අයිඩියල් ෆස්ට් චොයිස් විසින් Schwing Stetter (Self Loading mixer) යන්ත්‍රය මෙරට වෙළඳපොළට හඳුන්වා දෙයි

IMG-20210319-WA0013

 




 

 

ජර්මනියේ Schwing Stetter සමාගමේ සියයට සීයක් පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Schwing Stetter India Pvt ltd හි නිෂ්පාදනයක් වන Self Loading mixer යන්ත්‍රයෙහි මෙරට අලෙවි නියෝජිත ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ වාහන අලෙවි ආයතනයක් වන අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන අයිඩියල් ෆස්ට් චොයිස් පත් කර ඇත.

කොන්ක්‍රීට් උපකරණ නිෂ්පාදන කර්මාන්තයේ අවුරුදු 88 ක් ඉතිහාසයක් ඇති ජර්මනියේ Schwing Stetter සමාගමේ අනුබද්ධිත Schwing Stetter India Pvt ltd ඉන්දියාවේ චෙන්නායි හි පිහිටා තිබේ. ලොව පුරා රටවල් රැසක කර්මාන්තශාලා     රැසක කර්මාන්තශාලා පිහිටා තිබෙන ජර්මනියේ Schwing Stetter ආයතනයේ ඉන්දියාවේ  චෙන්නායි හි පිහිටා  ඇති කර්මාන්ත ශාලාව මගින් ශ්‍රී ලංකාවද ඇතුළුව ලොව පුරා රටවල් 27කට ඔවුන්ගේ නිෂ්පාදන අපනයනය කරයි. එම කර්මාන්ත ශාලාව මගින් batching plant, truck mixer, boom pum etc.නිෂ්පාදනය කර බෙදා හරියි.

ඉන්දියාවේ චෙන්නයි පිහිටා ඇති Schwing Stetter India Pvt ltd කර්මාන්ත ශාලා පහකින් සමන්විතය. එම කර්මාන්ත ශාලා තුළ කොන්ක්‍රීට් උපකරණ නිෂ්පාදන රැසක් සිදු කෙරේ. self loading mixer යන්ත්‍ර 450ක් පමණ මසකට මෙහිදී නිෂ්පාදනය කරනු ලබයි.

මේ පිළිබඳව  Schwing Stetter India Pvt ltd  ශ්‍රී ලංකාවේ ජාතික අලෙවි කළමනාකරු කසුන් වික්‍රමරත්න මහතා අදහස් දක්වමින්ශ්‍රී ලංකාවේ වාහන ක්ෂේත්‍රයේ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබා දෙන ආයතනයක් ලෙස අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම හඳුන්වන්න පුළුවන්. එමෙන්ම අප සමාගමත් අලෙවියෙන් පසු ඉහළ සේවාවන් පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු කරනවා. අප ආයතන දෙකෙහිම පරමාර්ථය එක සමාන බැවින් අපගේ Self Loading mixer යන්ත්‍රයෙහි මෙරට අලෙවි නියෝජිත ලෙස අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම පත් කිරීමට කටයුතු කරනු ලැබුවා යැයි කියා සිටියේය.

ELS කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම, tokyo සුපර් මික්ස්  සමාගම වැනි ආයතන Schwing Stetter හි නිෂ්පාදන භාවිතා කරනු ලබයි. එමෙන්ම අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින් අලෙවි කළ Self Loading mixer යන්ත්‍රය ශ්‍රී රාම් කන්ස්ට්‍රක්ෂන් ආයතනය විසින් පසුගියදා මිලදී ගනු ලැබීය. Self Loading mixer යන්ත්‍රය ලොකු කුඩා ඕනෑම මාර්ගය ඉතා පහසුවෙන් හැසිරවිය හැකි අතර අවම ප්‍රවාහන වියදමක් මගින් ඉතා විශාල වැඩ කොටසක් සිදු කරනු ලබයි. Self loading mixer යන්ත්‍රයෙහි  සුවිශේෂත්වය වන්නේ මෙම වාහනයේ සිටම  කොන්ක්‍රීට් මිශ්‍රණය සිදු කිරීමට ඇති හැකියාවයි. විශේෂයෙන්ම ගම්බද ප්‍රදේශවල කුඩා මාර්ගවල මාර්ග සංවර්ධනයන් හිදී මෙම යන්ත්‍රය විශාල කාර්යභාරයක් සිදු කරයි. මෙම යන්ත්‍රය මගින් ජලයසිමෙන්තිගල් සහ වැලි ස්වයංක්‍රීය පද්ධතියක් මගින් ලබාගන්නා අතර එහිදී සිදු කෙරෙන කොන්ක්‍රීට් මිශ්‍රණයට සිමෙන්තිවැලිගල් සහ ජලය කොපමණ ප්‍රමාණයක් යොදනු ලැබුවාදැයි රිසිට් පතක් පාරිභෝගිකයා වෙත ලබාදීමට ද කටයුතු කරයි.

මෙරට ප්‍රමුඛ පෙළේ වාහන ව්‍යාපාර සමූහයක් වන අයිඩියල්  ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ රථ වාහන වෙළදපොළ තුළ ඉතා කෙටි කාලයකදී දිගු ගමනක් පැමිණි ව්‍යාපාර සමූහයක් ලෙස හැඳින්විය හැකියි.   අයිඩියල් සමූහයේ සභාපති නලීන් වෙල්ගමඋප සභාපති අරවින්ද ද සිල්වා සහ අධ්‍යක්ෂ චමින්ද වනිගරත්න යන මහත්වරුන්ගේ මග පෙන්වීම මත දේශීය ආර්ථිකය නගා සිටුවීමට සහ දේශීය පාරිභෝගිකයාගේ සෞභාග්‍යය පිළිබඳ ප්‍රමුඛතාව ලබා දීමට කටයුතු කිරීම මත මෙතරම් කෙටි කාලයක් තුළ මෙම සාර්ථකත්වයට ළඟා වීමට හැකි වූ බව   අයිඩියල් මෝටර්ස් අලෙවි ප්‍රධානී ඩිල්ෂාන්  තෙන්නකෝන් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේය.

මේ වන විට ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන ක්‍රියාවලිය සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රය දක්වන්න විශාල දායකත්වයක්.  මෙම ක්ෂේත්රයේ නියුතු ව්‍යාපාරිකයන් හට ඔවුන්ගේ එදිනෙදා ඉදිකිරීම් කටයුතු අතිසාර්ථක කිරීමට හැකි සෑම රුකුලක්ම ලබාදීමට  ශ්‍රී ලාංකීය දේ අගයන සමාගමක් ලෙස  අයිඩියල් මෝටර්ස් නිරන්තරයෙන් කැපවේ. ඒ සඳහා ඉදිරියේදී තව තවත් නව නිෂ්පාදන හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වන්නෙමු. එමෙන්ම අප හට හැඟී ගිය කරුණ නම් බොහෝ සාර්ථක වූ සමාගම් විවිධ මාදිලියේ මෙවැනි යන්ත්‍ර මුල් කාලයේ දී හඳුන්වා දී අලෙවියෙන් පසු සේවාවක් ලබා නොදී අප වටිනා පාරිභෝගිකයින් අසරණ අඩියකට යොමුකර ඇති බවයි. නමුත් මා ඉහත කී පරිදි අයිඩියල් මෝටර්ස් අප විසින් අති විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවක් ලබාදීමට කටයුතු දැනටමත් සූදානම් කර ඇති බව සතුටින් දන්නවා දැනුම් දීමට කැමැත්තෙමි. තවද මෙම යන්ත්‍රය මගින් ශ්‍රී ලාංකික ජනතාවට ඔවුන්ගේ මුදල්,   කාලය අනවශ්‍ය ලෙස වැය නොකර ඉතා අවම පිරිවැයකින් සහ අවම කම්කරු පිරිසකින් ඔවුන්ගේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ජය ගැනීමට දායක කර ගැනීමට හැකියාවක් ඇත. එම කරුණු අප විසින් කරන ලද සමීක්ෂණය ප්‍රතිඵලයක් වන අතර මෙම ක්ෂේත්‍රයට අවශ්‍ය කරන වාහන උපාංගයන්ත්‍රෝපකරණ පාරිභෝගිකයන් හට ලබා දෙන්නේ කෙසේද යන්න අප සොයා බැලීමේදී ඒ සඳහා ලෝකයේම පිළිගත් ජර්මනියේ Schwing Stetter ආයතනයේ සියයට සීයක් පූර්ණ අනුබද්ධිත Schwing Stetter India Pvt ltd ආයනයේ නිෂ්පාදනය කරන Self Loading mixer යන්ත්‍රයේ අලෙවි නියෝජිතත්ත්වය ලබා ගනු ලැබුවා යැයි ඩිල්ෂාන් තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 අයිඩියල් මෝටර්ස් මේ වන විට දිවයින පුරා තුන්සීයකට අධික අලෙවි පසු සේවා ජාලයක් පවත්වාගෙන යන අතර විධිමත් පුහුණුවකින් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත සමාගමකි. මෙම ශාඛා හා අලෙවියෙන් පසු සේවාව ජාලය සමගින් ලබා දෙන සේවාව මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය දික්විජය කිරීමට රුකුලක් කර ගන්නා ලෙස අපගේ ඉදිකිරීම් ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ නියුතු ව්‍යාපාරිකයින් හට ගෞරවයෙන් ආරාධනා කරන අතර ඒ සඳහා ආයතනයක් ලෙස අප සියලු දෙනා සැදී පැහැදී සිටින බව මතක් කිරීමට කැමැත්තෙමු.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 − five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව