ARMX විසින් ජාත්‍යන්තර ආරක්ෂක නිලධාරීන්ගේ දිනය ශ්‍රී ලංකාවේදී පළමු වරට සමරයි

ARMX Picture 02

 




 

 

ශ්‍රී ලාංකීය පෞද්ගලික ආරක්ෂක සේවා සැපයීම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම වරට ARMX සිකියුරිටි සොලූෂන්ස් ප‍්‍රයිවට් ලිමිටඞ් (ARMX) සමාගම විසින් ජාත්‍යන්තර ආරක්ෂක නිලධාරීන්ගේ දිනය ශ්‍රී ලංකාවේදී අති උත්කර්ෂවත් ලෙස සමරන ලදී. ලොව පුරා ආරක්ෂක සේවා සැපයීමේ ක්ෂේත‍්‍රයන්ගේ දැවැන්තයන් විසින් සිදු කරන ලද සැමරුම් උත්සවයන්ට සමගාමීව, ARMX විසින් ශ්‍රී ලංකාවට එකී සම්ප‍්‍රදාය හඳුන්වාදෙමින් ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූලව 2021 ජූලි 24 වැනි දින ජාත්‍යන්තර ආරක්ෂක නිලධාරීන්ගේ දින සැමරුම් උලෙළ සංවිධානය කෙරිණ. සතියේ දින 7 පුරා 24 පැයේ දිවා ? වෙහෙසෙමින් ලොව පුරා රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන් සුරක්ෂිත කරමින් අඛණ්ඩව සේවයේ යෙදී සිටින ආරක්ෂක සේවා නිලධාරීන්ගේ මෙහෙවර අගය කරමින් ඔවුන් පිළිබඳ හෘද්‍යාංගම බවක් අදාල සේවා ස්ථානයන්ගේ හිමිකාර – සේවක පාර්ශ්වයන් තුළ ඇතිකරලීම මෙම සැමරුම් වැඩසටහනේ අරමුණ වේ.

පෞද්ගලික ආරක්ෂක සේවා වෘත්තිකයන්ගේ සේවා ස්වභාවය අනුව වෘත්තීය දිවියේ එදිනෙදා කොතෙකුත් අභියෝගයන් එල්ලවුවත් ඒ සියල්ල ඉවසා සිටිමින් කායික හා මානසික පීඩා ඉවසා දරාගනිමින් සිනහමුසුව සේවා ඉටුකරන්නට ඔවුනට සිදුව තිබේ. තම පවුලේ අය හා ආදරර්‍ණයන්ගෙන් වෙන්ව දිගු රැයවල්, දීර්ඝ පැය ගණනාවක් තුළ ඉතා වෙහෙසකර සේවයක යෙදී සිටියද ඔවුන් වෙත වැටුප හැරුණුකොට වෙනත් කිසිදු ඇගයීමක් හිමි නොවීම කණගාටුවට කරුණකි. ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවා වෘත්තිකයන්ගේ වෘත්තීය ගරුත්වය සුරක්ෂිත කරමින් දිරිගන්වාලමින්, ඔවුන්ගේ සේවාව පිළිබඳ වටිනාකම් විදහා දක්වමින් ශ්‍රී ලාංකිකයන් තුළ කෘතවේදීත්වයක් හෘද්‍යාංගම බවක් ඇතිකරලීමත් පිණිස ජාත්‍යන්තර සම්ප‍්‍රදායන්ට අනුකූලව ARMX විසින් මෙවර ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ආරක්ෂක නිලධාරීන්ගේ දිනය සැමරීමට කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකා ජන සමාජයේ විරැකියාවට විසඳුමක් එක් කරමින් නුපුහුණු ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජාත්‍යන්තර ප‍්‍රමිතියේ විශේෂඥ පුහුණුව ලත් ආරක්ෂක සේවා වෘත්තිකයන් පිරිසක් බවට පත් කළ ARMX සිකියුරිටි සොලූෂන්ස් ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගම විසින් පෞද්ගලික ආරක්ෂක සේවා වෘත්තිකයන් පිළිබඳ ශ්‍රී ලංකා ජනසමාජයේ ගෞරව ර්‍ණය පිළිගැනීමක් ඇතිකරන්නට සමත්ව සිටියි. ශ්‍රී ලාංකීය ව්‍යාපාර රැසක් සුරක්ෂිත කළ විශිෂ්ඨ ආරක්ෂක සේවාවක් සම්පාදනය කරමින් ගනුදෙනුකාරභවතුන්ගේ විශ්වාසය දිනාගත් ARMX ශ්‍රී ලංකාවේ වාණිජ ආරක්ෂක සේවා ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා ලෙස කැපී පෙනෙයි.  “We succeed, when you succeed” තේමාව පෙරදැරිකරගනිමින් ගනුදෙනුකාරභවතුන්ගේ සාර්ථකත්වය ආයතනික සාර්ථකත්වය සේ සලකා සේවා සම්පාදනය කිරීමේ සේවා සංස්කෘතියක් ARMX තුළ ක‍්‍රියාත්මක වේ.

17 වසරකට අධික කාලයක් තුළ, අභියෝග රැසක් මැද ගනුදෙනුකාරභවතුන්ගේ ව්‍යාපාර අඛණ්ඩව සුරක්ෂිත කළ ARMX ආරක්ෂක සේවා සැපයීමේ මෙහෙවර ඒ ඒ ව්‍යාපාර ක්ෂේත‍්‍රයන්ගේ ස්වභාවය අනුව විශේෂයෙන් සකස් කළ සේවා සැපයීමකි. දිවයින පුරා විවිධ ව්‍යාපාර ක්ෂේත‍්‍ර රැසක ගනුදෙනුකාරභවතුන් 200 කට අධික ප‍්‍රමාණයකට 800 කට අධික උත්සව හා විශේෂ අවස්ථා රැසකට ARMX ආරක්ෂක සේවාව හිමිව තිබේ.

ARMX ශ්‍රී ලංකා ආයතනයේ නිර්මාතෘ ජනක බටවලගේ මහතා ජාත්‍යන්තර ආරක්ෂක නිලධාරීන්ගේ දිනය ශ්‍රී ලංකාවේදී සැමරීම පිළිබඳ අදහස් දක්වමින් “ඔබ යම් ආයතනයක ප‍්‍රධාන විධායක නිලධාරියා වූවත් ආරක්ෂක සේවා නිලධාරියා වූවත් විශේෂයයෙන්ම මතක තබාගත යුතු දේ වන්නේ දෙදෙනාම තමාගේ රැකියාව හරහා උත්සාහ කරන්නේ තමාගෙන් යැපෙන පවුලේ ආදරර්‍ණයන්ගේ කුසගිනි නිවා ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමක් බවයි. ඔබේ ආයතනයේ ආරක්ෂක සේවා වෘත්තිකයාත් ඔබ මෙන්ම මනුෂ්‍යයෙකු ලෙස සලකා ඔහුට නිසි ගෞරවය ලබාදීමෙන් ආයතනය කෙරෙහි ඔහුගේ හිතෛෂීභාවය ලැදියාව වැඩිදියුණු කළ හැකිබව තේරුම් ගන්න. වාසනාවකට වගේ අපට හමුවූ ගනුදෙනුකාරභවතුන් ආරක්ෂක සේවා නිලධාරීන්ට ඉතා හොඳින් සලකන, ඔවුන්ගේ වටිනාකම තේරුම් ගත් ගෞරව ර්‍ණය පිරිසක්. ජාත්‍යන්තර ආරක්ෂක නිලධාරීන්ගේ දිනය සැමරීම සාර්ථක කරගන්නට ඔවුන් අපට දැවැන්ත සහයෝගයක් ලබාදුන්නා. ජූලි 24 දිනට යෙදෙන ජාත්‍යන්තර ආරක්ෂක සේවා නිලධාරීන්ගේ සේවය අගයන සැමරුම් දිනයේ වටිනාකම තේරුම් ගනිමින්, ශ්‍රී ලංකාවේ සෑම ව්‍යාපාරික ආයතනයකදීම එම සැමරුම් දිනය ඉදිරියේදී ක‍්‍රියාත්මක වේවි කියලා අපි බලාපොරොත්තුවෙනවා.” යැයි පැවසීය.

නිල ඇඳුමෙන් සැරසුනු විශේෂ පුහුණුව ලත් ආරක්ෂක නිලධාරීන් සමග ව්‍යාපාර ක්ෂේත‍්‍ර ආවරණ ආරක්ෂක සේවාව, පාරිභෝගික සේවා ආයතන සඳහා දොරටු ආරක්ෂක සේවාව, ගැටුම් කළමනාකරණ සේවා, අවදානම් කළමනාකරණ සේවා, ආචාරශීලී දුරකතන ඇමතුම් කළමනාකරණ සේවාව, ජංගම මුර සංචාර සේවාව, මහජන සමූහ එක් රැස්වීම් පාලන සේවාව, උත්සව ආරක්ෂණ සේවාව, රහස්‍යභාවය මුසු ආරක්ෂක සේවාවක් සඳහා සිවිල් ඇඳුමෙන් සැරසුන විශේෂ පුහුණුව ලත් නිලධාරීන්ගේ සේවාව, පාලන සේවා කාමර ආරක්ෂක නිලධාරීන්, රථවාහන හැසිරිවීම පිළිබඳ විශේෂ පුහුණුව ලත් ආරක්ෂක සේවා නිලධාරී සේවාව, ඉදිකිරීම් සේවා ක්ෂේත‍්‍ර වැඩබිම් සඳහා විශේෂයෙන් පුහුණුව ලත් ආරක්ෂක සේවා නිලධාරීන්ගේ සේවය ඇතුළු ව්‍යාපාර ක්ෂේත‍්‍ර රැසක අවශ්‍යතාවන් හා සැසඳෙන ආරක්ෂක සේවා රැසක් ARMX සිකියුරිටි සොලූෂන්ස් ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගම විසින් සම්පාදනය කරනු ලබයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව