ප‍්‍රමිතිගත මුව ආවරණ පැළඳීම තුළින් සුවපත් බව රැක ගනිමු

Oxypura-001

මුළු මහත් ලෝකයම කෝවිඞ් 19 වසංගතයට නතු වූ බැවින් විවිධ වූ නව ජීවන චර්යාවන්ට හුරු වීමට ලෝකයේ සියලූම රටවල පුරවැසියන්ට සිදු විය. සියලූ දෙනාට හුරු වීමට සිදු වූ මේ නව සාමාන්‍ය තත්වය තුළ කරළියට පැමිනි උපාංගයන් අතර මුව ආවරණයන්ට හිමි වුයේ ප‍්‍රමුඛතම ස්ථානයකි. කෝවිඞ් 19 වසංගතය පැතිර යත්ම මුව ආවරණ පැළඳීම සඳහා සමාජය තුළ යම් නැඹුරුතාවක් පැවතියද එහි ඇති උපයෝගීතාව පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය තුළද ස්ථිරභාවයක් නොපැවතුණි.

කෝවිඞ් වසංගතය පැතිරයෑමේ වේගය තීව‍්‍රවත්ම මුව ආවරණ සඳහා ලොව පුරාම ඉල්ලූම ඉහළ යෑම සහ විශේෂයෙන් ප‍්‍රමිතිගත මුව ආවරණ පැළඳීම කෝවිඞ් 19 ව්‍යසනයෙන් ආරක්ෂා වීම සඳහා මනා පිටුවහලක් සපයන බව විද්‍යාත්මකව සනාථ වීම ප‍්‍රමිතිගත මුව ආවරණ නිෂ්පාදනය සඳහා ලෝක අවධානය යොමුවීමට හේතුවක් විය.

මුව ආවරණ පිළිබඳව එලෙස ලොව පුරාම උනන්දුවක් මතු වෙමින් පැවති අවස්ථාවක ශ‍්‍රී ලංකාවේ විශාලතම අපනයන සමාගම් සමූහය වන හේලීස් සමූහය සිය Oxypura මුව ආවරණ නිෂ්පාදන සන්නාමය නව සන්ධිස්ථානයකට ගෙන යමින් ‘Care’ නමින් නවතම මුව ආවරණයක් වෙළෙඳපොළට හඳුන්වාදීමට සමත් විය. හේලීස් සමූහයට අයත් හේකාබ් හි උප සමාගමක් වන පියුරිටාස් සමාගමේ නිෂ්පාදනයක් වන මෙම නවත ‘Care’ මුව ආවරණය කෝවිඞ් වසංගතයට එරෙහිව පුද්ගල ආරක්ෂාව සඳහාම නිපදවන ලද්දකි. පියුරිටාස් සමාගම අයත් වන හේකාබ් සමූහය සක‍්‍රීය කාබන් නිෂ්පාදනයෙහි ලොව ප‍්‍රමුඛතම සමාගමක් වන අතර මෙම සක‍්‍රීය රන් නිස්සාරණය, වායු පිරිසිදුකරණය, රසායනික ද්‍රව්‍ය පිරිසිදුකරණය, ජල පිරිසිදු කරණය, ආයතනික වායු පිරිසිදුකරණය, ඖෂධ නිෂ්පාදනය ආදී ක්ෂේත‍්‍රයන් ගණනාවක් සඳහා භාවිතා කෙරේ. පොල්කටු අඟුරුවලින් නිෂ්පාදනය කරන සක‍්‍රීය කාබන්, කාබන්මුව ආවරණ සඳහා ද යොදා ගැනීම නිසා මුඛයට හා නාසයට ඇතුළු විය හැකි අහිතර වායූන්ගෙන් ආරක්ෂාව ලබා දෙයි.

 

 

Oxypura සන්නාමය යටතේ වෙළෙඳපොළට හඳුන්වාදෙන ‘Care’ මුව ආවරණය තුළ ඇති සක‍්‍රීය කාබන් පෙරහන මගින් වාතයේ පවතින අහිතකර වායුන් උරා ගනිමින් වඩාත් පිරිසිදු වාතය ආශ්වාසයට මග සලසයි. ඊට අමතරව මෙහි ඇති අනෙකුත් පෙරහන් ස්ථරයන් මගින් ඇසට නොපෙනෙන දුවිලි අංශු මුඛය සහ නාසය තුළින් ශරීර අභ්‍යන්තරයට පැමිණීම වළක්වාලයි. එමෙන්ම මෙහි ඇති තවත් ප‍්‍රතිලාභයක් වන්නේ බැක්ටීරියා පෙරා දැමීම 99%කට අධිකව පැවතීමයි. සියලූම Oxypura නිෂ්පාදනයන්හි ප‍්‍රධානම ප‍්‍රතිලාභය වන්නේ විවිධ පරිසර තත්වයන් යටතේ මෙම නිෂ්පාදනයන් භාවිතා කළ හැකි වීමයි. නිදසුනක් ලෙස සාමාන්‍ය පරිසරයේදී දුහුවිලි අංශු ලෙඩරෝග ආදියෙන් ආරක්ෂාව ලබා දෙන අතර කර්මාන්ත පරිසරයේදී පිටවන අහිතකර වායු, සහ කාර්මික අපද්‍රව්‍යයන්ගෙන් ඇති විය හැකි බලපෑම අවම කිරීමට Oxypura නිෂ්පාදයන්ට හැකියාව ඇත.

Oxypura පවුලේ නවතම නිෂ්පාදනය වන ‘Care’ මුව ආවරණය වැඩි දියුණු කළ විශේෂත්වයන් ගණනාවකින් සමන්විත වේ. මෙහි ඇති සුවිශේෂි ස්ථරයන් මගින් අනු මයික්‍රෝන අංශු පෙරීමකට ලක් කිරීමේ හැකියාව ඇත. මයික්‍රෝන 0.3ක තරම් සියුම් අංශු නවතාලීමට ‘Care’ මුව ආවරණයට හැකි බව විද්‍යාත්මකව තහවුරු වී ඇත. විශේෂයෙන්ම මෙහි අඩංගු වැඩිදියුණු කළ සංයෝගයන් සහිත පෙරහන් ස්ථරයන් මගින් ශ්ලේෂ්මල බිඳිති හෝ තරලයන් මුඛයට හෝ නාසයට ඇතුළුවීම මුළුමනින්ම පාලනය කෙරෙන බැවින් දැනට වෙළෙඳපොළේ ඇති කෝවිඞ් වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා භාවිතයට ගතහැකි ප‍්‍රශස්තම මුව ආවරණය ‘Care’ මුව ආවරණයයි. නාසයේ පිහිටීම මත මුව ආවරණ පැළඳීමේදී නාසය දෙපසින් අපිරිසිදු වාතය මුඛය සහ නාසය තුළට ගමන් කිරීම සාමාන්‍ය මුව ආවරණයක් පැළඳීම තුළ සිදුවිය හැකි වූවද මේ සියලූ දුර්වලතාවන් මඟහැර නිෂ්පාදනය කර ඇතිි ‘Care’ මුව ආවරණයේ නාසය ගැටෙන ස්ථානයෙහි පිහිටි නම්‍යශීලී මෘදු ලෝහ රුඳවුම මගින් මුව ආවරණය නාසයට හොඳින් සම්බන්ධ වන බැවින් නාසය දෙපසින් වාතය කාන්දු වීමේ ඉඩ හැකි තාක් අවම කර ඇත. ‘Care’ නිෂ්පාදනය භාවිතයට ගන්නා පරිසරය සහ භාවිතය අනුව සති 2ක් දක්වා අඛණ්ඩව භාවිතා කළ හැකි වූවද මෘදු භාවිතයකදී එහි ආයුකාලය මාසයක් දක්වා දිගුවන බව පියුරිටාස් සමාගම පවසයි.

1973 වසරේ සිට සක‍්‍රීය කාබන් නිෂ්පාදනය කරන හේකාබ් සමූහය 1995 වසරේදී පියුරිටාස් සමාගම පිහිටුවන ලදි. වසර 50 කට ආසන්න කාලයක් මුළුල්ලේ සක‍්‍රීය කාබන් නිෂ්පාදනය කරන හේකාබ් සමාගම එහි ක‍්‍රියාකාරීත්වය සහ උපයෝගීතාව පිළිබඳව ඉහල දැනුවත් බවකින් පසුවන නිසාම සක‍්‍රීය කාබන් භාවිතා කර නිපදවන Oxypura වැනි නිෂ්පාදනයන්හි කාර්යසාධනය පිළිබඳව කිසිදු සැකයක් නොමැත. සක‍්‍රීය කාබන් ආශ‍්‍රිත නිෂ්පාදනයන්ට අමතරව පාරිසරික ඉංජිනේරු සේවා සපයන මෙරට ප‍්‍රමුඛතම සමාගමක් වන පියුරිටාස් සමාගම ජල පිරිසිදුකරණය, අපජල පවිත‍්‍රකරණය, ශ‍්‍රී ලංකාව, මාලදිවයින තායිලන්තය සහ ඉන්දුනීසියාවේ විවිධ ක්ෂේත‍්‍රයන්ට අදාළව ක‍්‍රියාත්මක කර ඇත.

2005 වසරේදී පියුරිටාස් හි සක‍්‍රීය කාබන් නිෂ්පාදන අංශය පිහිටුවීමෙන් අනතුරුව ගේදොර ආශ‍්‍රිතව දුර්ගන්ධයන් වහනය වන ස්ථානයන්හි එම දුර්ගන්ධය නැති කිරීම සඳහා සක‍්‍රීය කාබන් ආශ‍්‍රිත නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වාදෙන ලදි. 2006 වසරේදී පළමු වරට Oxypura සන්නාමය යටතේ මුව ආවරණ නිෂ්පාදනයට පිවිසි පියුරිටාස් සමාගම මෙම නිෂ්පාදනයන් යතුරුපැදි ධාවකයින්, පින්තාරුකරුවන් සහ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කරන ගොවිජනතාවගේ ප‍්‍රයෝජනය පිණිස හඳුන්වාදෙන ලදි. මෙසේ නිෂ්පාදනය කරන ලද මුව ආවරණ ස්ථරයන් 4ක් හෝ 5කින් සමන්විත වන අතර මෙහි සක‍්‍රීය කාබන් ස්ථරයක්, අංශු පෙරහනක්, ඇතුලත පෙරහනකින් සමන්විත වේ. එමෙන්ම නිසි ලෙස පැළඳිය හැකි පරිද්දෙන් කණට හෝ හිස පිටුපසට සම්බන්ධ කළ හැකි ලෙස මෙම නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වාදෙන ලදි.

කෝවිඞ් 19 වසංගතයේ පැතිරීමත් සමගම මුව ආවරණ සඳහා විශාල ඉල්ලූමක් මෙරට තුළත් ගෝලීය වශයෙන් ද නිර්මාණය වූ අතර දැරිය හැකි මිලකට, කල්පැවැත්මක් සහිත සෞඛ්‍යාරක්ෂිත මුව ආවරණවල දැඩි සමාජ අවශ්‍යතාවක් පැවතින. මෙම වෙළෙඳපොළ සහ සමාජීය අවශ්‍යතාව අවබෝධ කර ගත් පියුරිටාස් සමාගම Oxypura සන්නාමය යටතේ වෙළෙඳපොළට හඳුන්වා දුන් සිය නවතම  ‘Care’ මුව ආවරණය විශාල අපනයන වෙළෙඳපොළක් ද පවතින බව සමාගම පවසයි.

මේ වන විට කෝවිඞ් වසංගතය සාර්ථකව පාලනය කර ගත් රටවල් කිහිපය අතරට ශ‍්‍රී ලංකාව ද ඇතුලත් වන අතර මේ සඳහා අප විසින් භාවිතා කළ නූතන කළමනාකරණ සහ විද්‍යාත්මක එළැඹුම් හේතු වූ බව නොරහසකි. Oxypura Care නිෂ්පාදනය නුතන, විශ්වාසදායී සහ කාලානූරූපි නිෂ්පාදනයක් බව විද්‍යාත්මකව ද තහවුරු වී ඇති අතර කෝවිඞ් 19 වසංගත තත්වයෙන් රටවැසියන් මුදා ගැනීම සඳහා මෙම නිෂ්පාදනය ශ‍්‍රී ලංකාවේ සෑම ප‍්‍රදේශයකටම බෙදා හැරෙන්නේ අභිමානවත් ශ‍්‍රී ලාංකීය නිෂ්පාදයක් ලෙසටය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව