AIA ඉන්ෂුවරන්ස් සමාගම, නොබෝදා පවත්වන ලද හොඳම සේවා ස්ථාන සඳහා වන සම්මාන උළෙලේ දී අඛණ්ඩව 10 වන වසරටත් මෙරට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස පිදුම් ලබමින් ‘LEGEND’ තත්ත්වය අත්කර ගත් එකම රක්ෂණ සමාගම බවට පත් වේ! AIA හි මෙම දැවැන්ත ගමන් මග තුල, කාර්යමණ්ඩල සාමාජිකයින් සියලු දෙනා ඇතුළත් කරගත් අපක්ෂපාති සහ සාධාරණ සේවා පරිසරයක් නිර්මාණය කිරීමට සහ සියළුම සේවකයින්ගේ වෘත්තීය වර්ධනයට සහ සුභසිද්ධිය සඳහා වූ අඛණ්ඩ කැපවීම මෙසේ සම්මානනීය වීම මගින් මනාව පිළිබිඹු වේ.
හොඳම සේවා ස්ථාන සංස්කෘතීන් ඉතා ශක්තිමත් පදනමක් ඇතිව ගොඩනැගී ඇත. සමාගම ඇතුළත AIA ඉන්ෂුවරන්ස් වඩාත් සෞඛ්‍ය සම්පන්න, නවතාවයෙන් පිරිපුන් සංස්කෘතියක් ප්‍රවර්ධනය කරන අතර සිය සේවා ස්ථානයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේ සාර්ථකත්වය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් කාර්යමණ්ඩල සාමාජිකයින් සවිබලගන්වනු ලබයි. අත්දැකීම් බෙදාහදා ගනිමින්, එතුලින් සහයෝගීතාවයෙන් යුක්තව අභියෝග ජය ගනිමින්, එකිනෙකාට සහාය වෙමින් ඔවුන් සමගින් අර්ථවත් සහසම්බන්දතා ඇතිකර ගනිමින්, එක පවුලක් තුළ පවතින වාතාවරණය හා සමාන සංස්කෘතියක් AIA කාර්යමණ්ඩල සාමාජිකයින් සමාගම තුළ ගොඩනගාගෙන ඇත.
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය සිය අදහස් දක්වමින් කියා සිටියේ, “සේවය කිරීම සඳහා හොඳම සේවා ස්ථානයක් ආරම්භ වන්නේ අපගේ හැකියාවන් ඉහලම තලයට ගෙන යාමට අවස්ථාව ලබා දෙන සේවා පරිසරයක් තුලින්. අපගේ කාර්යමණ්ඩල සාමාජිකයින් විසින් අඛණ්ඩව වසර 10ක් පුරාවට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස සිය සමාගම ඇගයුමට ලක්කර කරගනිමින් Great Place to Work හි LEGEND තත්ත්වය අත්පත්කර ගැනීමට සමත් වීම අපට මහත් අභිමානයක් මෙන්ම එය අප සමාගම සතු සංස්කෘතිය සහ ස්ථාවරත්වය පිළිබඳව මනා සාක්ෂියක්. එසේ AIA ශ්‍රී ලංකා සමාගම LEGEND තත්ත්වයට පත්වන්නේ අප විසින් විශාල පිරිසකගේ ජීවිත වලට ධනාත්මක අයුරින් බලපෑම් ඇතිකර ඇති නිසයි. සමාගමක් ලෙස මෙවන් වෙනසක් ඇතිකිරීම ආරම්භ වන්නේ AIA කාර්යමණ්ඩලයේ සෑම සාමාජිකයෙකුගේම සහභාගීත්වයෙන්. ඔවුනගේ කාර්යසාධනය උසස් මට්ටමකට ගෙන යමින් අසමසම වෙනසක් ඇති කිරීමට ඔවුන්ව සවිබල ගැන්වීම වෙනුවෙන් මා AIA ශ්‍රී ලංකා සමාගම තුල සියලු තලයන් හි සිටින නායකත්වයට මගේ හදපිරි කෘතඥතාව පළකිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා. විශිෂ්ට පුහුණු සහ සංවර්ධන වැඩසටහන් ඔස්සේ කාර්යමණ්ඩලයට ලබා දෙන්නා වූ අත්දැකීම් සහ වර්ධන අවස්ථා මෙම ක්‍රියාවලිය සඳහා මූලික වන අතර අවසානයේ දී මේ සියල්ල අපගේ සේවාලාභීන් වෙත ඉහළ අගයන් එකතු කිරීමට දායක වනු ඇති.”
AIA ඉන්ෂුවරන්ස් හි මානව සම්පත් අධ්‍යක්ෂිකා තුෂාරි පෙරේරා කියා සිටියේ “රට වසා තිබු අවස්ථාවන් වලදී සහ හයිබ්‍රිඩ් ක්‍රමයට සේවයට වාර්තා කිරීමට උපදෙස් දී තිබූ අවස්ථාවන් වලදීත් අපගේ ප්‍රධාන ප්රමුඛත්වයක් වූයේ කාර්යමණ්ඩල සාමාජිකයින්හට අඛණ්ඩව සහාය වීම තහවුරු කිරීම වන අතර ඒ ඔස්සේ ඔවුන් අඛණ්ඩව ඔවුනගේ කාර්යභාරය ද විශිෂ්ට අයුරින් ඉටු කරනු ලැබුවා. ඔවුන්ගේ රැකියාව කුමන ආකාරයක වුවද සිය කාර්යභාරය එකෙනකා හා එක්ව හරියාකාරව සන්නිවේදන කටයුතු සිදුකරමින් ඉටු කිරීමට අවශ්‍ය සියලුම තාක්ෂණය සහ උපාංග ඔවුනට ලබා දෙනු ලැබුවා. AIA හි අප සැමවිට විශ්වාස කරන්නේ ‘විශිෂ්ටත්වයෙන්’ ඔබ්බට ගොස් වඩාත් හොදින් යමක් කිරීමයි මන්ද අපි වඩා හොඳ යැයි විශ්වාස කරන්නේ අපව වඩා හොඳින් ගෙන යා හැකි දුරෙහි සීමාවක් නොමැති නිසයි. සැමට සුරක්ෂිත, එකිනෙකා හා එක්ව සුහදත්වයෙන්, සතුටු සිතෙන් සහ ධෛර්යසම්පන්නව ක්‍රියා කළහැකි සේවා පරිසරයක් ගොඩනැගීමට අප සැමවිටම උත්සාහ කරනවා. මේ සියල්ල ඔස්සේ අප එකිනෙකාට සලකන ආකාරය, අපි අපගේ සේවාලාභීන්හට සේවය සලසන ආකාරය පමණක් නොව අප ජීවත් වන සහ වැඩ කරන ප්‍රජාවන්ට අපි සහාය දෙන ආකාරය පිළිබඳවත් අපට මඟ පෙන්වනු ලබනවා.”
සමෘද්ධිමත් උරුමයක් සහ නව්‍ය අදහස් වලින් සපිරි AIA ඉන්ෂුවරන්ස්, නැවුම් ඉදිරි දර්ශනයකින් යුත්, කණ්ඩායම් හැගීමෙන් යුතුව ක්‍රියා කිරීමට කැමැත්තක් දක්වන රැකියා සොයන්නන්හට අපගේ ගමන්මග හා එක්වෙන මෙන් දිරිමත් කර සිටිනවා.