AIA ඉන්ෂුවරන්ස් ලංකා, වසරේ විශිෂ්ටතම ඩිජිටල් රක්ෂණ මුලපිරීම සඳහා වන සම්මානයෙන් පිදුම් ලබයි.

AIA_InsuranceAwards_PR_01 (LBN Fill)

 



 

 

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම වසරේ හොඳම ඩිජිටල් රක්ෂණ මුලපිරීමට වන සම්මානය, සියලු පද්ධතීන් පූර්ණ ලෙස එකට එක්කල AIA MyPOS පද්ධතිය දියත් කිරීම වෙනුවෙන් නොබෝදා දිනා ගන්නා ලදී.   AIA  විසින් මෙම සම්මානය දිනා ගැනීමට ඩිජිටල්කරණය ඔස්සේ රක්ෂණ ව්‍යාපාර ඉක්මනින්, පහසුවෙන් මෙන්ම වඩාත් කාර්යක්ෂමව කිරීම වෙනුවෙන් ගන්නා ලද පුරෝගාමී ප්‍රයත්නය හේතු විය. මෙම සුවිශේෂී විසදුම මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුල, රක්ෂණ නියෝජිතයින් සේවාලාභීන් සමගින් සිය කාර්යභාරය සිදුකරන්නා වූ ආකාරය වඩාත් හොඳ වෙනසකට භාජනය කරන ලද අතර ක්ෂේත්‍රය තුළ වඩාත් සරල අයුරින් ව්‍යාපාර කටයුතු කරලීම සඳහා වන නවතම මිනුම් දණ්ඩක් ලෙස මෙය ඉදිරියට ක්‍රියාත්මක වනු ඇත.

මේ ආකාරයේ  ඩිජිටල්කරණ නව නිර්මාණ ඇගයුමට ලක්කිරීම,පෙර නොදුටුවිරූ වෙළෙඳපොල වාතාවරණයක් පවතින මෙවන් කාලවකවානුවක දී   සේවාලාභී අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා ඉතාමත් වැදගත් වන අතර AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මෙය මනාව අවබෝධ කරගෙන සිටියි. නව්‍ය ඩිජිටල්කරණ මුලපිරීම් කඩිනම් කිරීම සඳහා සමාගමෙහි කැපවීම AIA MyPOS පද්ධතියේ ආරම්භයට හේතු වූ අතර මේ සඳහා නවතම මිනිස් කේන්ද්‍රීය නිර්මාණ මූලධර්ම පාදක වේ. එමෙන්ම මේ සඳහා නවතම නිර්මාණ තාක්ෂණය සහ ආරක්ෂක අවශ්‍යතා යොදා ගනු ලබයි. AIA ඉන්ෂුවරන්ස් සමාගම පසුගිය වසර ගණනාව පුරාවට එහි නව තාක්ෂණය, ඩිජිටල්කරණ සහ විශ්ලේෂක දැක්මට අනුව අති සාර්ථක අයුරින් ක්‍රියාත්මක විය.  ක්ලවුඩ් ක්‍රමෝපායයන් ක්‍රියාවට නැංවීම, ජංගම සහ වෙබ් ක්‍රමෝපායයන්  මෙන්ම පසු කාර්යාලයීය ස්වයංක්‍රීයකරණයන් සහ AIA ලංකා සමාගම තොරතුරු සුරක්ෂිතතාවය තහවුරු කිරීම වෙනුවෙන් ලබා දෙන්නා වූ අවධානය යන කරුණු හේතුවෙන් ගෙනෙදෙන ශක්තිමත් බව ක්ෂේත්‍රය තුල සේවාලාභී සත්කාරකත්වයට මිනුම් දණ්ඩක් ලෙස මෙය සැලකිය හැකිවනු ඇත.

සම්මානය ලබා ගැනීමෙන් පසු AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන තාක්ෂණ නිලධාරී, උමේෂි ද ෆොන්සේකා සිය අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ “ආසියානු පැසිෆික් කලාපය තුල ව්‍යාපාර පවත්වාගෙන යන ප්‍රමුඛ රක්ෂකයින් අතර මෙසේ සම්මානයට පාත්‍ර වීමට හැකිවීම පිළිබඳව අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයක් වගේම සතුටක්.  ඒ වගේම මෙම වඩාත් ගෞරවාන්විත ආසියානු රක්ෂණ සම්මාන උළෙලේ දී වසරේ ශ්‍රී ලංකා ඩිජිටල් රක්ෂණ මුලපිරීම වෙනුවෙන් පිරිනමන ලද සම්මානයට හිමිකම් කීමට හැකියාව ලැබීම මහත් අභිමානයක්.  අපගේ තාක්ෂණය මුසුකර සක්‍රීය කරන ලද විසදුම් අප සමාගමේ වැඩිවර්ධන පිළිබඳ කථාවේ කේන්ද්‍රය වන අතර එය අප සමාගම වෙත වැඩි වැඩියෙන් සේවාලාභීන් ආකර්ෂණය කරගැනීමට හේතු වී තිබෙනවා”.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය කියා සිටියේ “සේවාලාභීන් වෙත අඛණ්ඩව සුවිශේෂී සේවාවක් සපයමින් යන අපගේ ගමන් මග මෙවන් සම්මානයකින් පිදුම් ලැබීම අප සලකන්නේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙසටයි.  අපගේ සේවාලාභී ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කරමින්, රක්ෂණ විසදුම් සහ සේවාවන් මාර්ගත ක්‍රමයට සේවාලාභීන්හට ප්‍රවේශ වීමට සැලසීම අපගේ ඉදිරි ක්‍රියා පිළිවෙතෙහි කේන්ද්‍රීය ස්ථානයක් ගනු ඇති.   වඩාත් කැපවීමෙන් යුතුව ක්‍රියාත්මක වන අප සතු අති දක්ෂ කණ්ඩායම විසින් සියලු පද්ධතීන් පූර්ණ ලෙස එකට එක්කල AIA MyPOS පද්ධතිය දියත් කිරීම, අප සමාගම අසමසම ක්‍රමෝපායික ක්‍රියාමාර්ග හරියාකාරව භාවිතා කරමින් ගමන්ගන්නා බවට, මෙම සම්මානය තවත් එක් ශක්තිමත් සාධකයක්. දිනෙන් දින වැඩි දියුණු වෙමින් වඩාත් පලදායී ක්‍රියාවලීන් අධ්‍යනය කරමින් ඒවා ක්‍රියාත්මක කරමින් අපගේ ගමන්මග වඩාත් විශ්වාසයෙන් සහ ඉවසීමෙන් යුතුව අපව ශක්තිමත් කරන අපගේ අලෙවි බලකාය මෙන්ම වටිනා සේවාලාභීන් හට ස්තුති කිරීමට මා මෙය අවස්ථාවක් කර ගැනීමට කැමතියි”.

ආසියානු රක්ෂණ සම්මාන උළෙල,  සමාගම් මගින් සිය කොටස්කරුවන් වෙත ඉහළ අගයන් එක්කිරීම සඳහා විසදුම් එලි දැක්වීමට  ගනු ලබන සැබෑ ප්‍රයත්නයන් ඇගයීමට ලක්කරයි.  ඒ වගේම ආසියානු පැසිෆික් කලාපය තුල අභියෝගාත්මක අවස්ථාවන්ට හොදින් මුහුණ දෙමින් නැගී සිටින සමාගම් ද ඇගයුමට ලක්කරයි.  සම්මාන සඳහා ආසියානු පැසිෆික් කලාපයේ නන්දෙසින් ලැබෙන නාමයෝජනා ඉතා දැඩි නිර්නායකයන් ඔස්සේ ආසියානු කලාපය පුරා සිටින විද්වත් මඩුල්ලකගේ අධීක්ෂණයයට ලක්වන අතර ඒ ඔස්සේ මෙම සම්මාන සඳහා වඩාත් සුදුසු, විශිෂ්ටතම අපේක්ෂකයින් තෝරාගනු ලබයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව