සෙලින්කෝ ලයිෆ් පරිත්‍යාග කරන 82 වන සහ 83 වන පන්ති කාමර ගොඩනැගිලි ඇල්පිටියේ සහ කෑගල්ලේ පාසැල් දෙකකට

Classroom donations - Elpitiya + Kegalle - Composite

පාසැල් දරුවන් සඳහා පන්ති කාමර ගොඩනැගිලි ලබාදීමේ සෙලින්කෝ ලයිෆ් සමාගමේ සමාජ සත්කාරක වැඩසටහන යටතේ ලබාදුන් 82 වන සහ 83 වන පන්ති කාමර ගොඩනැගිලි පසුගියදා ඇල්පිටිය සහ කෑගල්ල ප‍්‍රදේශවල පිහිටා තිබෙන පාසැල් දෙකක 05 වසර සිසුන් වෙනුවෙන් ප‍්‍රදානය කළ අතර නව පාසැල් වාරය ආරම්භ කිරීමෙන් පසුව ඒවා සිසු දරුවන්ට භාවිතා කළ හැකිවේ.

මෙම පන්ති කාමර ගොඩනැගිලි කෑගල්ලේ හෙළමැද ප‍්‍රදේශයේ පිහිටි ශ‍්‍රී ධම්මජෝති ප‍්‍රාථමික විදුහලට සහ ඇල්පිටියේ, තණබද්දේගම පිහිටි ගා/තණබද්දේගම අනගාරික ධර්මපාල විදුහලට ලබාදී තිබේ. මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයාගේ වරකාපොළ සහ ඇල්පිටිය ශාඛා මෙම පන්ති කාමර ගොඩනැගිලි ඉදිකිරීම පිළිවෙලින් සම්බන්ධීකරණය කිරීම කර ඇත.

මෙම පන්ති කාමර ගොඩනැගිලි දෙකම ඉදිකිරීම 2020 වසරේ ජනවාරි මාසයේදී ආරම්භ කර තිබෙන අතර ඒවා ජූලි සහ අගෝස්තු මාසයේදී වැඩ අවසන් කර තිබේ. වංසගත තත්ත්වය මධ්‍යයේ වුවද 2020 දෙසැම්බර් මාසයේදී මෙම පන්ති කාමර ගොඩනැගිලි අදාළ පාසැල් වෙත නිළ වශයෙන් භාරදුන් බව සමාගම පවසයි.

මෙම පාසැල් දෙකේම පළමු ශ්‍රේණියේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පන්ති පැවැත්වෙන අතර ශ‍්‍රී ධම්මජෝති ප‍්‍රාථමික විදුහලේ සිසුන් 169 ක් සහ ගුරුවරුන් 19 දෙනෙකු සිටිති. මෙම විදුහලේ මේ වනවිට බොහෝ පන්ති පැවැත්වෙන්නේ සිසුන් විශාල ප‍්‍රමාණයක් එකට යෙදු ශාලාවක් තුළයි. තණබද්දේගම අනගාරික ධර්මපාල විදුහලේ සිසුන් 280 ක් සහ ගුරුවරුන් 18 දෙනෙකු සිටින අතර මෙම පාසැලේ තිබෙන්නේ එකම පන්ති කාමර ගොඩනැගිල්ලක් නිසා බොහෝවිට එළි මහනේ පන්ති පැවැත්වීමට සිදුවී තිබේ.

 




 

 

මෙම පාසැල් සඳහන් කරන්නේ මෙම නව පන්ති කාමර ගොඩනැගිලි නිසා විශේෂයෙන්ම 05 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට විශාල පිටුබලයක් හිමිවනු ඇති බවයි. මෙම සිසුන්ගෙන් බොහෝ දෙනෙකු අමතර පන්ති සඳහා සහභාගී නොවන අතර සම්පූර්ණයෙන්ම පාහේ පාසැලෙන් දැනුම ලබාගනී. මේ නිසා, මෙම නව පන්ති කාමර ගොඩනැගිලි එම සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට විශාල සහයෝගයක් ලබාදෙනු ඇතිබව මෙම පාසැල්වල ප‍්‍රධානීන් සඳහන් කරයි.

මෙම සමාජ සත්කාරක වැඩසටහන යටතේ සෙලින්කෝ ලයිෆ් ලබාදුන් 81 වන පන්ති කාමර ගොඩනැගිල්ල 2019 දෙසැම්බර් මාසයේදී මතුගම, මහකළුපහන කණිටු විදුහලේ පළමු වසරේ සිසුන් වෙනුවෙන් ලබාදෙන ලදී. වසර 16 කට පෙර ආරම්භ කළ මෙම සමාජ සත්කාරක වැඩසටහන යටතේ සමාගම විසින් 2018-19 මූල්‍ය වසරේදී අවශ්‍යතා සහිත පාසැල් 12 ක් වෙත පන්ති කාමර ගොඩනැගිලි ඉදිකර පරිත්‍යාග කළේය. සමාගම විසින් ඉදිකරන මෙම පන්තිකාමර ගොඩනැගිලි පරම්පරා ගණනාවකට ප‍්‍රයෝජනය ගත හැකි ලෙස අඛණ්ඩවම නඩත්තු කරන අතර 2018 වසරේදී මෙවැනි පන්ති කාමර 38 ක පින්තාරු සහ නඩත්තු වැඩ කටයුතු සමාගම විසින් කරන ලදී. එසේම, මේ ආකාරයේ පන්තිකාමර ගොඩනැගිලි අනාගතයේදී ඉදිකළ යුතු පාසැල් හඳුනාගැනීමට සමාගම අඛණ්ඩවම කටයුතු කරමින් සිටීම කැපී පෙනේ.

2004 වසරේදී ලූණුගම්වෙහෙර තිස්ස ප‍්‍රාථමික විදුහලේ පන්ති කාමර ගොඩනැගිල්ලක් ගොඩනගමින් ආරම්භ කළ මෙම වැඩසටහන මේ වනවිට සමස්ත දිවයිනම ආවරණය කර තිබේ. මේ අනුව, යාපනය, වව්නියාව, ත‍්‍රිකුණාමලය, මූතූර්, මඩකළපුව, සිත්තන්ඩි, මොල්ලිපතාන, අයිත්‍යමලෙයි, ඇඹිලිපිටිය, නිවිතිගල, බෙලිගල, අවිස්සාවේල්ල, දෙනියාය, කඹුරුපිටිය, බණ්ඩාරවෙල, හපුතලේ, රඹුක්කන, මහනුවර, පිළිමතලාව, මඩුල්කැලේ, රිකිල්ලගස්කඩ, රජවැල්ල, මාතලේ, ගල්ගමුව, පදවිය, බොරළුවැව, අනුරාධපුරය, මොණරාගල, ආනමඩුව, මතුගම, කිලිනොච්චිය, මන්නාරම, වැල්ලවාය, තලාව, හලාවත, ගලගෙදර, රත්කැරැව්ව, හැටන්, බදුල්ල, නුවරඑළිය, වැලිමඩ, පුත්තලම, පොලොන්නරුව, මතුගම, ඇල්පිටිය සහ කෑගල්ල ප‍්‍රදේශ ආවරණය කරමින් මෙම පන්තිකාමර ගොඩනැගිලි සමාගම විසින් ගොඩනගා ඇත.

සෙලින්කෝ ලයිෆ් සිය ආයතනික සමාජ වගකීම අර්ථ දක්වා තිබෙන්නේ ඉහළම ගුණත්වයේ මූල්‍ය ආරක්ෂාවක් හා රැකවරණයක් ලබාදෙන අතරම අවශ්‍යතා සහිත ජනතාව වෙනුවෙන් අර්ථාන්විත සෞඛ්‍ය හා අධ්‍යාපනික සමාජ සත්කාරක වැඩසටහන් තුළින් දුර බැහැර ප‍්‍රදේශවල වුවද තිරසාර ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමට අඛණ්ඩව කැපවීමටයි.

මෙරට ජීවිත රක්ෂණ කර්මාන්තයේ වැඩිම ශාඛා ජාලය වන ශාඛා 250 කට වැඩි ප‍්‍රමාණයක් පවත්වාගෙන යන සෙලින්කෝ ලයිෆ් මෙරට දිස්ත‍්‍රික්ක 25 ආවරණය වන පරිදි ගම් සහ නගර 142 ක ශාඛා පවත්වාගෙන යයි.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 33 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. 2020 වසරේදී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙරට වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් සෙලින්කෝ ලයිෆ් සම්මානයට පාත‍්‍රකළ අතර 2020 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 14 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද සෙලින්කෝ ලයිෆ් සමාගම තෝරාගන්නා ලදී. එසේම, 2020 සහ 2019 වසර වලදී ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය එකතුව ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ නම් කිරීමේ දී සෙලින්කෝ ලයිෆ් සමාගමට විශේෂ සඳහනක් (Honourable Mention) ලබාදුන් අතර 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව හත්වන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් බිස්නස් ටුඬේ ශ්‍රේණිගත කිරීමේදී සමස්තයක් වශයෙන් මෙරට ප‍්‍රධානතම සමාගම් 30 අතුරින් 06 වන ස්ථානයටත් සමාගම තෝරා ගන්නා ලදී.

සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + twelve =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව