා වන  අපගේ කැපවීම පිළිබිඹු වෙනවා.  වර්තමානය පමණක් නොව ලෝකයේ ඉදිරි අනාගත පැවැත්ම පිළිබඳව සැබෑ වශයෙන් සැලකිලිමත්වන වන සමාගමක් වශයෙන් අපට හැකි අයුරින් අප ජීවත්වන ලෝකයේ රැකවරණය සහ සුරක්ෂිතබව රැකගැනීමට අපේ ශක්ති පමණින් හැකි සෑම ප්‍රයත්නයක්ම ගැනීමට අප අපේක්ෂා කරනවා.    තිරසාර පැවැත්මක් සඳහා අපගේ පරිසරය රැකගනිමින්, සුවදායක, හරිත ලොවක් සැමට අත්කර දීම සඳහා සහාය වීමට අපි කැපව කටයුතු කරමින් සිටිනවා.”

ඇය තවදුරටත් කියා සිටියේ, “මූල්‍ය ක්ෂේත්‍රය තුල ක්‍රියාත්මක වන සමාගම්, පරිසරය හා සම්බන්ද මෙවැනි සහතික කිරීම් අත්කර ගැනීම සාමාන්‍යයෙන් සිදු නොවූවත් AIA හි අපට එය වඩාත් ඉහල ප්‍රමුඛතාවයක් ලෙස සලකන්න වන්නේ එය අපගේ සන්නාම ප්‍රතිඥාව වන ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ලාබා දීමට සහාය වීම යන්න සමගින් ඉතා සමීපව බැඳී ඇති නිසයි.  ඒ වගේම අප සමාගම මෙසේ සහතික ගැන්වීම, ඇගයීමට ලක්වීමකින් ඔබ්බට යන කරුණක් වන්නේ ද ඒ නිසාමයි.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම ISO 14064-1:2018 හරිතාගාර වායු විමෝචන සහතිකය ලබා ගැනීම, අපගේ තිරසාර ගමන්මග තුල ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන අතර රක්ෂණ ක්ෂේත්‍රය පුරාවට යහක්‍රියාකාරකම් ප්‍රගුණ කිරීම සඳහා වන අපගේ කැපවීම මේ ඔස්සේ තවදුරටත් පිළිබිඹු වෙනවා.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව