අන්තර්ජාලගත ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රමවේදය ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ සීඝ්රයෙන් ජනප්‍රිය වන කාලයක තවත් ජාතික මෙහෙවරකට දායකත්වය එක් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් “SLT eSiphala” අන්තර්ජාලගත අධ්‍යාපනික අවකාශය නිර්මාණයකොට තිබේ.
ශ්‍රී ලාංකීය ගුරු සිසු දෙපාර්ශ්වය අතර ඩිජිටල් ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කෙරෙන “SLT eSiphala” අන්තර්ජාල අවකාශය තුලදී ගුරුවරයෙකුට එක් පාඩම් වාරයකදී 20,000 කට අධික සිසු පිරිසක් සමග සම්බන්ධ වීමේ පහසුකම හිමිවේ. සජීවීව ඉදිරිපත් කෙරෙන පාඩම් හෝ පටිගත කළ පාඩම් වශයෙන් “SLT eSiphala” තුලදී පාඩම් විකාශය කළ හැකිය. අන්තර්ජාලගත පැවරුම්, ඇගයුම් හා විභාග සැලසුම්කොට පැවැත්වීම හා ලකුණු ලබාදීමේ හැකියාව මෙන්ම ශිෂ්‍ය කාර්ය සාධන වාර්තා හා සහතික පත්‍ර නිකුත්කිරීමේ හැකියාවද “SLT eSiphala” අන්තර්ගතය.
“SLT eSiphala” සමග ඉගැන්වීම් කටයුතු සිදු කිරීමේදී ගුරු සිසු දෙපාර්ශ්වය අතර මනා සබඳතාවයක් ගොඩනැගීම උදෙසා chat, whiteboard, screen-share, file-share විශේෂාංග සේවා භාවිතා කළ හැකිය. සිසුන් වෙත පැවරුණු අභ්‍යාස, පැවරුම් හා ව්‍යාපෘති upload කිරීම මගින් ගුරු සිසු දෙපාර්ශ්වයට අන්තර්ජාලය ඔස්සේ කාර්ය සාධන මට්ටම අධ්‍යනය කිරීමේ හැකියාව ලැබේ. වත්මන් එදිනෙදා දිවියට ඉතාමත් සමීප අතැති ස්මාර්ට් ජංගම දුරකතනය භාවිතා කරමින්ද “SLT eSiphala” සමග ඉතා පහසුවෙන් එක්විය හැකිය. “SLT eSiphala” ඩිජිටල් අවකාශය තුලදී සිසුන් ශ්‍රී ලංකාවේ කිනම් ප්‍රදේශයක සිට සම්බන්ධ වූවත් එසැණින් ඒ ඒ විෂය උදෙසා ශ්‍රී ලංකාවේ ප්රවීණතම ආචාර් මණ්ඩලයක් සමග ඉතා පහසුවෙන් සම්බන්ධවෙමින් තම අධ්‍යාපන කටයුතු සිදුකරගත හැකිය. www.slt.lk/esiphala වෙබ් අඩවිය ඔස්සේ මෙම සියළු සේවාවන් දැන් අත්විඳිය හැකිය.
“SLT eSiphala” වෙනුවෙන් SLT සහ මොබිටෙල් වෙතින් ‘LMS Lite’ සහ ‘LMS Max’ ලෙස විශේෂ ඬේටා පැකේජ දෙකක් හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් පාරිභෝගිකයන්ට https://internetvas.slt.lk වෙබ් අඩවියෙන්ද SLT self-care app හරහා මෙන්ම 1212 ඇමතීම හරහාද එම විශේෂ ඬේටා පැකේජ දෙක සක්‍රීය කරගත හැකිය. මොබිටෙල් පාරිභෝගිකයන්ට #170# ඇමතීමෙන්, DataMart App සහ www.DataMart.lk වෙතින් එම පැකේජ සක්‍රීය කරගත හැකිය.
වැඩි විස්තර සඳහා 070 500 4000 අංකය අමතන්න / Whatsapp ඔස්සේ සම්බන්ධවෙන්න.