AIA 2023 වාර්ෂික අලෙවි සම්මාන උළෙලේ දී අලෙවි වෘත්තිකයින්ගේ කාර්යසාධන සහ පාරිභෝගික සේවා විශිෂ්ටත්වය ඇගයුමට ලක්වේ!

PR Image (LBN)

 



 

 

AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම (ජාත්‍යන්තර කැපිටල් ෆිනෑන්ස් 2022,2021 සහ ග්ලෝබල් බෑන්කින් සහ ෆිනෑන්ස් රිවිව් 2020,2019-වෙතින් ප්‍රදානය කරන ලදී) නොබෝදා ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පිහිටි මොනාක් ඉම්පීරියල් හෝටලයේ අති උත්කර්ෂවත් අයුරින් පැවතී 2023, AIA අලෙවි සම්මාන උළෙලේ දී සිය විශිෂ්ට වෙල්ත් ප්ලෑනර්වරුන්, ඇගයුමට ලක්කරන ලදී.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුනවීර මහත්මිය, නියෝජ්‍ය ප්‍රධාන විධායක උපුල් විජේසිංහ මහතා, ප්‍රධාන ඒජන්සි විධායක චානක ලියනගේ මහතා ඇතුළු AIA හි විධායක කමිටු සාමාජිකයින් මෙන්ම ජේෂ්ඨ කළමනාකාරීත්වයේ සහ මෙහෙයුම් කණ්ඩායම් සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පවත්වන ලද අතර දිවයිනේ නන් දෙසින් පැමිණ සිටි වෙල්ත් ප්ලෑනර්වරුන්, වෙල්ත් ප්ලෑනර් කළමනාකරුවන්, Three Tier කළමනාකරුවන් සහ බෙදාහැරීම් ඒකක ප්‍රධානීන්ගෙන් උත්සව සභාව සමන්විත විය.

‘Chasing Greatness, Across Time’ යන තේමාව යටතේ පවත්වන ලද මෙම අලෙවි උළෙලේ දී  AIA හි වෙල්ත් ප්ලෑනර්වරුන්ගේ අතිවිශිෂ්ට කාර්යසාධනය පමණක් නොව සේවාලාභීන්හට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගත කිරීමට සහය වීම යන උදාර ප්‍රතිඥාවට සැබෑ අරුතක් එක්කිරීම සඳහා මෙම විජයග්‍රාහී අලෙවි වෘත්තිකයින් කරන්නා වූ කැපකිරීම් වෙනුවෙන් ද ඔවුන්ව සම්මානනීයව ඇගයීමට ලක්කරන ලදී.

අලෙවි සම්මාන උළෙලේ උත්කෘෂ්ට අවස්ථාව  වූයේ 2022 වසරේ විශිෂ්ටතම කාර්යසාධනයන් අත්පත් කරගත් විජයග්‍රාහීන් 6 දෙනා සම්මානයෙන් පිදුම් ලැබූ මොහොතයි. මේ වසරේ සම්මාන උළෙලේ දී හොඳම වෙල්ත් ප්ලෑනර් ට හිමි සම්මානය හිමි කරගත්තේ මහනුවර ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ සංජීවනී සෝමරත්න මෙනෙවියයි.  එමෙන්ම මාතර  ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ උදය හිත්තැටියගේ පළමුවන අනුශූරතාවත් කුරුණෑගල ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ අසේල ජයසිංහ දෙවන අනුශූරතාවත් දිනා ගන්නා ලදී.

හොඳම වෙල්ත් ප්ලෑනර්ස් කළමනාකරු ලෙස සම්මානයනේ පිදුම් ලැබුවේ වෙන්නප්පුව බෙදාහැරීම් ඒකකයේ නිමල් ප්‍රනාන්දු වූ අතර පළමු අනුශූරතාව පානදුර නගර ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ කුමාර පෙරේරා සහ දෙවන අනුශූරතාවය කොළඹ ප්‍රාදේශීය කාර්යාල අංක 4රේ අජිත් ඉන්දික විසින් දිනා ගන්නා ලදී.

මෙවර පානදුර නගර ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ ක්‍රිෂාන් දසනායක විසින් හොඳම Cluster වෙල්ත් ප්ලෑනර්ස් කළමනාකරුට හිමි සම්මානය දිනාගත් අතර, පළමු අනුශූරතාවය මොරටුව ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ තක්ෂිලා කෝරළගේ මෙනවියත්, දෙවන අනුශූරතාවය කුරුණෑගල ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ චන්දිමා වන්නිආරච්චි මහත්මිය විසිනුත් දිනා ගන්නා ලදී.

එමෙන්ම හොඳම Three Tier කළමනාකරු ලෙස මෙවර සම්මාන ලැබුවේ මොරටුව ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ රන්සිළු පෙරේරායි.

මෙවර හොඳම ප්‍රාදේශීය සංවර්ධන කළමනාකරුට හිම  සම්මානය තිස්සමහාරාමය සහ මාතර ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයන්හී කළමනාකරු ලෙස කටයුතු කරන දිලීප අමීන්ද්‍ර විසින් දිනා ගන්නා ලද අතර පළමු අනුශූරතාවය මාවනැල්ල ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ Y. G. G. B. යටිගම්මන විසින් සහ දෙවන අනුශූරතාවය කුරුණෑගල ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ චමින්ද ගුණතිලක විසිනුත් දිනා ගන්නා ලදී.

ඒ සමගම මීගමුව ප්‍රාදේශීය කාර්යාල අංක 1 හි ඉරේෂ් සිල්වා විසින් හොඳම බෙදාහැරීම් ඒකකයට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ අතර වෙන්නප්පුව බෙදාහැරීම් ඒකකයේ තරිඳු වීරකෝන් විසින් ප්‍රථම අනුශූරතාවය දිනා ගන්නා ලදී.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන ඒජන්සි නිලධාරී වන චානක ලියනගේ මහතා  සිය අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ, “කාලයේ වටිනාකම හොඳින් හඳුනාගනිමින් ගුණාත්මක බව හඹා යන අපගේ මෙම ගමන්මග තුල AIA හි අගනා අලෙවි බලකාය වන වෙල්ත් ප්ලානර්වරුන්, ඔවුනගේ සේවාලාභීන් වෙත පිරිනමන විශිෂ්ට කැපවීමත් සුවිශිෂ්ට පාරිභෝගික සත්කාරයත් මනාව ඔප්පුකර පෙන්වා තිබෙනවා.  විශිෂ්ට කාර්යසාධනයන් අත්පත් කරගනිමින් ලබාගත් විජයග්‍රහණයන්ට මෙන්ම ඔවුන් විසින් නොපසුබට උත්සාහයෙන් සහ කැපවීමෙන් ක්‍රියාත්මක වෙමින් අපගේ වටිනා සේවාලාභීන්හට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගතකිරීමට දෙනු ලබන සහාය වෙනුවෙන් මා, මාගේ හඳපිරි ස්තුතිය ඔවුනට පිරිනැමීමට මෙය අවස්ථාවක් කරගන්නවා”.

‘Chasing Greatness, Across Time’ යන තේමාව මෙම අලෙවි සම්මාන උළෙල සඳහා යොදා ගැනීමට, අපගේ අලෙවි බලකා සාමාජික සාමාජිකාවන් උත්සාහයෙන් සහ කැපවීමෙන්, සුවිශේෂී වූ කාර්යසාධනයන් ඔස්සේ විජයග්‍රහණ අත්පත් කරගැනීම පමණක් නොව පාරිභෝගික සත්කාරය වෙනුවෙන් ඔවුනගේ කාර්යභාරය සහ වගකීම් නොපිරිහෙලා ඉටුකිරීම යන සියලුම කරුණු හේතු විය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව