හේමාස් රෝහල් සමූහය ‘ධීවර දිරි සවි’ වැඩසටහන ඔස්සේ අසරණභාවයට පත් වූ ධීවර ප‍්‍රජාවගේ ජීවන තත්වය නංවාලීමට පෙරමුණ ගනී

Image 2

 




 

 

ශ‍්‍රී ලංකාවේ පළමු වරට ACHSI ජාත්‍යන්තර ප‍්‍රමිතිකරණය හිමිකර ගත් මෙරට ප‍්‍රමුඛතම රෝහල් ජාලයක් වන හේමාස් රෝහල් සමූහය, ධීවර ජනතාවගේ සුබසාධනය අරමුණු කොට ගෙන ආරම්භ කළ ‘ධීවර දිරි සවි’ ආයතනික සමාජ වගකීම් වැඩසටහන ඔස්සේ වත්තල සහ ඒ ආශ‍්‍රිතව ධීවර කර්මාන්තයේ යෙදෙන ජනතාවගේ ජීවන තත්වය නංවාලීම සඳහා මාහැ`ගි පරිත්‍යාගයක් සිදු කරන ලදි. පසුගියදා විනාශයට පත් වූ එක්ස් ප‍්‍රස් පර්ල් නෞකාව මගින් සිදු වූ සමූද්‍ර දූෂණය හේතුවෙන් ධීවර කර්මාන්කයෙහි නියැලීමට නොහැකිව අසරණව සිටී ධීවර පවුල් වෙත මෙම පරිත්‍යාගයන් සිදු කිරීමට හේමාස් රෝහල් සමූහය කටයුතු කළේය.

හේමාස් රෝහල් සමූහය මගින් දියත් කළ ‘ධීවර දිරි සවි’ ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන ඔස්සේ වත්තල සහ ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ජීවත් වන ධීවර පවුල් 818ක් සඳහා වියළි ආහාර මලූ බෙදා දීම පසුගියදා සිදු කෙරිණ. විශේෂයෙන්ම එක්ස් ප‍්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ සමුද්‍ර හානියෙන් සහ කෝවිඞ් 19 වසංගතය පාලනය සඳහා රජය විසින් පැනවූ සංචරණ සීමා හේතුවෙන් මෙම ප‍්‍රදේශයේ වෙසෙන ධීවර ජනතාවට සිය ජීවනෝපාය අහිමි වූ අතර මේ හේතුව නිසා එදිනෙදා ජීවත් වීමේ අභියෝගයට මොවුන් දැඩි ලෙස මුහුණ දී සිටියාහ. වියළි අහාරවලට අමතරව මෙම ජනතාවගේ සුවපත් බව සහ ප‍්‍රශස්ත සෞඛ්‍ය පහසුකම් වෙත ප‍්‍රවේශ වීමේ අයිතිය සුරක්ෂිත කරමින් මෙම කාලසීමාව තුළ නොමිලේ බාහිර රෝගී ප‍්‍රතිකාර සේවා ලබා දීම සඳහා ද හේමාස් රෝහල් සමූහය විසින් පියවර ගන්නා ලදි.

‘‘ අපගේ දැක්ම , වටිනාකම් සහ ආයතනික සංස්කෘතිය මගින් මෙරට වෙසන සියලූ ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවන තත්වයක් ලබා දීමේ සන්නාම පොරොන්දුව සඳහා අපි දැඩිව කැපවී සිටිනවා. මේ මූලික සාරධර්මයන් ගුරු කොට ගත් ධීවර දිරි සවි වැඩසටහන මගින් විශේෂයෙන්ම එක්ස් ප‍්‍රස් පර්ල් නෞකාවේ සිදු වීමෙන් සහ කෝවිඞ් සංචරණ සීමා හේතුවෙන්  ශ‍්‍රී ලාංකාවේ ධීවර ප‍්‍රජාව සවිබල ගන්වමින් මේ අවස්ථාවේ මුහුණ දී සිටන පීඩාකාරී තත්වයෙන් ඔවුන් මුදවා ගැනීම අපගේ අපේක්ෂාවයි. මෙරට ප‍්‍රමුඛපෙළේ රෝහල් සමූහයක් ලෙස අපගේ ආයෝජනයන් මෙම තීරණාත්මක අවස්ථාවේ ධීවර ප‍්‍රජාව සවිබල ගැන්වීම සඳහා යොදවමින් ඔවුන්ගේ දායකත්වය යළිත් සක‍්‍රීයව ආර්ථික ක‍්‍රියාවලියට ලබා දීම මෙම ප‍්‍රජා සත්කාරයෙහි ඉලක්කය බවට පත්ව තිබෙනවා’’ යනුවෙන් හේමාස් රෝහල් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා පැවසීය.

‘ධීවර දිරි සවි’ වැඩසටහනේ පළමු අදියරේ පරිත්‍යාගයන් පල්ලිය වත්ත මවුන්ට් කාර්මෙල් හි අප ස්වාමිදුවගේ දේවස්ථානයෙහි ප‍්‍රධාන පූජකතුමන් වන ගරු අජිත් කමල් පියතුමන්ගේ මෙහෙයවීමෙන් සම්බන්ධීකරණ කටයුතු සිදු වූ අතර මෙම පරිත්‍යාගයන් පල්ලියවත්ත, දික් ඕවිට, අවරකොටුව යන ප‍්‍රදේශයන්හි ධීවර ජනතාව වෙත ලබා දෙන ලදි. මෙම අවස්ථාවට වත්තල ප‍්‍රදේශීය ලේකම් පී.ඞී.ටී.සී රාජිකා මහත්මිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලලිත් හැළඹආරච්චිගේ මහතා, පල්ලියවත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂක මලිත් එදිරිසිංහ, හේමාස් රෝහල් සහ රසායනාගාර සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා ඇතුළුව හේමාස් රෝහල් සමූහයේ නියෝජිතයින් ද සහභාගී වූහ. මෙම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ අවස්ථාව මුළුමනින්ම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරිණ.

එක්ස් ප‍්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු සීමාවේ දී ඇති වූ ගින්නක් හේතුවෙන් මුළුමනින්ම ගිනිගෙන විනාශ වූ අතර මෙම ගින්න හේතුවෙන් සාගර ජෛව පද්ධතියට සහ වෙරළට දැඩි බලපෑමක් එල්ල විය. මෙම සිදු වීමට අදාළ මුහුදු සීමාවේ සැතපුම් 50 ක මුහුදු තීරයක ධීවර කටයුතු තාවකාලිකව වැළැක්වීමට රජය විසින් පියවර ගනු ලැබූ අතර නොගැඹුරු මුහුදුතීරයෙහි ධීවර කටයුතුවල යෙදුණු ධීවරයින් විශාල පිරිසක් මෙම තීරණය නිසා දැඩි අපහසුතාවයකට පත් වූහ. මොවුන් අතුරින් බහුතරය සිය දෛනික ජීවිතය පවත්වාගෙන යෑමට ධීවර කර්මාන්තයෙහි යෙදුණු පිරිසක් වූ බැවින් ධීවර කර්මාන්තයට අදාළව පැනවූ තාවකාලික තහනම හේතුවෙන් කුසගින්න නිවාගැනීමට තරම් හෝ ආදායම් මාර්ගයක් නොමැතිව දැඩි පීඩාවකට පත් ව සිටියාහ. වගකීම් සහගත ආයතනික පුරවැසියකු ලෙස හේමාස් රෝහල් සමූහය මෙම අභියෝගාත්මක අවස්ථාවේදී ධීවර ජනතාවගේ ජීවන තත්වය සවිබල ගැන්වීමට දායක වූ පරිදි සෑම ජාතික අපදා තත්වයකදීම සිය ආයතනික වගකීම නිසි ලෙස ඉටුකිරීමට පියවර ගෙන ඇත.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව