AIA, සිය සන්නාම තානාපති ලෙස එංගලන්ත පාපන්දු ක්‍රීඩක හැරී කෙන් පත් කරයි.

PR Image (LBN)

 



 

 

AIA සමූහය විසින්, ටොටන්හම් හොට්ස්ප්ර්ස් ක්‍රීඩා සමාජයේ දක්ෂ ක්‍රීඩකයෙකු මෙන්ම එංගලන්ත ජාතික පාපන්දු කණ්ඩායමේ නායක හැරී කෙන් පත්කළ බව නිවේදනය කර සිටියි.  ටොටන්හම් හොට්ස්ප්ර්ස් ක්‍රීඩා සමාජය සමඟින් AIA  හි හවුල්කාරිත්වය හරහා හැරී සමඟ පසුගිය වසර 10 ක සබඳතාවයක් මත මෙම තානාපතිකම ගොඩනැගෙයි.

AIA සමූහයට මෙන්ම නොබෝදා දියත් කරන ලද හැරී කෙන් පදනම ඔස්සේ හැරී කෙන් මහතාට ද, පුද්ගලයින්හට එදිනෙදා ජීවිතයේ පැනනගින ගැටළු සහ විවිධ තත්ත්වයන් හමුවේ ඔවුනගේ මානසික සෞඛ්‍ය සහ දරා ගැනීමේ ශක්තිය නැතහොත් ඔරොත්තු දීමේ හැකියාව ආමන්ත්‍රණය කිරීමට සමාන අපේක්ෂාවක් පවතින අතර, මෙම හවුල්කාරිත්වය ඔස්සේ AIA, හැරී කෙන් පදනම (HKF) සමඟින් සෞඛ්‍ය සහ මානසික යහපැවැත්මේ වැදගත්කම වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කරනු ඇත.  මෙම ව්‍යාපෘතිය,  ධනාත්මක චින්තනයේ වැදගත්කම ප්‍රවර්ධනය කිරීම සඳහා ඔරොත්තු දීමේ හැකියාව,  ආත්ම විශ්වාසය සහ අන්‍යයන්ගේ සහයෝගය ලබා ගැනීම පිලිබඳ හැරී කේන් ලෙස නම් තබා ඇති, ඔහුගේම ස්වයං-නිෂ්පාදිත වීඩියෝ පටයෙන් ආරම්භ වනු ඇත.

AIA සමූහයේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී ස්ටුවට් ස්පෙන්සර් මහතා සිය අදහස් දක්වමින් කියා සිටියේ “හැරී කෙන් මහතාව අප මහත් ප්‍රීතියෙන් අපගේ සන්නාම තානාපති ලෙස පිළිගන්නා අතර මේ ඔස්සේ ටොටන්හම් හොට්ස්ප්ර් පාපන්දු ක්‍රීඩා සමාජය සමඟින් අපගේ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් වෙනු ඇති.  AIA සමූහය වසර 2030 වන විට ආසියාව පුරාවට විසිර සිටින බිලියනයක ජනතාවක් සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගත කිරීම සඳහා යොමු කරවමින් ඔවුනට ඒ සඳහා සහාය වීමේ කඩිනම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරමින් සිටිනවා.  ඒ වෙනුවෙන්  කලාපය පුරා සිටින ප්‍රජාවන් දිරිගැන්වීමට සහ දැනුවත් කිරීමට හැරී කෙන් මහතාට සිටින අතිවිශාල අනුගාමිකත්වය උපකාරී වනු ඇත.

හැරී කෙන් මහතා සිය අදහස් දක්වමින් කියා සිටියේ “AIA හි සන්නාම තානාපති ලෙස මා නම් කිරීම මට මහත් ගෞරවයක් මෙන්ම සතුටක්.  සුවතාවයෙන් පිරි ජීවන රටාවක්  අනුගමනය කිරීම  මා පෞද්ගලිකව විශ්වාස කරන ඒ වගේම අගය කරන දෙයක් වන අතරම සැමදෙනාම සිය මානසික සුවතාවය ඉතා හොදින් රැකගත යුතු බවත් ඒ සඳහා පුද්ගලයින් දිරි ගැන්විය යුතු බවත් මා සිතනවා.  ආසියාව පුරාවට විසිර සිටින ප්‍රජාවන්හට ඔවුනගේ සුවතාවය වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් AIA සමාගම විසින්  දරන සියලු ප්‍රයත්නයන් වෙනුවෙන් මාගේ නොමද සහය ලබා දීමට මා අපේක්ෂා කරනවා. ”

AIA සමූහය, 2013 වසරේ සිට ටොටන්හම් හොට්ස්ප්ර්ස් ක්‍රීඩා සමාජයේ, ප්‍රධාන ජාත්‍යන්තර සහයෝගිතා සහකරු ලෙස කටයුතු කරමින් සිටියි.  මෙම සහයෝගීතාවය කලාපය පුරාවට සිටින ප්‍රජාව හා ගැඹුරු සබඳතා ගොඩනඟා ගැනීමට උපකාරී වී තිබෙන අතර ඔවුන්ගේ අනුග්‍රාහකත්වයෙන් පවත්වා ඇති පාපන්දු වැඩසටහන් ඔස්සේ දරුවන් 80,000 කට අධික පිරිසක් ප්‍රතිලාභ ලබා තිබෙනවා.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව