AI මෙවලම් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට නව පුරුදු 5ක්

5 New Habits - Image (1)

2023 වසර යනු, AI තාක්ෂණයන් කරලියට පැමිණි, AI තාක්ෂණ මෙවලම්වලට කළ හැකි දෑ පිළිබඳව විශාල කතිකාවක් ඇති වූ වසරයි. කෙසේ නමුත්, 2024 වසර යනු, AI තාක්ෂණය සාමාන්‍යකරණය වූ සහ AI තාක්ෂණයෙන් කළ හැකි බවට සාකච්ඡා වූ දේ සැබෑවක් බවට පත්වන අයුරු දැකගත හැකි වසරයි. Microsoft Copilot මඟින් පරිශීලකයින්ට ලැබෙන නොමඳ සහාය ඊට නිදසුනකි.

 



 

අප සැවොම විවිධ මට්ටම් වලින් එදිනෙදා කටයුතු වඩාත් කාර්යක්ෂමව ඉටු කර ගැනීමට AI මෙවලම් භාවිතා කරමු. AI මෙවලම් වල උපරිමය ලබා ගැනීම සඳහා පහත දැක්වෙන නව පුරුදු ප්‍රගුණ කිරීම විවිධ වෘත්තීන්වල නායකයන්ටත්, සේවානියුක්තයන්ටත් එකසේ වැඩදායක වනු ඇත.

  1. AI මෙවලම් භාවිතයෙන් ඔබේ කාලය ඉතිරි වේ- එම කාලය මනාව භාවිතා කරමු!

Work Trend Index විශේෂ වාර්තාවට අනුව, Copilot භාවිතයෙන් වඩාත් වේගවත්ව කටයුතු සිදුකරගන්නා අයගෙන් භාගයකට වැඩි ප්‍රමාණයක්, ඉන් ඉතිරි වන කාලය වඩාත් අවධානය යොමු කොට ඉටු කරගත යුතු කාර්යයන් සඳහා ‍යොදවයි.

මෙහිදී ඔබට ඔබේ කැලැන්ඩරයේ නිදහස් වූ වේලාව, ඔබට සහ ආයතනයට ඇති ප්‍රමුඛතාවයන් අනුව සිතාමතා භාවිතා කිරීමටත්, එය තම කණ්ඩායමට ආදේශ කිරීමටත් භාවිත කළ හැකිය. එසේම, ඔබට එම කාලය, ඔබේ කණ්ඩායම පුහුණු කිරීමට ද භාවිතා කළ හැක.

  1. මිනිසුන් සමඟ කටයුතු කිරීමේ කුසලතාවයන් වඩ වඩාත් ප්‍රගුණ කරන්න!

AI මෙවලම් වෘත්තීන් තුළ විප්ලවයක් ඇති කොට ඇති යුගයක, කළමනාකරණ කුසලතාවලට මෙන්ම, “මෘදු කුසලතා” නැතිනම් සන්නිවේදනය, නායකත්වය, කණ්ඩායමක් සමඟ වැඩ කිරීම වැනි කුසලතාවලට ද ඉහළ ඉල්ලුමක් පවතී. AI මෙවලම් ඔස්සේ කාර්යාලයීය වැඩකටයුතු පහසු වෙමින් පවතින වර්තමානයේදී, මිනිස් සබඳතා හා බැඳි වෘත්තීන් තුළද ප්‍රමුඛස්ථානයක් ගනු ඇත. එහිදී සේවායෝජකයින්, තමන්ගේ සේවා කණ්ඩායම් සමඟ පැහැදිලිව, දයානුකම්පිතව සහ සංවේදීව සන්නිවේදනය කිරීම අත්‍යවශ්‍යවනු ඇත.

  1. ඔබට ඕනෑම දෙයක් අසන්න: Copilot ඔබව විනිශ්චය නොකරයි!

කාර්යාල රැස්වීමකදී ඔබට යමක් දැනගැනීමට අවශ්‍ය වුවත්, ඔබේ සගයන් එය හෙළා දකිතැයි සිතා ඔබ නිශ්ශබ්දව සිටිනවා ද? තවදුරටත් ඔබට දැනගැනීමට අවශ්‍ය දෙයක් සම්බන්ධයෙන් නිහඬ වීමට අවශ්‍ය නැත. Copilot ඔබ අසන ප්‍රශ්නයේ ස්වභාවය පිළිබඳව කිසිදිනක ඔබව විනිශ්චය නොකරන අතර පිළිතුරු පමණක් ලබා දෙයි!

Microsoft නියෝජිතයෙකු පවසන්නේ, Copilot වෙතින් තමන්ට මානසික ආරක්ෂාව පිළිබඳ හැඟීමක් දැනෙනා බව, ඒ හා කටයුතු කරන පාරිභෝගිකයින් පවසන කරුණක් බවයි. මෙය වැදගත් වන්නේ, තමන් මතු කරන අදහස් හෝ ප්‍රශ්න සම්බන්ධයෙන් අන්‍යයන් සිතන්නේ කුමක්දැයි නොසිතා වැඩ කිරීමට සහායක් ලැබෙන පරිසරයකින් ලැබෙන ධනාත්මක බලපෑම අතිවිශාල බැවිනි.

  1. තොරතුරු සෙවීමට වැය කරන කාලය අඩුකර ගන්න!

අපි බොහෝ දෙනෙකු, අපගේ රැකියාවලදී, තොරතුරු සෙවීමට අතිවිශාල කාලයක් වැය කරමු. නමුත් තොරතුරු සෙවීමට අප කෙතරම් හුරුවී ඇතිදැයි කියනවා නම්, ඊට මෙතරම් කාලයක් වැයවීම ගැටළුකාරී බව හෝ අපි නොදන්නෙමු.

වෘත්තිකයින් 18, 100 දෙනෙකු යොදාගෙන Microsoft සිදු කළ ගෝලීය සමීක්ෂණයකින් හෙළිවූයේ, දිනයක කාලයෙන් 24%ක් ඔවුන් තම වෘත්තියට අවශ්‍ය තොරතුරු නිර්මාණයටත්, 24%ක් තොරතුරු සන්නිවේදනයටත්, එසේම 25%ක් තොරතුරු භාවිතයටත්, කාලයෙන් 27%ක් තොරතුරු සෙවීමටත් වැයකරන බවයි. එසේම ඔවුන් කියා සිටියේ, එසේ දිගු කාලයක් වැය කර සොයාගන්නා තොරතුරුවලින් සැබවින්ම අවශ්‍ය වන්නේ ද 50% ක් පමණක් බවයි.

කෙසේ වෙතත් සුබ ආරංචිය වන්නේ,  Copilot වැනි AI මෙවලම්වලින් ඔබ තොරතුරු සෙවීමට ගත කරන කාලය ඔබට ඉතිරිකර දෙන බවයි! එම හැකියාව නිවැරදිව ප්‍රයෝජනයට ගැනීම ඔබ සතු වේ!

  1. විධාන නොදෙන්න, සංවාදයේ යෙදෙන්න!

දීර්ඝ කාලයක් පුරා අප තාක්ෂණය සමඟ හුරුවී සිටින්නේ විධාන ලබාදී අපට අවශ්‍ය දේ ඉටුකරගැනීමටය. කෙසේ වුවත් AI මෙවලම් සමඟින් එය එතරම් සාර්ථක ප්‍රවේශයක් නොවනු ඇත. AI මෙවලම් තුළින් වඩාත් උපරිම ප්‍රයෝජනය ගැනීම සඳහා භාවිතා කළ යුතු ප්‍රවේශය වන්නේ සංවාදයේ යෙදීමයි. නිදසුන් ලෙසින් දක්වන්නේ නම්, Copilot සමඟ කටයුතු කිරීමේදී ඔබට පළමු ප්‍රයත්නයෙන්ම ඔබට අවශ්‍ය දේ නොලැබෙන්නේ නම්, ඒ හා සංවාදයේ යෙදෙමින් ඔබට අවශ්‍ය දේ සන්නිවේදනය කිරීම ඔස්සේ ඔබට අවශ්‍ය කාර්යය ඉටු කොට ගත හැකි වනු ඇත.

ඔබ Copilot වැනි AI මෙවලම් ඔබගේ විශ්වාසවන්ත, ඉවසිලිවන්ත AI සහකරුවා ලෙසින්, ඔබේ කාර්යක්ෂමතාවය ඉහළ නංවමින්, ඔබේ වැඩෙහි ගුණාත්මක භාවය තියුණු කොට, ඔබේ කාලය ඉතුරු කර දෙනු ඇත. ඒ සඳහා ඉහත පුරුදු ඔබට මහෝපකාරීවනු ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 8 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව