ABC Trade & Investment සහ All-China Environment Federation ශ්‍රී ලංකාවේ හරිත යටිතල පහසුකම් සහ ආයෝජන ප්‍රවර්ධනය සඳහා එක්වෙයි

Capture

දේශීය ජල හා පිරිසිදු බලශක්ති ව්‍යාපෘති වෙත චීන තාක්ෂණය, ඉංජිනේරු දැනුම සහ නව ප්‍රාග්ධන ආයෝජන යොමු කිරීම සඳහා උපායමාර්ගික රාමුවක් සකසන සන්ධිස්ථානීය ගිවිසුමක්

අවබෝධතා ගිවිසුම (MoU) මඟින්:

  • යටිතල පහසුකම් ආයෝජන සහ විදේශීය තාක්ෂණය ලබාගැනීමේ හැකියාව වර්ධනය කිරීම
  • කාර්මික පාරිසරික ප්‍රමිතීන් සහ තාක්ෂණික ධාරිතාව ඉහළ නැංවීම
  • දීර්ඝකාලීන සම්පත් සුරක්ෂිතතාව සහ බලශක්ති අවශ්‍යතා සපුරාලීම

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ (ICT) සහ විවිධ ක්ෂේත්‍ර ගණනාවක නියැලෙන ප්‍රමුඛ සමාගමක් වන ABC Trade & Investments (Pvt) Ltd, All-China Environment Federation (ACEF) ආයතනය සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. මෙම හවුල්කාරිත්වය මඟින් ශ්‍රී ලංකාව පුරා පිරිසිදු බලශක්ති ව්‍යාපෘති, ජල කළමනාකරණය සහ පාරිසරික සුරක්ෂිතතා කටයුතු වේගවත් කිරීමට නියමිතයි.




මෙම ගිවිසුම හරහා චීනයේ උසස් තාක්ෂණය, ඉංජිනේරු දැනුම, නවීන උපකරණ සහ ආයෝජන පහසුකම්, ABC Trade & Investments සමාගමේ දේශීය පළපුරුද්ද හා සේවා හැකියාවන් සමඟ එක් කෙරේ. ජාත්‍යන්තර තාක්ෂණය අපගේ දේශීය ක්‍රියාකාරීත්වයට එක් කිරීමෙන්, ශ්‍රී ලංකාවේ පාරිසරික හා යටිතල පහසුකම් ගැටලුවලට සාර්ථක විසඳුම් ලබා දීමට මෙහිදී බලාපොරොත්තු වේ.

ABC Trade & Investment (Pvt) Ltd හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී අමල්රාජා ජයසීලන් මහතා සහ ACEF හි Belt & Road Eco-Industry Cooperation Working Committee හි ලේකම් ජෙනරාල් ෂි ෂියැන්ග් මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදී. මෙම අත්සන් තැබීම සිදුවූයේ ‘හරිත සංවර්ධනය බලගන්වමු, චීන-ශ්‍රී ලංකා පාරිසරික හා බලශක්ති කර්මාන්තයේ නව රටාවක් එක්ව ගොඩනගමු’ යන තේමාව යටතේ කොළඹ Nondescripts Cricket Club (NCC) හි පැවැති හමුවකදීය.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් ABC Trade & Investment (Pvt) Ltd හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී අමල්රාජා ජයසීලන් මහතා මෙසේ පැවසීය. “ACEF හරහා චීනයේ උසස් පාරිසරික හා ඉංජිනේරු තාක්ෂණික ජාලයක සහය අපට හිමිවෙනවා. එමෙන්ම දේශීය අවශ්‍යතා සහ නීතිරීති පිළිබඳ හොඳම අවබෝධය අප සතුව තියෙනවා. අපේ මීළඟ අරමුණ වන්නේ අපේ රටට ගැලපෙන හොඳම තාක්ෂණයන් හඳුනාගෙන, ජලය, පිරිසිදු බලශක්තිය සහ පරිසර සංරක්ෂණය වෙනුවෙන් ප්‍රායෝගික ව්‍යාපෘති බිහිකිරීමයි.”

මෙම සහයෝගිතාව පාරිසරික ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදී යයි. ඒ යටතේ වහාම ආරම්භ කිරීමට නියමිත ප්‍රධාන ව්‍යාපෘති අතරට, නගර සහ ගම්වල ජල සම්පාදනය හා කාණු පද්ධති විධිමත් කිරීම, නිවෙස්වල අපජල පිරිපහදු ක්‍රම දියුණු කිරීම, කර්මාන්තශාලා අපජල කළමනාකරණය, ගම්මාන සඳහා පිරිසිදු පානීය ජලය ලබා දීම, පුනර්ජනනීය බලශක්ති පද්ධති සවිකිරීම සහ ජල පද්ධති සඳහා සෘජුවම පිරිසිදු බලශක්තිය ලබාදීමේ ව්‍යාපෘති ඇතුළත් වේ.

මෙම එකඟතාව මඟින් දීර්ඝකාලීනව තාක්ෂණය ලබාගැනීමටත්, දේශීය ශ්‍රමයේ හා තාක්ෂණයේ දියුණුවටත් මුල් තැන ලබා දෙයි. මේ යටතේ තාක්ෂණික වැඩමුළු, ව්‍යාපාරික හමුවීම් සහ චීනයේ පිහිටි උසස්ම තාක්ෂණික මධ්‍යස්ථාන වෙත නිරීක්ෂණ චාරිකා සංවිධානය කිරීමට නියමිතයි. එමඟින් ශ්‍රී ලංකාවේ දේශගුණයට සහ අවශ්‍යතාවන්ට වඩාත්ම ගැලපෙන ලෙස ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු පද්ධති සකස් කරගැනීමට ABC හි තාක්ෂණික කණ්ඩායම්වලට හැකියාව ලැබෙනු ඇත.

මෙම හවුල්කාරිත්වය මඟින් ආයතන දෙකෙහිම පවතින විශේෂ හැකියාවන් එකිනෙක හා සම්බන්ධ කර ගනු ලබයි. ඒ අනුව පාරිසරික ආරක්ෂණය, ජල ඉංජිනේරු, පුනර්ජනනීය බලශක්ති සහ ඉදිකිරීම් ක්ෂේත්‍රවල නියැලෙන ප්‍රමුඛ චීන සමාගම් ජාලයක සහය ලබාදීමට ACEF ආයතනය කටයුතු කරයි. එමෙන්ම ABC Trade & Investments සමාගම සිය Water Science Division හරහා උපදෙස් ලබාදීමේ සිට උපකරණ සැපයීම, සවිකිරීම, ක්‍රියාත්මක කිරීම සහ දීර්ඝකාලීන නඩත්තුව දක්වා වන සියලුම සේවාවන් දිවයින පුරා ලබාදීමට සිය දේශීය අත්දැකීම් හා හැකියාවන් යොදවනු ලබයි.

මෙම අවබෝධතා ගිවිසුම මඟින් දීර්ඝකාලීන සහයෝගිතාවකට මග පාදන අතර, ඒ යටතේ ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත සෑම ව්‍යාපෘතියක්ම වෙන වෙනම හඳුනාගෙන ගිවිසුම්ගත වීමට කටයුතු කරනු ඇත. මෙලෙස සාර්ථක ජාත්‍යන්තර තාක්ෂණයන් අපේ රටේ තත්ත්වයන්ට ගැලපෙන ලෙස යොදාගනිමින්, ශ්‍රී ලංකාව පුරා තිරසාර සංවර්ධනයට රුකුලක් වන ප්‍රායෝගික යටිතල පහසුකම් විසඳුම් ගොඩනැගීම ABC Trade & Investments සහ ACEF හි ප්‍රධාන අරමුණයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව