
- රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ, ඉන්දියාවේ වාහනවල සවිකළ ප්‍රති-ඩ්‍රෝන පද්ධතිය, Aero India 2025 හිදී දියත් කෙරේ.
- DRDO හි තාක්ෂණ හුවමාරු (ToT) රාමුව යටතේ සංවර්ධනය කරන ලද මෙම පද්ධතිය, ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ස්වයං විශ්වාසය ශක්තිමත් කරන අතර අනපේක්ෂිත ඩ්‍රෝන් තර්ජනවලට එරෙහිව ආරක්ෂාව වැඩි දියුණු කරයි.
- මෙම හඳුන්වාදීම ගෝලීය ආරක්ෂක ප්‍රමුඛයෙකු ලෙස ඉන්දියාවේ ස්ථානය ශක්තිමත් කරන අතර, අභ්‍යවකාශ හා ආරක්ෂක ක්ෂේත්‍රයේ දේශීය තාක්ෂණික දියුණුව පෙන්නුම් කරන්නකි.
බැංගලෝර්, 2025 පෙබරවාරි 11: Adani Defence & Aerospace, ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRDO) සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, ඉන්දියාවේ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය මත පදනම්ව, වාහනවල සවි කරන ලද ප්‍රති-ඩ්‍රෝන පද්ධතිය Aero India 2025 හිදී එළිදක්වන ලදී. මෙම නව හඳුන්වාදීම, DRDO හි අධ්‍යක්ෂ ජනරාල් (ඉලෙක්ට්‍රොනික සහ සන්නිවේදන පද්ධතිය) ආචාර්ය බී.කේ. දාස් විසින් DRDO හි ගෞරවනීය අමුත්තන්, ආරක්ෂක විශේෂඥයින් සහ කර්මාන්ත හවුල්කරුවන් ඉදිරියේ සිදු කරන ලද අතර, දේශීය ආරක්ෂක හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාවේ කැපවීම මෙමඟින් අවධාරණය කරනු ලැබීය.
DRDO සමඟ සහයෝගයෙන් සංවර්ධනය කරන ලද මෙම අති නවීන පද්ධතිය, වර්ධනය වන ගුවන් තර්ජනවලට එරෙහිව ඉන්දියාවේ ආරක්ෂක සූදානම වැඩි දියුණු කිරීමේ සැලකිය යුතු පියවරක් සනිටුහන් කරයි. ගුවන් නිරීක්ෂණ සහ ප්‍රහාරක මෙහෙයුම් සඳහා නූතන යුදමය තත්ත්වයන්වලදී ඩ්‍රෝන යානා භාවිතය වැඩි වීමත් සමඟ, ශක්තිමත් ප්‍රති-ඩ්‍රෝන යාන්ත්‍රණයක අවශ්‍යතාවය මතු වී ඇත. වාහනවල සවිකර ඇති ප්‍රති-ඩ්‍රෝන පද්ධතිය දිගු දුර ආරක්ෂාව, කාර්යක්ෂම බව සහ නිරවද්‍යතාවය සහතික කරන අතර, එය නවීන ආරක්ෂක හමුදාවන්ට වටිනා වත්කමක් ද වේ. ස්වයංක්‍රීය හඳුනාගැනීම, වර්ගීකරණය සහ ඩ්‍රෝන උදාසීන කිරීම ඇතුළු උසස් සංවේදක හැකියාවන් මඟින් බාධාවකින් තොරව ආරක්ෂාව සැපයීමට මෙම පද්ධතියට හැකියාව ඇත.
තනි 4×4 වාහනයකට ඒකාබද්ධ කර ඇති මෙම පද්ධතිය ජංගම, කාර්යක්ෂම, විශ්වසනීය මෙන්ම ස්වයංක්‍රීය ප්‍රති-ඩ්‍රෝන විසඳුමක් ලෙස ක්‍රියා කරයි. ඉතා නිවැරදි ලෙස ඩ්‍රෝන උදාසීන කිරීම සඳහා අධි ශක්ති ලේසර් පද්ධතියක්, ගුවන් තර්ජන සඳහා 7.62 mm තුවක්කුවක් සහ කිලෝමීටර 10ක පරාසයක් තුළ ඒ මොහොතේම ඉලක්කයක් හඳුනා ගැනීම, ලුහුබැඳීම සහ උදාසීන කිරීම සඳහා උසස් රේඩාර්, SIGINT, විද්‍යුත් දෘශ්‍ය සංවේදක සහ ජෑමර් ඇතුළත් වේ. බහු ප්‍රති-ඩ්‍රෝන තාක්ෂණයන් තනි ඒකකයකට ඒකාබද්ධ කිරීම මඟින් වේගවත් ප්‍රතිචාර දැක්වීමක් සහ මෙහෙයුම්වල නම්‍යශීලීභාවය සහතික කරන අතර එය ඉන්දියාවේ ආරක්ෂක යටිතල පහසුකම් සුරක්ෂිත කිරීම සඳහා තීරණාත්මක වත්කමක් බවට පත් කරයි.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ Adani Defence & Aerospace හි ප්‍රධාන විධායක නිලධාරී අශිෂ් රාජ්වන්ෂි මහතා, “මෙම එළිදැක්වීම DRDO හි ලෝක මට්ටමේ පර්යේෂණ සහ සංවර්ධන සහ තාක්ෂණ හුවමාරු (ToT) රාමුව මඟින් මෙහෙයවනු ලබන ඉන්දියාවේ ආරක්ෂක නවෝත්පාදන ක්ෂේත්‍රයේ සාර්ථකත්වයට මනා සාක්ෂියක්. දිනෙන් දින වර්ධනය වන ඩ්‍රෝන් තර්ජනවලට මුහුණ දීමට අපගේ සන්නද්ධ හමුදාවන්ට ඇති හැකියාව ශක්තිමත් කරන, ක්‍රියාකාරී සූදානම් විසඳුමක් බවට DRDO හි අති නවීන තාක්‍ෂණය පරිවර්තනය කිරීමට හැකි වීම ගැන Adani Defence & Aerospace ඉතා ආඩම්බරයට පත් වෙනවා. අපගේ දියුණු නිෂ්පාදන හැකියාවන් උපයෝගී කර ගනිමින්, ජාතියේ උපායමාර්ගික අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා අපගේ සන්නද්ධ හමුදාවන්ට වඩාත්ම දියුණු, දේශීය ආරක්ෂක තාක්ෂණයන් වෙත ප්‍රවේශයන් ඇති බව සහතික කිරීමට අප නිරන්තරයෙන් කැපවී සිටිනවා.”
“අනපේක්ෂිත තර්ජනවලට මුහුණ දීම සඳහා ඉන්දියාවේ ආරක්ෂක සූදානම වැඩි දියුණු කිරීමට වාහනවල සවිකර ඇති ප්‍රති-ඩ්‍රෝන පද්ධති හඳුන්වාදීම තීරණාත්මක පියවරක්. මෙම පද්ධතිය මඟින් බහු ප්‍රති-ඩ්‍රෝන තාක්ෂණය ජංගම උපාංගයකට ඒකාබද්ධ කරන අතර එමඟින් වේගවත් ප්‍රතිචාර දැක්වීමක් සහ මෙහෙයුම්වල නම්‍යශීලී බව සහතික කිරීමේ හැකියාව ලැබෙනවා. ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දියානු කර්මාන්ත සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, දේශීය මෙන්ම ඉදිරි පරම්පරාවේ විසඳුම් සංවර්ධනය කිරීමට DRDO නිරන්තරයෙන් කැපවී සිටිනවා. දිනෙන් දින වැඩිවන අනීතික ඩ්‍රෝන යානා මඟින් එල්ල වන තර්ජනවලට එරෙහිව ප්‍රධාන ආරක්ෂක සහ සිවිල් වත්කම් සුරක්ෂිත කිරීමේදී මෙම පද්ධතිය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපට විශ්වාසයි,” යනුවෙන් DRDO අධ්‍යක්ෂ ජනරාල් (ඉලෙක්ට්‍රොනික සහ සන්නිවේදන පද්ධතිය) ආචාර්ය බී.කේ. දාස් මහතා පැවසීය.
මෙම පද්ධතිය දියත් කිරීම මඟින් ඉන්දියාවේ අති නවීන ආරක්ෂක තාක්ෂණයන් දේශීයව සංවර්ධනය කිරීම, ආනයන මත යැපීම අඩු කිරීම සහ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ඇති කැපවීම ද ශක්තිමත් කරයි. මිනිසුන් රහිත ගුවන් තර්ජන අඛණ්ඩව වර්ධනය වන විට, ලෝක මට්ටමේ, දේශීය විසඳුම් සමඟ ඉන්දියාවේ ආරක්ෂක හැකියාවන් ඉදිරියට ගෙන යාමේ දී Adani Defence & Aerospace සහ DRDO අතර සහයෝගීතාවය සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
Aero India 2025 යනු ඉන්දියාවේ අභ්‍යවකාශ හා ආරක්ෂක ක්ෂේත්‍රයේ දියුණුව ප්‍රදර්ශනය කිරීම සඳහා නිර්මාණය වූ ගෝලීය වේදිකාවක් වන අතර, මෙම පද්ධතිය එළිදැක්වීම මඟින් ගෝලීය ආරක්ෂක හා අභ්‍යවකාශ අංශයේ ප්‍රධාන භූමිකාවක් දරන්නෙකු ලෙස රටේ ස්ථාවරය ද නැවත වරක් තහවුරු වේ.