ශ්‍රී ලංකාවේ ශක්තිමත් අනාගත තරුණ ව්‍යවසායකත්වයක් නිර්මාණය කිරීමේ ‘21FOR21’ ව්‍යාපෘතියට එයාර්ටෙල් ලංකා සමාගම ජවය ලබා දෙයි

Image (7)

ශ්‍රී ලාංකික තරුණ ප‍්‍රජාව තුළ ව්‍යවසායකත්ව කුසලතා සවිබල ගැන්වීම අරමුණෙන් ‘21FOR21’ තේමාව රැගත් 2020 ලෝක තරුණ නිපුණතා දිනය (WYSD) සහ ජාත්‍යන්තර තරුණ දිනය (WYSD) සංකේතවත් කිරීම සඳහා එයාර්ටෙල් ලංකා සමාගම USAID ආයතනයේ අරමුදලින් ක‍්‍රියාත්මක වන තරුණ නිපුණතා සංවර්ධන හා ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන YouLead සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම ව්‍යාපාරයේ අරමුණ වූයේ 21 වන සියවසේදී තරුණ රැකියා සහ ව්‍යවසායකත්වය සඳහා විචාරශීලී කුසලතා 21ක් හඳුන්වා දීමයි.

මේ වසරේ WYSD & IYD දිනයන් සමරනු ලැබුවේ අභියෝගාත්මක කාල පරිච්ෙඡ්දයක් තුළය. කොවිඞ්-19 වසංගතය පැතිරීමේ අවදානමත් සමඟ lockdown කිරීමේ පියවර ක‍්‍රියාත්මක වීම නිසා ලොවපුරා කටයුතු මන්දගාමීව සිදු වූ අතර බොහෝ අධ්‍යාපන ආයතන වසා දැමීම නිසා ඉගෙනුම් කටයුතුවලට තර්ජනයක් එල්ල විය. නැවත යථා තත්වයට පත් වීමේ ප‍්‍රයත්නයට සහයෝගය දැක්වීමට එයාර්ටෙල් සමාගම වසංගතය අතරතුර online හරහා අඛණ්ඩව කුසලතා සංවර්ධනය කිරීම සඳහා තරුණ ප‍්‍රජාවට අවස්ථාවක් ලබා දෙමින් YouLead සමඟ එක් විය.

විචාරශීලී චින්තනය, නායකත්වය, නවෝත්පාදනය, තාක්ෂණික සාක්ෂරතාවය සහ විවිධත්වය වැනි එයාර්ටෙල් සමාගමට වැදගත් වන කුසලතා වෙනුවෙන් පෙනී සිටිමින් මෙම ව්‍යාපාරය සඳහා සම්පත් දායකත්වය ලබා දෙන youlead.lk/skills වෙබ් අඩවිය රැකියා ස්ථානයේදී මෙම කුසලතාවන්ගේ ඇති වැදගත්කම සහ සාර්ථක වෘත්තීන්වලට මෙම කුසලතාවන්ගේ ඇති වැදගත්කම පෙන්වා දෙන වීඩියෝ මාලාවක් සහ එහි ප‍්‍රායෝගික ක‍්‍රියාකාරීත්වය ගැන වැඩිදුර අවබෝධයක් ලබා දීමට වෙබිනාර් කිහිපයක් ද පවත්වන ලදී.

 

 



 

 

මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් එයාර්ටෙල් හි ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ, අශීෂ් චන්ද්‍රා මහතා ‘‘සාම්ප‍්‍රදායික තාක්ෂණයේ සිට තොරතුරු තාක්ෂණය මත පදනම් වූ ආර්ථිකයකට වේගයෙන් ගමන් කරමින් ඩිජිටල් යුගයක් දක්වා අප පැමිණ තිබෙනවා. එමනිසාල අපේ තරුණ ප‍්‍රජාව ඔවුන්ගේ නැගී එන තරුණ කුසලතා හඳුනාගෙන ඩිජිටල් යුගය අනුව හැඩ ගැසීම ඉතා වැදගත්. එසේ කිරීමෙන් නව ව්‍යවසායකත්ව අවස්ථාවන් උදා වනු ඇත. ශ්‍රී ලාංකික තාරුණ්‍ය සවිබල ගන්වන විශිෂ්ට ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවෙකු ලෙස අනාගත පරම්පරාව නවෝත්පාදනයල ගැටළු නිරාකරණයල විචාරශීලීව සිතීමල තාක්ෂණ සාක්ෂරතාවය සහ අනාගතයේදී රැකියා ස්ථානයේ දියුණුවට ඔවුන්ට අත්‍යවශ්‍ය වෙනත් බොහෝ කුසලතා පිළිබඳව අනාගත පරම්පාරාව පුහුණු කිරීමට YouLead සමඟ එක් වීමට ලැබීම ගැන අප සතුටු වනවා.’’ යනුවෙන් පැවසුවේය.

ඇමරිකානු ජනතාව, විසින් අරමුදල් සපයනු ලබන YouLead වැඩසටහන තාක්ෂණික හා වෘත්තීයමය අධ්‍යාපනය වැඩිදියුණු කිරීමට සහ පුහුණු කිරීමට, වැඩි දක්ෂතාවක් සහිත ශ‍්‍රම බලකායක් නිර්මාණය කිරීම සහ සිසුන්, ගුරුවරුන්, ආයතන හා ව්‍යවසායකයින්ට සහාය වෙමින් ශක්තියක් වන ක‍්‍රියාකාරකම් කිරීමෙන් රැකියා ඉහළ නැංවීමට කටයුතු කරයි. එක්සත් ජනපද රජයේ ප‍්‍රධාන සංවර්ධන ආයතනය වන අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය (USAID) එයට සහාය දක්වයි.

‘21FOR21’ වැඩසටහන අවසන් වූයේ “skills in action” යන තේමාවට අනුව රැකියා ස්ථානවල පවත්වන ලද ඡායාරූප තරගයක් සමඟින්ය. ඡායාරූප තරගයේ ජයග‍්‍රාහකයින්ට වටිනා ස්මාර්ට් ජංගම දුරකතන උපාංගයක් ප‍්‍රදානය කළ අතර නිවසේ සිට රැකියා/ඉගෙනීම් කටයුතු කිරීම සඳහා එම උපාංගය යොදා ගත හැකිය.

ශ්‍රී ලංකා රජයේ යෝජනාවක් මත 2014 දෙසැම්බරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරන ලද ගෝලීය වැඩසටහනක් ලෙස, ලෝක තරුණ නිපුණතා දිනය (WYSD) තරුණ රැකියා නියුක්තිය ඇති කිරීම සඳහා තරුණ ප‍්‍රජාවට හා අධ්‍යාපනවේදීන් යන දෙපාර්ශ්වයට අවශ්‍යතාවන් හා රැකියාවන් ඉලක්ක කරගත් උසස් තත්වයේ තාක්ෂණික හා වෘත්තීයමය නිපුණතා ආදිය වර්ධනය කිරීමට මතක් කිරීමක් ලෙස ක‍්‍රියා කරයි.

භාරතී එයාර්ටෙල් ලංකා සමාගම

2009 ජනවාරි 12 වැනි දින ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ භාරතී එයාර්ටෙල් ලංකා, ග‍්‍රාහකයින් මිලියනයක් ඉතාමත්ම ඉක්මනින් සම්පූර්ණ කළ ජංගම සන්නිවේදන සේවා සමාගමයි. වසර තුනක් වැනි කාලසීමාවක් තුළ සිය ශ්‍රේණිගතවීම ඉහළ නංවාගත් එයාර්ටෙල් සමාගම රට පුරාම සිය ආවරණය පුළුල් කරගනිමින් ශ‍්‍රී ලංකාවේ වේගවත්ම ජංගම සන්නිවේදන සේවා ජාලය බවට පත්විය. වර්තමානයේදී එයාර්ටෙල් සමාගම උසස් තත්ත්වයේ සහ සාධාරණ මිල ගණන් යටතේ හ`ඩ සහ දත්ත සේවාවන් ලබා දෙන අතර, ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ලියාපදිංචි වෙමින් මෙරට වඩාත් වේගවත් හා පුළුල් ආවරණයක් හිමි ජංගම විදුලි සංදේශ සේවා සමාගමක් බවට පත්ව තිබේ. වැඩි විස්තර ස`දහා www.airtel.lk වෙත පිවිසෙන්න.

 

 

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව