ක්‍රිස්බ්‍රෝ සිසුදිරිය වාර්ෂික චිත්‍ර හා කවි තරගය ඇරඹේ

Image 01 (1)

 




 

 

රටට වැඩදායක පුරවැසියකු බිහි කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගමේ, ප්‍රමුඛතම ආයතනික වගකීම් ප්‍රවේශය වන සිසුදිරිය වැඩසටහන යටතේ වාර්ෂිකව පවත්වන චිත්‍ර සහ කවි තරගය අගෝස්තු අවසන් සතිය වන විට ඇරඹීමට කටයුතු යොදා ඇත.

සිය සමස්ත සේවකයින්ගේ දූදරුවන්ගේ අධ්‍යාපන සහ විෂය බාහිර දක්ෂතා වාර්ෂිකව ඇගයීම සඳහා කෙරෙන ක්‍රිස්බ්‍රෝ සිසු දිරිය චිත්‍ර හා කවි තරගය ක්‍රිස්බ්‍රෝ මානව සම්පත් අංශය විසින් සංවිධානය කරන අතර ක්‍රිස්බ්‍රෝ සේවක සේවිකාවන්ගේ දූ දරුවන්ට මේ සඳහා දායක වේග  ක්‍රිස්බ්‍රෝ මානව සම්පත් අංශය සඳහන් කරන ආකාරයට මෙවර පැවැත්වෙන රචනා තරගය සඳහා දරු දැරියන් 650කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි. මීට සමගාමීව පැවැත්වෙන ක්‍රිස්බ්‍රෝ කාව්‍ය නිර්මාණ තරගාවලිය ක්‍රිස්බ්‍රෝ සමූහය ව්‍යාපාරයේ සියලු සේවිකාවන්ට විවෘත තරගාවලියක් ලෙස සංවිධාන කෙරේ.

ජයග්‍රාහකයින්ට වටිනා ත්‍යාග සමග සහතිකපත් පිරිනමන අතර ක්‍රිස්බ්‍රෝ සංවිධානය විසින් වාර්ෂිකව මුද්‍රණය කරනු ලබන පාසල් අභ්‍යාස පොත්වල ජයග්‍රාහී නිර්මාණ පළ කිරීම විශේෂත්වයක් වේ.

“ කෝවිඩ් වසංගතය මධ්‍යයේ නිර්මාණය වී ඇති අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් තුළ වූවද වාර්ෂිකව සංවිධානය කෙරෙන චිත්‍ර හා කාව්‍ය තරගය සුපුරුදු ලෙස පැවැත්වීමට මෙවරත් අපි උත්සාහ කරන්නේ දෛනිකව අප අත්දකින ඉතා සෘණාත්මක සහ කණගාටුදායක සිද්ධින් සහ එමගින් ඇති කරන අවිනිෂ්චිත මානසික තත්වයෙන් අපගේ සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ ආදරණීය දූ දරුවන් මුදවා ගනිමින් ඔවුන්ගේ සිතවලට යම් ධනාත්මක අපේක්ෂාවන් ඇති කර වීම සඳහායි. එබැවින් පෙර වර්ෂයන්වල මෙන්ම දූ දරුවන්ගේ සහ අපගේ සේවක සේවිකාවන්ගේ ඉහළ දායකත්වයක් මෙම තරගාවලිය සඳහා පවතිනු ඇති බව මගේ විශ්වාසයයි. දරුවන්ගේ බුද්ධි වර්ධනය තුළින් කුසලතා වර්ධනය කර ගැනීමට විෂය සමගාමී මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් වන ක්‍රීඩාව කලාව නැටුම් සංගීතය වැනි ක්‍රියාකාරකම් වඩාත් ඉවහල් වෙනවා. එක් අංශයක් කෙරෙහි දරුවන් නැඹුරු කරනවා වෙනුවට මේ සියලු ක්‍රියාකාරකම් සඳහා දරුවන් යොමුකිරීම තුළින් ආකල්ප සහ කුසලතා පූර්ණ ආනාගත පරපුරක් නිර්මාණය කර ගැනීමට අපට හැකි වෙනවා. ක්‍රිස්බ්‍රෝ සිසුදිරිය වැඩසටහනේ මුලික පරමාර්ථය වන්නේ ද මෙම අදහස සවිබල ගැන්වීමයි” යනුවෙන් ක්‍රිස්බ්‍රෝ හි සමූහ මානව සම්පත් හා පරිපාලන ජ්‍යෙෂ්ඨ කළමනාකාර රංජන මහින්ද සිරි මහතා පැවසීය.

2019 වසරේ සංවිධානය වූ වැඩසටහන් අතර වාර්ෂික සිතුවම් ප්‍රදර්ශනය විශේෂ ස්ථානයක් ගත් අතර මේ සඳහා දරුදැරියන් 176 දෙනෙකු සහභාගී විය. එයින් ජයග්‍රහනය ලැබූ සිතුවම් 12ක් 2020 ක්‍රිස්බ්‍රෝ දින දර්ශනයටත් තවත් සිතුවම් 19ක් වාර්ෂිකව දරුදැරියන් වෙත බෙදා දෙන පාසල් අභ්‍යාස පොත්වල පිටකවරයන්හි මුද්‍රණය විය. සිසුදිරිය වැඩසටහන යටතේ ක්‍රිස්බ්‍රෝ හි සියලු ව්‍යාපාරික මධ්‍යස්ථානයන් හි සේවය කරන සේවක සේවිකාවන්ගේ පාසල් දූ දරුවන් සඳහා අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ප්‍රදානය කිරීම පසුගිය 20 වසර පුරාම සිදු කිරීමට ක්‍රිස්බ්‍රෝ සමාගමට හැකි විය.

මීට අමතරව ක්‍රිස්බ්‍රෝ සේවක දූදරුවන් අතර 2019 වසරේදී 5 වසර ශිෂ්‍යත්වය මෙන්ම අපොස සාපෙළ සහ උසස්පෙළ සමත් වූ දූදරුවන් 896 දෙනෙකු සඳහා පාසල් උපකරණ සහ ත්‍යාග වවුචර් ක්‍රිස්බ්‍රෝ සිසුදිරිය වැඩසටහන තුළ ප්‍රදානය කෙරිණ. වාර්ෂික සිසුදිරිය වැඩසටහනට සමගාමීව ක්‍රිස්බ්‍රෝ හි ව්‍යාපාරික මධ්‍යස්ථානයන් 17ට ආසන්නව පිහිටි පාසල් තෝරා ගනිමින් එම පාසල්වල පුස්තකාල පරිශ්‍රයන් වැඩිදියුණු කිරීමේ සමාජ සත්කාරයක් ද ක්‍රියාවට නැංවින. මෙම වැඩසටහන ද වාර්ෂික පැවැත්වීමට ක්‍රිස්බ්‍රෝ සමාගම පියවර ගෙන ඇත.

වෙළෙඳපොල ප්‍රමුඛයා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වර්ෂ 1972 දී කුකුළු පැටවුන් 100 කින් ඉතා කුඩාවට ඇරඹු ක්‍රිස්බ්‍රෝ ආයතනය අද වන විට තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් අංක එක කුකුල් මස් නිෂ්පාදකයා වීමට හැකිවී තිබේ. එසේම කුකුළු පරම්පරාවන් අශ්‍රිතව ගොවිපළ පවත්වාගෙන යාම, අභිජනන මධ්‍යස්ථාන, බ්‍රොයිලර් ගොවිපළ, සහ කුකුළු ආහාර සැකසුම්. මධ්‍යස්ථාන ද පවත්වාගෙන යමින් මනා කළමනාකාරිත්වයෙන් යුතුව තම ව්‍යාපාරයන්හී නිරත වන ආයතනයක් ලෙස ක්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක. විශේෂයෙන් ගොවිපලෙන් කෑම මේසයට ^FARM TO FORK& යන සංකල්පය ක්‍රිස්බ්‍රෝ හී සාර්ථකත්වයට හේතු වූ තවත් ප්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක. ක්‍රිස්බ්‍රෝ සමාගම මේ වනවිට සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම ප්‍රතිලාභ රැසක් උදා කර දී ඇත. එහි කොටස් හිමියන්ට,දේශීය බඩ ඉරිඟු ගොවීන්ට, සෘජුව සහ වක්‍රාකාරව රැකියා සපයමින් ශ්‍රී ලාංකික රැකියා ක්ෂේත්‍රයට, අවසාන වශයෙන් සමස්ත රටටම මෙහි ප්‍රතිලාභ උදා කර දී ඇත.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව