AIA ඉන්ෂුවරන්ස් වෙතින් අඛණ්ඩ 3වන වසරටත් RFTL ධාවන වැඩසටහනට සාඩම්බර දායකත්වය !

RFTL PR min (LBN)

 



 

 

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, මහරගම අපේක්ෂා පිළිකා රෝහලට ආධාර පිණිස මුදල් රැස් කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද ‘Run For Their Lives 2023’ ධාවන වැඩසටහනට නැවත වතාවක් අනුග්‍රහය දක්වන ලදී.  මෙම වැඩසටහන ජනතාවට සුවපත්, සැපවත් දිගුකල් ජීවිත ගතකිරීම සඳහා සහාය වීම යන අපගේ සන්නාම ප්‍රතිඥාව සමගින් වඩාත් ගැලපෙන අතර ඒ ඔස්සේ ශ්‍රී ලංකාව තුල බෝ නොවන රෝග කළමනාකරණය සහ වලක්වා ගැනීම අරමුණු කෙරිණි.   AIA ඉන්ෂුවරන්ස්, නොකඩවා බෝ නොවන රෝග වලට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් කැපවන අතර රට තුල ව්‍යාප්තව ඇති ප්‍රධාන බෝ නොවන රෝග පිලිබඳ දැනුවත් භාවය ඇතිකිරීමේ ක්‍රියාවලිය සමගින් සක්‍රීයව නිරත වේ.

2030 වසර වන විට ජීවිත බිලියනයකට, වඩාත් ධනාත්මක බලපෑමක් ඇතිකරලීමේ AIA හි අරමුණ පෙරදැරි කරගෙන, RFTL වැඩසටහනට සහභාගී වූ ධාවනකරුවන්ව, වඩාත් සුවදායක හෙට දිනක් වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න හුරුපුරුදු ඇතිකරගැනීම සඳහා ප්‍රතිඥාවක් දීමට ද දිරිමත් කරන ලදී. එමෙන්ම මෙම වැඩසටහනට සහභාගී වූවන් එහිදී සිදුකල සමීක්ෂණයක් ඔස්සේ සිය ජීවන රටාවන්ගේ සෞඛ්‍ය සම්පන්න නොවන හුරුපුරුදු හදුනාගත් අතර ඔවුනට වඩාත් සුවදායක ජීවන රටාවකට ඔබින ආකාරයේ පුරුදු පිළිබඳව උපදෙස් ලබා දෙන ලදී.   එමෙන්ම මෙහිදී ඔවුනට සුවතා ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා වලට සහභාගී  වී ක්ෂණිකව වටිනා තිලිණ  අත්පත් කරගැනීමට ද අවස්ථාව ලැබුන අතර නොමිලේ සිය දේහයේ BMI අගය සොයා බැලීමට අපගේ සුවතා සහකරුවන්ගෙන් එක අයෙක් වන VIDA Medical Clinic ඔස්සේ අවස්ථාව උදා විය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව