AIA ඉන්ෂුවරන්ස් හි අඛණ්ඩ සමාජ මෙහෙවර හරහා වෙසක් ඩිජිටල් දානය ඔස්සේ HelpAge ශ්‍රී ලංකා වෙත පරිත්‍යාගයක්

2

 



 

 

AIA ඉන්ෂුවරන්ස් සිය සමාජ මෙහෙවර අඛණ්ඩව සිදුකරමින්, මෙවර වෙසක් සමය සැමරීම නිමිත්තෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඩිජිටල් දානමය පින්කමක් නවමු ආකාරයකින් සංවිධානය කරන ලදී.

මෙම දානමය පුණ්‍යකර්මය සඳහා AIA සමාජ මාධ්‍ය පරිහරණය කරන්නා වූ සැදැහැවතුන්හට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සහභාගී වී දානයේ මහත්ඵල ආනිසංසයන් වන ආයුෂය, වර්ණය, සැපය, බලය සහ ප්‍රඥාව ලඟා කර  දෙමින්, ඒ ඔස්සේ  සියලු ශ්‍රී ලාංකිකයින්හට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගතකිරීමට සහය වීම යන AIA ඉන්ෂුවරන්ස් හී සන්නාම ප්‍රතිඥාව සාක්ෂාත් කරගැනීම ද අපේක්ෂා කෙරිණි.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර තිබූ මෙම ඩිජිටල් දානමය පුණ්‍යකර්මය ඔස්සේ ඒ හා සම්බන්ධ වූ සෑම පුද්ගලයෙක් වෙනුවෙන්ම රු.100/-ක මුදල් පරිත්‍යාගයක් සිදුකල අතර එමගින් එකතු වූ මුදලින් සහ AIA හි අනුග්‍රහයෙන් HelpAge ශ්‍රී ලංකා ආයතනය වෙත රෝද පුටු 10ක පරිත්‍යාගයක් කිරීමට සමාගමට හැකිවිය.  එම සංවිධානය සඳහා මෙම රෝදපුටු අත්‍යවශ්‍ය අංගයක් වන අතර ඒවා රෝගීව අසරණව සිටින වැඩිහිටියන් වෙත ලබා දීමට කටයුතු කෙරෙනු ඇත.

AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරිනිය වන චතුරි මුණවීර මහත්මිය කියා සිටියේ “දන්දීම සහ අනුන්ට උදව් උපකාර කිරීම  ශ්‍රී ලාංකිකයන් වන අපගේ ජීවිත හා බැඳී පවතින දෙයක්.  ඒ වගේම දේශීය සම්ප්‍රදායන්ට ගරු කරන සමාගමක් වශයෙන් එවන් කරුණු සඳහා ප්‍රමුඛත්වයක් දෙමින් ඒවා ඉස්මතුවන අයුරින් කටයුතු කිරීමට අප උත්සුක වෙනවා.  මෙවන් ගැටලුකාරී වාතාවරණයක් පවතින අවස්ථාවක දී වුවත් සමාජයීය සුබසිද්ධිය වෙනුවෙන් අඛණ්ඩව අප කැපවීමෙන් කටයුතු කරනවා. මෙවර වෙසක් සමයේ දී අප අරමුණු කරගත්තේ HelpAge ආයතනය සමගින් සහයෝගීතාවයෙන් වැඩිහිටියන් හට උපකාර කිරීමට අප කටයුතු කළා.  සමාජ මාධ්‍ය ඔස්සේ අපගේ එම සද්ක්‍රියාවට සම්බන්ධ වූ ශ්‍රී ලාංකික ජනතාවගෙන් අපට විශාල වශයෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබුණ අතර ඔවුනට අපගේ හදපිරි ස්තුතිය සහ ප්‍රණාමය පුද කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා.”

HelpAge ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂක මහතා අපගේ පරිත්‍යාගය වෙනුවෙන් ස්තුති කරමින් කියා සිටියේ “HelpAge ශ්‍රී ලංකා ආයතනය, මෙරට ජීවත්වන අඩු ආදායම් සහිත වරප්‍රසාද නොලත් වැඩිහිටි ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා ආධාර උපකාර කරන රාජ්‍ය නොවන පුණ්‍යායතනයක්.  මෙම කටයුතු සඳහා අප ත්‍යාගශීලී ආයතන සහ පුද්ගලයන්ගේ අනුග්‍රහය ඉතාමත් සතුටින් භාරගන්නා අතර බොහෝවිට අපගේ කටයුතු රඳා පවතින්නේ එවන් ආධාර මතයි. දැනට පවතින වාතාවරණය තුළ අපට එලෙස ලැබෙන ආධාර වල අඩුවක් පවතින අතර AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මෙලෙස අපට අවශ්‍යම මොහොතක දී අප හා සම්බන්ධ වීම සතුටක්.  මෙවර වෙසක් සමයේ දී  AIA සමාගම කළ මේ පරිත්‍යාගය ඔස්සේ රෝගීව හරියාකාර ඇවිද ගැනීමට නොහැකිව ඇඳකට සීමා වී  අසරණව සිටින වැඩිහිටියන් 10 දෙනෙකුට යම් සහනයක් අත්කර දීමට හැකිවීම මහත් වූ පුණ්‍යකර්මයක්”.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව