AIA ඉන්ෂුවරන්ස් FITIS ඩිජිටල් විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී විශිෂ්ටතම ස්වර්ණ සම්මානය දිනා ගනියි!

Webp.net-resizeimage

 



 

 

AIA ඉන්ෂුවරන්ස්, නොබෝදා පැවති 2021 වසර සඳහා වන ගෞරවාන්විත FITIS ඩිජිටල් සම්මාන උළෙලේදී, විශිෂ්ටතම ස්වර්ණ සම්මානය දිනා ගැනීම ඉමහත් අභිමානයෙන් සමරයි.  FITIS යනු තොරතුරු සන්නිවේදන තාක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංවිධානය වන අතර මේ යටතේ උසස්ම ව්‍යාපාර ක්ෂේත්‍රයන් ආවරණය කෙරේ.  AIA ඉන්ෂුවරන්ස් මෙම විශිෂ්ට ඇගයුමට ලක්වූයේ, සන්නිවේදන, බැංකු, මූල්‍ය ආයතන, රක්ෂණ, නිමැවුම් සහ තොරතුරු තාක්ෂණ වැනි ක්ෂේත්‍රයන් හී දැවැන්තයින් අතරිණි.  AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී උමේෂි ද ෆොන්සේකා සිය අදහස් දක්වමින් කියා සිටියේ “FITIS සම්මාන උළෙලේ දී සම්මානයෙන් පිදුම් ලද එකම රක්ෂණ සමාගම වීමත් අපට මහත් ගෞරවයක්” ලෙසටයි.

සම්මාන රාත්‍රියේ දී ආයතනික තොරතුරු තාක්ෂණ අංශයේ වඩාත් ගෞරවාන්විත ස්වර්ණ සම්මානය අත්පත් කරගැනීමට AIA ඉන්ෂුවරන්ස් සමත් විය.   මෙම සම්මානය අත්පත් කරගැනීම මගින් මනාව පිළිබිඹු වන්නේ AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම එහි බහු-වාර්ෂික තාක්ෂණය, ඩිජිටල්කරණය, දත්ත විශ්ලේෂණ ක්‍රමෝපායයන්ට ඇතුලත් වන ඉල්ලුමට සරිලන පරිදි cloud භාවිතය, සේවාලභීන්හට ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට තොරතුරු ලබාගැනීමේ හැකියාව ඇතිකර සතුටුදායක අත්දැකීම් ලබා දීම, සයිබර් සුරක්ෂිතභාවය සහ පාලනය මෙන්ම අනාගත වැඩකටයුතු සඳහා පැහැදිළි මාර්ගෝපදේශන ලබාදීම ඇතුළුව ඩිජිටල්කරණ පරිනාමණ ගමන්මග තුල සිදුකරන ලද ක්‍රමෝපායික ආයෝජනයන් හි සාර්ථකත්වයයි.  සමාගමෙහි ඩිජිටල්කරණ පරිණාමන ගමන්මග තුළ දී යහක්‍රියාවන් උපයෝගී කරගැනීම මගින් සේවාලාභීන්හට සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්හට කාර්යක්ෂම මෙන්ම සුවපහසු අත්දැකීමක් ලබාදීම තහවුරු කරන ලදී.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට, සේවාලාභීන් කේන්ද්‍රකරගත් ස්වයංක්‍රීයකරණ ක්‍රියාවලීන් කාණ්ඩය යටතේ එහි ඩිජිටල්කරණ මෙහෙයුම් විශිෂ්ටතාවය සඳහා ද කුසලතා සම්මානයක් හිමි විය.  AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මගින්, ව්‍යාපාරය තුළ රක්ෂණ ඔප්පුව නිකුත් කරන අවස්ථාවේ සිට සම්පූර්ණ සේවාලාභී ගමන්මග ඩිජිටල්කරණය කර ඇත්තේ සේවාලාභියාගේ ලෙහෙසිය සහ පහසුව පිළිබඳව සිය  පූර්ණ  අවධානය  යොමුකරමිනි.

AIA ඉන්ෂුවරන්ස් හී ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් අද්වානි සිය අදහස් දක්වමින් කියා සිටියේ “අප ලද සෑම සම්මානයක්ම සමාගම තුළ සාර්ථකව ඩිජිටල්කරණ පරිනාමණය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුම ලැබූ ජයග්‍රහණයක් මෙන්ම ගෞරවයක්.  මෙම තොරතුරු තාක්ෂණ ක්‍රමෝපායික හදුන්වාදීම් ඔස්සේ  අපගේ සේවාලාභීන්හට ජාත්‍යන්තර තලයේ ඩිජිටල් අත්දැකීමක් ලබා දීමට අපට හැකියාව ලැබී තිබෙන අතර ව්‍යාපාර කිරීමේ කාර්යක්ෂමතාවය ඔස්සේ සේවාලාභීන්හට ලබාදෙන සේවයේ වේගවත් බව වැඩි කිරීමටත් එමගින් සේවය සඳහා වැයවන  පිරිවැය අඩු කිරීමටත් හැකිවී තිබෙනවා “.

AIA ඉන්ෂුවරන්ස් හී තොරතුරු තාක්ෂණය පිලිබඳ අධ්‍යක්ෂක සහ ප්‍රධාන නිලධාරී උමේෂි ද ෆොන්සේකා කියා සිටියේ “මෙම සම්මානය හිමිකරගැනීම මගින් පිළිබිඹු වන්නේ අපගේ වටිනා සේවාලාභීන්හට මෙන්ම කාර්ය මණ්ඩල සාමාජිකයින්හටත් අපගේ සේවාවේ අවශ්‍යතාවය වෙන කවරදාකටත් වැඩියෙන් දැනුණු මෙවන් අවස්ථාවක දී, තාක්ෂණයේ සියළු පැතිකඩ ඔස්සේ ඩිජිටල්කරණය සහ දත්ත විශ්ලේෂණය සඳහා යහ ක්‍රියාකාරකම් හදුන්වාදීමට අඛණ්ඩව අපගත් ප්‍රයත්නය සහ කැපවීමයි.  COVID-19 වසංගතය නිසා උද්ගත වූ සියළු අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් අපගේ කණ්ඩායම දිවා රෑ නොබලා ඔවුන්ගේ තාක්ෂණ, ඩිජිටල්කරණ සහ දත්ත විශ්ලේෂණ ඉල්ලක සපුරාගැනීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළා.  AIA ඉන්ෂුවරන්ස් ආසියානු කලාපය පුරාවට දහස් ගණනක් ජීවිතවලට රැකවරණය සැපයීමේ සියවස් සැමරුම් නොබෝදා සිදුකල අතර, අප දැනට තවත් සියවසකට, සියළු බාධක මැඩගෙන, සිදු  වෙමින් පවතින විවිධ වෙනස්කම් වලට වේගවත්ව හැඩගැහෙමින්, අඛණ්ඩව ප්‍රමුඛත්වය ගනිමින් ඉදිරියටම යන සමාගමක අඩිතාලම දමමින් සිටිනවා”

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව