AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලාංකික පාසල් දරුවන් අතර තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ තත්ත්වය (ICTA) නඟා සිටුවීම වෙනුවෙන් සිදුකල දායකත්වය වෙනුවෙන් ‘Lighting Digital’ ජාතික සංසදයේ දී ඇගයීමට ලක් වේ!

PR Image (LBN)

 



 

 

AIA ශ්‍රී ලංකා සමාගම, ශ්‍රී ලාංකික  පාසල් දරුවන් තුල තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ තත්ත්වය  නංවාලීම වෙනුවෙන් සිදුකර ඇති දායකත්වය වෙනුවෙන් ‘Lighting Digital’ ජාතික සංසදයේ දී පැසසුමට සහ ඇගයීමට ලක් වූ එකම ජීවිත රක්ෂණ සමාගම බවට පත්වීම අභිමානයෙන් සමරයි.  යහපත් හෙට දිනක් වෙනුවෙන්  කඩිනම් සහ ක්‍රියාශීලී ඩිජිටල්කරණ පරිවර්තනයක් සිදු කිරීම සඳහා AIA ශ්‍රී ලංකා සමාගම  ශ්‍රී ලංකාවේ ධාරිතාව ගොඩනැගීමේ මුලපිරීම් සඳහා සිය නොමද සහය නිරතුරුව ලබා දෙයි.  මේ යටතේ ශ්‍රී ලාංකිකයින්ගේ ඩිජිටල්කරණ ශුබසිද්ධිය වෙනුවෙන් ඩිජිටල් අධ්‍යාපනය ඔස්සේ මෙරට තොරතුරු තාක්ෂනය කඩිනමින් වැඩි දියුණු කිරීමට උර දෙන තරුණ ප්‍රජාව සවිබල ගැන්වීමේ ප්‍රයත්නය සඳහා AIA ශ්‍රී ලංකා සමාගම ලැප්ටොප් පරිගණක සහ iPad පරිත්‍යාග කරමින් සිය දායකත්වය සැපයීය. මෙම දායකත්වය බෙහෙවින් අගය කරන ලද අතර ඒ ඔස්සේ  ජාතියේ ධාරිතා ගොඩනැගීමේ මුලපිරීම්වල සාර්ථකත්වය සහතික කරන ලදී.  AIA ශ්‍රී ලංකා හි  ව්‍යාපෘති ප්‍රධානී සහ ප්‍රධාන තාක්ෂණ නිලධාරී උමේෂි ද ෆොන්සේකා මහතා සහ ව්‍යාපාර අත්පත් කර ගැනීම් සහ ඇමතුම් මධ්‍යස්ථාන ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී සුරනි ද අල්විස් මහත්මිය විසින් එම අවස්ථාව AIA ශ්‍රී ලංකා වෙනුවෙන් නියෝජනය කරන ලදී.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව